මියුගුණ මහ සෑ වන්දනාව අසදෘශ්ය මහා පින්කම
දුරුතු පෝදා
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පළමුවරට මෙරටට වැඩමකර අවුරුදු 2600 ක්
සම්පූර්ණවීම නිමිති කොටගෙන 2012 දුරුතු මස පසළොස්වක පොහෝ දින මයියංගණය
රජමහ විහාරස්ථානයේ දී ‘’මියුගුණ මහ සෑ වන්දනාව - අසදෘශ්ය මහ පින්කම සහ
සර්වඥ කේශ ධාතු ප්රදර්ශනය’’ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉතිරිය»
අලුතෙන් සිතන්න අලුත් වසරකට
දැන් ඔබට අලුත් වසරක් ලබා තිබේ. ගෙවී ගිය වසර ගැන ඔබට සතුටු විය හැකි
ද? යම් යම් කරුණු හා සිද්ධීන් පිළිබඳ ඔබ සමාජ සම්මතයෙන් සතුටු වන්නට
ඇත. ඔල්වරසන් දී හඬ නඟා සිනාසෙන්නට ඇත. ඇත්තටම ඒවා සතුටු විය යුතු
දේවල් ද? අවුරුද්ද සකස් වී ඇත්තේද දවස් වලිනි. එදිනෙදා දවස තුළ ඔබ හොඳ
දෙයක් කළේ නම් අවුරුද්ද පුරා හොඳ වැඩ කර ඇත. හොඳ යන වචනයෙන් කියන්නේ
කුසල්ය. හොඳ යන්න පුද්ගල නිශි්රත හා විෂය නිශි්රත වශයෙන් දෙකකි.
පුද්ගල නිශි්රත වන්නේ තමන් පිළිබඳ දේය. විෂය නිශි්රත වන්නේ සමාජය
පිළිබඳ දේය. ඔබ පුද්ගලයෙකු වුවද සමාජ සත්වයෙකි. එනිසා ඔබෙන් සමාජයට
කරදර නො විය යුතුය. බුදුදහම හැම තැනම හැමදාම උගැන්නුවේ සමාජයට කරදර
හිරිහැර නොකර පුද්ගල සංවර්ධනය විය. සංවර්ධනය පිළිබඳ කොතෙක් කථාකළත්,
ලිව්වත් පුද්ගල සංවර්ධනය නැතිනම්, පුද්ගල සංවර්ධනයෙන් තොර නම් එය
දියුණු රටක් නොවේ. පුද්ගලයන් සංවර්ධනය කොට මිනිසුන් හදා තනා භෞතික
සම්පත් වර්ධනය කිරීම බෞද්ධ සම්ප්රදායයි. භෞතික පරිසරය දියුණු කොට
සංවර්ධනය කොට මිනිසුන් සංවර්ධනය කිරීම භෞතික සම්ප්රදායයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බුදුගුණ අප්රමාණයි
අනේපිඬු සිටුතුමා දැන් බලවත් දුකින් කල්පනා කර කර ඉන්නවා. එතැනට ආව අර
පුණ්ණා නමැති දාසිය, පුණ්ණා දාසිය අහනව මොකද සිටුතුමනි අද ලොකු හිත්
අමාරුවකින් වගේ අනේපිඬු සිටුතුමා කියනව බුදුරජාණන් වහන්සෙ දෙව්රම්
විහාරයෙ නවත්ත ගන්න බැරි වුනා.
ඉතිරිය»
අමරපුර සිරි සුමන මහා නිකායට
දෙසිය වසරක් සපිරේ
දඩළු පරම්පරායත්ත අමරපුර සමාගම නම් වූ අමරපුර සිරි සුමන මහා නිකායේ
දෙසීය වන සංවත්සර මහෝත්සවය පන්නිපිටියේ දෙව්රම් මහා විහාරයේදී ඉකුත් 26
වනදා පස්වරුවේ පැවැත්විණි.
ඉතිරිය»
|