UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සඳ හිරු පවතින තාක් එකම රටක් එකම දැයක් එකම ධජයක් යටතේ ශ්‍රී ලංකාව පවත්වා ගැනීමට රණවිරුවන් ගත් උත්සාහයට සිහිවටනයක් ලෙස දිවයිනේ සෑම පළාතකම ඉදි කරනු ලබන ස්ථූප අතරින් ප්‍රථම ස්ථූපය වන අනුරාධපුර “සඳහිරු සෑයේ” ගඩොල් බැම්ම බැඳීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඉකුත්දා (04) ආරම්භ විය.
සෙත් පිරිත් සජ්ඣායනා හා බෙරකරුවන් 200කගේ ශබ්ද පූජා මධ්‍යයේ ජනාධිපතිතුමා විසින් මෙම සඳහිරු සෑයේ දෙවන අදියරේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය. අතීතයේ ස්ථූපයක් ගොඩනැඟීමේ දී අනුගමනය කළ සියලුම ආගමික වතාවත් හා වත්පිළිවෙත් අනුව මෙම සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
අනුරාධපුර මහ මෙවුනා උයනේ මෙම සඳහිරු සෑය ඉදි කෙරෙන අතර, ස්ථූපයේ අත්තිවාරම මේ වන විට ගොඩනඟා අවසන් කර ඇත. මෙම සඳහිරු සෑය උසින් අඩි 244 කි. විශ්කම්භය අඩි 215 කි. ගඩොල් මිලියන 40ක් පමණ මෙම ස්ථූප ඉදි කිරීම සඳහා වැය වෙතැයි අපේක්ෂිතය.
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය මධ්‍යයේ මෙම ස්ථූප ඉදි කෙරෙනු ඇත. පෞද්ගලික ධන පරිත්‍යාග සහ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ස්ථූප 09 ඉදි කෙරේ.
එම අවස්ථාවට අටමස්ථානාධිපති පූජ්‍ය, පල්ලේගම සිරිනිවාස නාහිමියන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව 1994.01.23 දින යාපනය මාදගල් ප්‍රදේශයේදී ස්ථාපනය කර 2012 ජනවාරි 23 දිනට වසර 18 ක් සපිරීම නිමිත්තෙන් වත්මන් ඒකක අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සාමන්ත වික්‍රමසේන ආර්ඩබ්පි ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා ධරණීය තලය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන්කර මියගිය වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කර ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනය කිරීමත්, සටනේදී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වූ විරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ බළඇණිය සමගින් රාජකාරි කරනු ලබන සියලුම රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සැමට සෙත් ප්‍රාර්ථනය කිරීම අරමුණු කර ගනිමින් ඉකුත් නොවැම්බර් 30 දින රුවන්වැලි මහා සෑ පුුදබිමේදී කප්රුක් පූජා පුණ්‍ය කටයුත්ත අඛණ්ඩව 03 වන වරටත් පවත්වන ලදී. ඒකකයේ අණදෙන නිලධාරීතුමා ඇතුළු සියලු නිලයන්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ ආගමික වතාවත්වලට සූදානම් වූ අවස්ථාව.

දෙහිවල, කරගම්පිටියේ ශ්‍රී මේධංකර විහාරාධිපති දීගල පියදස්සි හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පසුගියදා දෘෂ්‍ය ආබාධිතයන් සඳහා ඇස් කණ්නාඩි සහ සුදු සැරයටි පරිත්‍යාග කිරීමක් ද අනුරාධපුර විජිතපුර දිළිදු පවුලක් සඳහා විදුලිය සහ ජලය ලබා ගැනීමට මුදල් පරිත්‍යාගයක්ද එම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.

 
 
නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 11.35 ට ලබයි.
15 වන දා බදාදා පූර්ව භාග 9.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 21 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]