| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 බුදුරජාණන් වහන්සේ 
										මහියංගණ පුද බිමට වැඩම කර 2600 වන වසර 
										සැමරීමේ මහා පුණ්‍යෙීත්සවය ජනාධිපති 
										මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 
										ඓතිහාසික මහියංගණ රාජ මහා විහාරස්ථානයේදී 
										ඉකුත් දුරුතු පෝදා පැවැත්විණි. එහිදී 
										කිරින්දේ අස්සජි හිමියන් ජනාධිපතිතුමාට 
										ආශිර්වාද කරන අයුරු. ස්‍යාමෝපාලිවංශික මහා 
										නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 
										මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල 
										බුද්ධරක්ඛිත මහ නාහිමියෝ ද මෙහි වෙති. 
										ඡායාරූපය සුදත් සිල්වා  | 
								 
								
									
                   
			                   | 
                				 
								
									| 
										 රුපියල් ලක්ෂ 800 ක 
										වියදමෙන් ලේක්හවුස් ආයතනයේ වෙළෙඳ මුද්‍රණ 
										අංශයේ ස්ථාපිත කළ වෙබ් ඕෆ්සෙට් නව මුද්‍රණ 
										යන්ත්‍රය සීමාසහිත එක්සත් ප්රවෘත්ති 
										පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ 
										ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර 
										මහතා අතින් මහ සඟ රුවනෙහි සෙත් පිරිත් 
										සජ්ක්‍ධායනා මධ්‍යයෙහි ක්‍රියාත්මක කළ 
										අවස්ථාව. ඉකුත් දුරුතු පෝදා “ බුදුසරණ” 
										පුවත්පත එහි මුද්‍රණය කැරිණි. එක්සත් 
										ප්රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල 
										අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් 
										අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ 
										රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය 
										අමරදාස , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි 
										(මුද්‍රණ) කමල් විජේසූරිය මහත්වරු ද මෙහි 
										වෙති. ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පත් හා 
										ඝනකම හා තුනී පිටු සහිත පොත්පත් මුද්‍රණය 
										කළ හැකි මේ නව යන්ත්‍රය ක්‍රියාත්මක 
										කිරීමේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ 
										පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරු හා අංශ 
										ප්‍රධානීහුද සහභාගිවූහ. 
										 
										ඡායාරූපය නිශ්ශංක විජේරත්න  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			රේරුකානේ මහ නා හිමියන්ගේ මහා ශාසන සේවයට වසර 106 යි
						
			 
			රේරුකානේ චන්දවිමල නාහිමියන් මතු වන්නේ පඤ්ච මහා බලවේගයේ පුරුකක් ලෙස 
			ජාතිකත්වය අගයන රජයක් පත්කර ගැනීමේ ප්‍රාදේශීය ක්‍රියාශීලියකු ලෙස හා 
			2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විපුල සේවයක් කළ උතුමකු වශයෙනි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					
					දුරුතු අව අටවක පෝය 
					
					දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා 
					පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 
					දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය. 
					 
					මීළඟ පෝය  
					ජනවාරි 22 වන දා ඉරිදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |