ලෝකය
			දකින විධියේ
			වරදින් 
			අප දුක් විඳින 
			හැටි
			
			 
			
			 බෝගොඩ 
			ප්‍රේමරත්න 
			ප්‍රවීන අධ්‍යාපනඥයෙකු සහ  
			හිටපු විභාග කොමසාරිස්වරයෙකු ද වේ 
			 
			බුදු හිමියන් ලෝකය දුටුවේ පෘථග්ජන අප හැමෝ ම ලෝකය දකින විධියට නොවෙයි. 
			* ලෝකය ගැන අප නො - දකින ඇත්ත උන්වහන්සේට දකින්න පුළුවන් වූයේ, 
			උන්වහන්සේ ගේ මානසික ජීවිතය මුළුමනින් ම සුවිශේෂ පරිවර්තනයකට භාජන 
			වීමක් සිද්ධ වූ නිසා ය. 
			- එනම් “ බුද්ධත්වයට” පත්වීම ය කියන සිද්ධියත් - 
			- එහි ප්‍රති-ඵලය වූ “ නිර්වාණය’ යි කියන නිදහස් සුවයත් උදාවීමේ 
			හේතුවෙන් ය. 
			* “ බුද්ධත්වයට පත්වෙනවා” ය කියන්නේ, ඉතා කෙටියෙන්, රාගක්ඛය, දෝසක්ඛය, 
			මෝහක්ඛය = රාග - දෝස - මෝහ යනුවෙන් පෘථග්ජන අප හැමෝගෙ ම මනස වැසී තියෙන 
			මානසික රෝගී තත්ත්වයෙන් සදහට ම, සහමුලින් ම මිදී සුවපත්වීමයි.  
			* ඒ සිද්ධිය එකක් හැටියට ගත් කල “ ආසවක්ඛය- ඤාණය හෙවත් ආස්‍රවයන් ක්‍ෂය 
			වීමේ හේතුවෙන් උදාවන්නා වූ නුවණ” කියා හැඳින් වෙයි. 
			* ඒ සිද්ධිය මාර්ගඤාාණය හැටියටත් එහි ප්‍රතිඵලය සියලු දුක් නමැති 
			රෝගයෙන් සදහට ම නිදහස් වීමේ හේතුවෙන් උදාවන්නා වූ සුවපත් බව, “ සුවය” 
			හෙවත් “ නිවන” වන්නේ ය. 
			* ලෝකය පිළිබඳ අපට නොපෙනෙන ඇත්ත තත්ත්වය බුදු හිමියන්ට දකින්නට පුළුවන් 
			වූයේ, මේ කියූ ආශ්‍රව - රෝගී තත්ත්වයෙන් නිදහස් වීමේ හේතුවෙන් උදා වූ 
			පරම පවිත්‍ර ඤාණයේ ආධාරයෙන් ය. 
			* ඒ ඤාණය තුළින් ම උන්වහන්සේ තුළ පහළ වූයේ, මෝහය නිසා ලෝකය පිළිබඳ 
			ඇත්ත නොදැකීමේ හේතුවෙන් දුක් විඳින අප වැන්නවුන් කෙරෙහි මහා කරුණාවක් 
			ය, අනුකම්පාවක් ය. 
			* ඒ නිසා, ඒ දුක් – කන්දරාවෙන් නිදහස් වීමට කැමැත්තක් ඇති අප වැනි 
			පෘථග්ජනයන් වෙනුවෙන් – අප විසින් ම අවබෝධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා 
			කාරකම් හතරක් එකට ගොනු කොට, ආර්ය සත්‍යයන් හතරක් හැටියට ඉදිරිපත් කොට 
			තිබෙනවා. 
			ලෝකයේ තියෙන දේවල් මගේ ජීවිතයට මුණගැසෙන හැටි 
			අප ගේ ඇස් - කන් – නාසය – දිව හා ශරීරය යන ඉන්ද්‍රිය පහ හරහා මනසට 
			ගොදුරු වන ලෝකයේ තියෙන දේවල් දිහා, ඔබත් මාත් දෙ – ආකාරයකින් බලන බව 
			වටහා ගත යුතු ය! යන්න බුදු හිමියන් විසින් බුදු- දහම තුළින් අපට ලබා දී 
			තිබෙන අනුශාසනය යි. 
			* එයින් එකක් වන්නේ - 
			බාහිර ලෝකයේ භෞතික වස්තු එහෙම ම තිබිය දී, අප ගේ ඉන්ද්‍රියයන්ට හමු වන 
			විධියට අනුව ම අත් විඳිනු ලැබිමයි. 
			* රූප - ස්කන්ධ කියන්නේ ඉන්ද්‍රියයන්ට ගොදුරු වන ආරම්මණ වස්තුවලටයි. 
			අනෙක 
			* ඉන්ද්‍රිය - සංඥා වශයෙන් මනසට ඇතුල් වී හඳුනා ගනු ලැබූ දේවල මානසික 
			ප්‍රතිරූප හා ඒවා ආශ්‍රිත හැඟීම් ( වේදනා ) පදනම් කර ගෙන, 
			සංස්කාරස්කන්ධ වශයෙන් හිතේ හිතුමනාපයට, හිත ඇතුළේ ම ගොඩනගා ගන්නා වූ 
			දේවල් ය. 
			ලෝකයේ තියෙන දේවල් අප ගේ ජීවිතය හා ඒකාබද්ධ වන ආකාරය 
			ලෝකයේ තියෙන ඕනෑ ම දෙයක අර්ථය – අගය – වටිනාකම රඳා පවතින්නේ, එය අප 
			අත්විඳිනු ලබන ජීවිතයට සම්බන්ධ වීම අනුව බව තේරුම් ගැනීම අමාරු දෙයක් 
			නොවෙයි. 
			* දේවල ඇති, අපට හිතාගන්න වත් අමාරු වටිනාකම කුමක් ද? 
			* බාහිර ලෝකය අප ගේ මානසික ලෝකයට ඇතුල් වන්නා වූ විධි හතක් ගැන බුදු 
			දහම තුළ කියැවෙනවා. 
			1. දුටු විදියට ( දිට්ඨ ) 
			2. ඇසුණු විධියට ( සුත ) 
			3. සංකල්පිත ( මුත ) 
			4. දැනුවත් වූ විධියට ( විඤ්ඤාත ) 
			5. තත්ත්වයට පත්වු ( පත්ත ) 
			6. පරීක්‍ෂණයට භාජනවූ ( පරියේසිත ) 
			7. විමසා බැලීමට භාජන වූ ( මනසා අනුවිචරිත ) 
			* මේ බාහිර දේවල් “ අත්දැකීමට හවුල් වූ” යනුවෙන් අතීත – කෘදන්තයෙන් 
			ප්‍රකාශ කර තිබෙන බව පෙනෙනවා ඇත. 
			* එයින් අදහස් වන්නේ, මේ දේවල් සවිඤ්ඤාණික සචේතනික පුද්ගලයකු විසින් 
			ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ම, ඇති හැටියට ම අත්විඳිනු ලැබූ දේවල් බවයි. 
			* කනෙන් හා ඇහෙන් ඇසූ - දුටු වශයෙන් ලබා ගන්නා අරමුණුවල – නාසයෙන් – 
			දිවෙන් - ශරීරයෙන් ලබා ගන්නා අරමුණුවලට වඩා වෙනසකට තියෙන්නේ - 
			- ඒවා යථා තත්ත්වයෙන් දුරස්ථ වන්නට, වෙනස් වන්නට, වරදවා තේරුම් ගන්නට, 
			බොහෝ සෙයින් ඉඩ තියෙන බවයි. 
			- ඒ එසේ වුණාට, ඉන්ද්‍රිය පහ අතරින් ජීවිතයට ඉතාමත් වැදගත් වන්නේ මේ 
			ඉන්ද්‍රිය මාධ්‍යයන් දෙක බව පැහැදිලි ය. 
			* අනෙක් ඉන්ද්‍රියයන් තුන හරහා ලැබෙන තොරතුරුවල ගැටලුවක් නැති නිසා, 
			ඒවා පිළිබඳ විස්තර නොකෙරෙනවා විය හැකියි. 
			* බාහිර ලෝකය අප ගේ “ මානසික” ජීවිතයත් සමග “ මුත” හා “ විඤ්ඤාත “ 
			වශයෙන් සම්බන්ධ වන විධි අතිශයින් වැදගත් ය. 
			මෙසේ බාහිර ලෝකය සතු දේවල්, නොහොත් “ රූප ස්කන්ධය” මගේ ඇස් කන් ආදී 
			ඉන්ද්‍රිය පහට හසුවීම තුළින්, 
			“මුත” වශයෙන් ( මඤ්ඤති) කියා හිතට, මනසට දැනෙන්නේ කෙසේ ද, 
			විඤ්ඤාත වශයෙන් ඉන්ද්‍රිය හරහා එළිදරව් වන්නේ කෙසේ ද, ඒ තරමට ම ඒ දේවල් 
			ඇත්තයි, සැබෑවයි, “ යථා භූත “ හෙවත් තිබුණු විධියට ම, හටගත් විධියට ම, 
			මනස විසින් අත්දකිනු ලැබූ බවයි. 
			* ඒ ඇත්ත තුළ “ වේදනා” වශයෙන් ඒ ඉන්ද්‍රිය ස්පර්ශයට අදාළ වින්දනයකුත්, 
			ඒ අනුව සඤ්ඤා වශයෙන් මනසට ලැබෙන බාහිර වස්තුවේ බාහිර ලක්‍ෂණ පිළිබඳ 
			දැනුවත් වීමකුත්, 
			- ඒවා මනස නමැති ඉන්ද්‍රිය තුළ එකිනෙකට සම්බන්ධවීමෙන්, සංසන්දනය 
			වීමෙන්, සිදුවන්නා වූ සංස්කාරමය ක්‍රියාදාමය තුළින් බිහිවන සිතුවිලි, 
			අදහස්, මත ආදිය මනසට අයිති “ ධම්මා” කියන සැබෑ දේපළ හැටියටත් සැලකිය 
			හැකියි. 
			* ඒවා පඤ්චස්කන්ධය නම් වූ සැබෑ අත්විඳීමට අයිති බාහිර ලෝකයයිත 
			* අත් – දැකීම බුදු හිමියන් විසින් මේ ආකාරයට විග්‍රහකොට, පෙන්වාදීමේ 
			වැදගත් ම අරමුණ : මේ සිද්ධීන් මෙහෙය වන, හසුරුවන, පාලනය කරන, පාලකයකු 
			වත්, “අයිතිකරුවෙකු” වත් නැතුව ම හේතු - ප්‍රත්‍ය වශයෙන් සිද්ධ වන 
			දේවල් පමණක් ම බව වටහා ගැනීමට උදව් කිරීමයි. 
			* “සංස්කාරස්කන්ධ” කියන ඒ මානසික නිෂ්පාදන ක්‍රියාදාමයට තියෙන අසීමිත 
			නිදහස නිසා, බාහිර ලෝකයෙන් ලබා ගත් ඉන්ද්‍රිය දත්තයන් අනිසි ලෙස, 
			භාවිතයට ගැනීමට කොතෙකුත් ඉඩ තිබෙන නිසා, සිදුවිය හැකි ව්‍යසනයටත් 
			පුද්ගලයා ගොදුරු වෙයි. 
			- ඒ බව අවබෝධ කර ගෙන සිටීම අතිශය වැදගත් ය. 
 
			මේ ආකාරයට “ ලෝකයේ තියෙන දේවල් “මගේ” ජීවිතයට මුණගැසෙන විධිය” යටතේ අප 
			විසින් තේරුම් කර දෙන්නට යෙදුණේ. 
			- විඤ්ඤාණ – පච්චයා - නාම – රූපං හෙවත් විඤ්ඤාණය කියන සංස්කාර - 
			සිද්ධියක් සිද්ධ වීමේ හේතුවෙන්, “නාම” කියන මානසික ලෝකයත්, “රූප” කියන 
			බාහිර භෞතික ලෝකයත් අතර සම්බන්ධයක් හටගෙන ඇත්තේ ය” යන පට්චිච සමුප්පන්න 
			සිද්ධියයි. ලෝකය අත්දකිනු ලබන මූලික විධියයි. 
			* දැන් අප ලෝකයේ තියෙන දේවල් අප ගේ ජීවිතය තුළ “ පණගැන්වෙන්නේ” කෙසේ ද 
			කියා තේරුම් කර දෙන්නට උත්සාහ කරන්නේ - 
			“ නාම – රූප පච්චයා සළායතනං” කියන පටිච්ච සමුප්පන්න සිද්ධිය ඉදිරියෙන් 
			ඉදිරියට වැඩෙමින් – දියුණු වෙමින් දිවයන ආකාරයටයි. 
			- එනම් ඇස් - කන් – නාසය – දිව - ශරීරය හා මනස යන ඉන්ද්‍රියයන් හයත් - 
			- එකිනෙකට විශේෂ වූ රූප - සද්ද – ගන්ධ – රස - ඵොට්ඨබ්භ – හා ධම්මා යන 
			අරමුණු හයක් වශයෙන් ය. 
			* නාම – රූප – විඤ්ඤාණ යටතේ ඇහැට පෙනුණු රූපය කුමක් ද? කනට ඇසුණු ශබ්දය 
			කුමක් ද ? කියා නිශ්චය වශයෙන් ම අරමුණ හඳුනා ගැනෙන බව කියැවෙන අතර 
			සළායතන යටතේ අරමුණු හැටියට හඳුන්වා දෙන්නේ පොදුවේ හැම රූපයක් ම, පොදුවේ 
			හැම ශබ්දයක් ම, පිළිබඳවයි. 
			* චක්ඛු = ඇස හා රූපය අතර ඇති බැඳීම, නාම – රූප යටතේ, ඇසට එකඑල්ලේ හසු 
			වන්නා වූ කායික ශරීරය වැනි භෞතික වස්තුවල හැඩය හා වර්ණය වැනි සංඥාවන් 
			ය. 
			* සළායතන යටතේ, සළායතන හා ඵස්ස - වේදනා එකට ගත් කළ, එය “ රූප” හිතෙන් 
			අත්විඳිනු ලබන අත්විඳීම් වන්නේ ය – අත්දැකීම් වන්නේ ය. 
			* රූපය රූපයක් හැටියට හඳුනා ගැනීමෙන් එහාට ගිය බොහෝ සෙයින් ගැඹුරට ගිය 
			“ අත් විඳීමක් වන්නේ ය. – වරදට වැටෙන්නට බොහෝ සෙයින් ඉඩ – කඩ සපයන “ 
			අත් විඳීමක්” වන්නේ ය. 
			* මෙහි දී බුදු හිමියන් විසින් කෙරෙන අනතුරු ඇඟවීම තේරුම් ගත යුතු 
			දෙයක් ය.  
			තමන් හා ලෝකය දෙස බලන විධියේ වරදින් මිනිසා දුක් විඳින හැටි කෘතියෙනි. 
			 
			මතු සම්බන්ධයි  |