UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

79 වන කොටස

388.
යථාපි මූලේ අනූපද්දවේ දළේහ
ජින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති
ඒවම්පි තණ්හානුසයේ අනුහතෙ
නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං

හොඳ මුලක් ඇති ගසක් – වැනසී ම පහසු නෑ
ඒ ලෙසම තණ්හාව වැනසුමත් පහසු නෑ
තණ්හාව - ටිකෙන් ටික අඩු කළොත්
සැනසීම ටිකෙන් ටික –ඔබ වෙතට එන්නේ ය.

339.
යස්ස ඡත්තිංසති සොතා - මනාපස්සවනා භුසා
වහා වහන්ති දුද්දිට්ඨි – සංකප්පා රාගනිස්සිතා

තණ්හාව තිස් හයක – ආකාරයෙන් ගළයි. එහි සිටින සරාගී -ඔබ දුගතියට යැවෙයි.
රාග සිත – හසුරුවා ගත යුතු ය – නැතහොත් ඔබ නිසැකවම –දුගතියට යන්නේය.

340.
සවන්ති සබ්බධි සොතා - ලතා උබ්භිජ්ජ තිට්ඨති
තඤ්ච දිස්වා ලතං ජාතං - මූලං පඤ්ඤාය ජින්දථ

පසිඳුරන් හා වෙලී - සෑම අතින් ගලායන – තණ්හාව නුවණැසින් – නසාලිය යුත්තේය. තණ්හාව - මෙල්ල කළ යුත්තේ ය- නැතහොත් ඉන් ජීවිතය – නැසී යනු නිසැකමය.

341.
සරිතානි සිනෙහිතානි ච
සෝමනස්සානි භවත්ති ජන්තුනො
තේ සාතසිතා සුඛෙසිනො
තෙ වේ ඡාතිජරූපගා නරා

පසිඳුරන්ගෙන් ලැබෙන – සතුට නැවත ද පතන – නිසාවෙන් මේ සසර – තව තවත් දික් කෙරෙයි.
තණ්හාව -හොඳම මිතුරකු නොවේ.
නුවණැසින් තණ්හාව - ඇසුරු කළ යුත්තේ ය.

මතු සම්බන්ධයි

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]