අනුරාධපුර රුවන්වැලිසෑය
මහා විහාර (විශ්‍රාමික)
පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන
සංඝනායක
වහුමුවේ
විජයවංස නා හිමි ප්රශ්නය
“අප කෙතරම් උත්සාහ කළත් ජීවිතය මඟ හරින්නට බැරිය. නගරයක වුවද වනාන්තර
ගුහාවක වුවද ජීවත්වනතුරු ජීවිතයට මුහුණ පෑ යුතුමය. සැබෑ ජීවිතය නම්
දැන් පවත්නා මේ මොහොත මිස මියගිය අතීතයේ මතක සටහන් හෝ නූපන් අනාගතය
පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ ජීවත් වන්නා සැබවින්ම ජීවත්වෙයි. ඔහුට
වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත “ (බුදුන් වදාළ ධර්මය) ඉහත
පාඨයෙන් අවධාරිත අදහස බෞද්ධ භාවනා ක්‍රමයක් ගැන එකඟ විය නො හැකි ද? ඒ
කුමන භාවනාවක් සමඟ ද යන්න පැහැදිලි කරන්න.
පිළිතුර
“භාවනා” ක්‍රමවේදයන්ගෙන් එකක් වන “ආනාපානසති” භාවනාව ඉතා පහසු එකක් වන
අතර “ජීවිතෙන්ද්රිය” හා සමීපතම භාවනාවයි. චිත්ත ඒකාග්‍රතාව දියුණු
කිරීම අරමුණුකොට උසස් ධ්‍යාන සමාපත්ති වලට ද හේතුකාරක වන්නේය. ඉහත
සඳහන් පාඨයෙන් අවධාරිත පී‍්‍රතිමත් මිනිසා නිර්මාණය කිරීමේ හැකියාව
“ආනාපාන” සති භාවනාවෙන් සිදුවීමද සුවිශේෂයෙකි. නිර්වාණාවබෝධය ඇතුළු
කෙබඳු අවබෝධයකට වුවත් මෙම චිත්ත ඒකාග්‍රතාව අත්‍යවශ්‍යය.
මේ හැර ආනාපානසති භාවනාවෙන් වහාම ලැබිය හැකි ප්‍රතිඵලද වෙයි. එය අපේ
සෞඛ්‍යයටද විශ්රාමයටද සුව නින්දකටද දෛනික කටයුතු සඳහා මනා
කළමනාකාරිත්වය හේතු වන යහපත් සිහියද ලබාදෙයි. තමා කරන කටයුත්තෙහි ජීවත්
විය යුතුය.අප බොහෝ විට ජීවත්වන්නේ අප කරන කටයුතු වල හෙවත් දැන් පවත්නා
මේ මොහොතේ නොවේ. වර්තමානය අමතක කොට අපි අනාගතයෙහි ජීවත්වෙමු. අපි වැඩක
යෙදෙන බවක් පෙනෙන නමුත් අපේ සිතිවිලි අපේ අතීතය පිළිබඳ හැඟීම්වලට හෝ
අනාගතය පිළිබඳ සිහින කල්පනා ප්‍රාර්ථනාවලට අයත්වෙයි. බුදුරජාණන් වහන්සේ
වදාළ පරිදි අපි අපේ වර්තමානික කටයුතුවලදී සිහිය පවත්වා ගනිමු. (සත්
සම්පජඤ්ඤ) කරන කටයුත්තෙහි හෙවත් මේ මොහොතෙහි ජීවත් විය යුතුය.
ප්රශ්නය
පුරා පන්සාළිස් වසක් මුලුල්ලේ ඉටුකළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය ලොකාර්ථ
චර්යාවයි. ඒ සඳහා උන්වහන්සේ වෙත භාවිත බහුලීකෘත මහා කරුණාව හා
මහාප්‍රඥාවෙන් පිරි චරිතාපදානයන් ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහාත්ම
ශක්තියත් හේතුභූත විය.ඒ ශක්තිය ගොඩනැඟීමට හේතු කාරක වශයෙන්
උන්වහන්සේගේ චරිතය පිළිබඳව සැඟවිය යුතු නැති (අනාවරණය වූ ) චෝදනා නොකළ
හැකි කරුණු තුනකුත් ඇති බව තථාගත ශ්‍රී මුඛ දේශනාවන් පෙළ පොත්වල
සඳහන්වෙයි. බුද්ධ චරිතාපදානයෙහි ඇති මේ තොරතුරු පිළිබඳව පැහැදිලි
කිරීමක් කරන්න.
පිළිතුර
තථාගතයන් වහන්සේට සැඟවිය යුතු කරුණු 04 ක් වෙයි. එනම්
1. සුපිරිසිදු කාය වාග් සමාචාර
ඇතිබව
2. කාය දුශ්චරිතයෙන් තොරබව
3. වාග් දුශ්චරිතයෙන් තොරබව
4. මනො දුශ්චරිතයෙන් තොරබව
මේ සියල්ල එක්තැන් වූ සම්‍යග් ආජීවයක් ඇතිබව වදාළසේක.
චෝදනා නොකළ හැකි කරුණු 03 කි.
1. තථාගත ධර්මය ස්වාක්ඛාත නොවේ යැයි චෝදනා කළ නොහැක.
2. තථාගත ධර්මය නිර්වාණගාමී නොවේයැ ‘යි චෝදනා කළ නොහැක
3. තථාගත ධර්මය ප්‍රතිපදා මාර්ගයක් වශයෙන් මැනවින් නොපණවන ලදැයි චෝදනා
කළ නොහැක.
|