| 
			 
			  
			79 වන කොටස බණ්ඩාර මඩුගල්ලේ  
			 
			388. 
			යථාපි මූලේ අනූපද්දවේ දළේහ 
			ජින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති 
			ඒවම්පි තණ්හානුසයේ අනුහතෙ 
			නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං 
			 
			හොඳ මුලක් ඇති ගසක් – වැනසී ම පහසු නෑ  
			ඒ ලෙසම තණ්හාව වැනසුමත් පහසු නෑ 
			තණ්හාව - ටිකෙන් ටික අඩු කළොත්  
			සැනසීම ටිකෙන් ටික –ඔබ වෙතට එන්නේ ය. 
			 
			339.  
			යස්ස ඡත්තිංසති සොතා - මනාපස්සවනා භුසා 
			වහා වහන්ති දුද්දිට්ඨි – සංකප්පා රාගනිස්සිතා 
			තණ්හාව තිස් හයක – ආකාරයෙන් ගළයි. එහි සිටින සරාගී -ඔබ දුගතියට යැවෙයි.
			 
			රාග සිත – හසුරුවා ගත යුතු ය – නැතහොත් ඔබ නිසැකවම –දුගතියට යන්නේය. 
			 
			340.  
			සවන්ති සබ්බධි සොතා - ලතා උබ්භිජ්ජ තිට්ඨති 
			තඤ්ච දිස්වා ලතං ජාතං - මූලං පඤ්ඤාය ජින්දථ 
			පසිඳුරන් හා වෙලී - සෑම අතින් ගලායන – තණ්හාව නුවණැසින් – නසාලිය 
			යුත්තේය. තණ්හාව - මෙල්ල කළ යුත්තේ ය- නැතහොත් ඉන් ජීවිතය – නැසී යනු 
			නිසැකමය. 
			 
			341. 
			සරිතානි සිනෙහිතානි ච 
			සෝමනස්සානි භවත්ති ජන්තුනො 
			තේ සාතසිතා සුඛෙසිනො 
			තෙ වේ ඡාතිජරූපගා නරා 
			පසිඳුරන්ගෙන් ලැබෙන – සතුට නැවත ද පතන – නිසාවෙන් මේ සසර – තව තවත් 
			දික් කෙරෙයි. 
			තණ්හාව -හොඳම මිතුරකු නොවේ. 
			නුවණැසින් තණ්හාව - ඇසුරු කළ යුත්තේ ය. 
			 
			මතු සම්බන්ධයි  |