UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙල්ලව ජිනරතන නා හිමි

පැවිදි නම
දෙල්ලව ජිනරතන නා හිමි

තනතුරු නාමයන්
හිනිදුම්පත්තුව ඇතුළු මාතර පළාතේ උප ප්‍රධාන සංඝනායක

වැඩ වසන පන්සල
ශ්‍රී නාථාරාම විහාරය, දෙල්ලව මොරවක

උපන්දිනය
1944 මැයි 15 වන දින

පියා
ඩී.එච්. අබේතුංග මහතා

මව
එච්.එල්. එන්. ගුණවර්ධන මාතාව

සහෝදර සහෝදරියන්
සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් පස් දෙනකු පමණ

ගිහිනම
හසනසිරි අබේතුංග

මූලික අධ්‍යාපනය
දෙල්ලව රජයේ මිශ්‍ර පාඨශාලාව
තවලම රජයේ මිශ්‍ර පාඨශාලාව

උසස් අධ්‍යාපනය
මොරවක ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන ගොඩපිටියේ ජේතවන පිරිවෙන
ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන
රත්මලාන පිරිවෙන් ගුරු විදුහල
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලබාගැනීම

පැවිදි වීම
1956 ඔක්තෝම්බර් 08 වන දින

උපාධ්‍යයන් වහන්සේ
ඇල්ගිරියේ විපුලසාර නාහිමි

ආචාර්යන් වහන්සේලා
දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරාධිපති දෙල්ලව සිරි ප්‍රඤ්ඤානන්ද මා හිමි.
ගොඩපිටියේ රාජ මහා විහාරාධිපති වැලිහේනේ සිරි ඉන්දසර නාහිමි,

උපසම්පදා වීම
1966 ජුනි මස 24 වන දින මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම
අකුරැස්ස ගොඩපිටිය ජේතවන පිරිවෙනේ කෘත්‍යාධිකාරි ධූරයට පත්වීම (1968)
එම පිරිවෙනේ ආචාර්ය ධූරයට පත්වීම (1968)
එම පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත්වීම (1971)
අකුරැස්ස මාරඹ විද්‍යා ශ්‍රී පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත්වීම (1978)
අකුරැස්ස පරදූව ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරයේ අධිපති ධූරයට පත්වීම (1980)
දෙල්ලව ශ්‍රී නාථාරාම පුරාණ විහාරයේ අධිපති ධූරයට පත්වීම (1981)
මොරවක ශ්‍රී විජය පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත්වීම (1982)
බටුවංගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති ධූරයට පත්වීම (1983)
බටුවංගල සමථ මූල මණ්ඩලයේ සභාපති ධූරයට පත්වීම (1990)
ගාලු දිස්ත්‍රික්කයේ සාමදාන විනිශ්චයකරුවෙකු ලෙස පත්වීම (1991)
දෙල්ලව ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත්වීම (1995)
නෙළුව ප්‍රාදේශීය විහාරාධිපති සංගමයේ සභාපති ධූරයට පත්වීම (2000)

කීර්ති ශ්‍රී ධර්මරක්‍ෂිත ගෞරව නාමය සහිතව හිනිදුම්පත්තුව ඇතුළු මාතර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධූරයට පත්වීම (2002) ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ උපසභාපති ධූරයට පත්වීම (2008)

දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානයේ ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙන ආරම්භ කර පවත්වාගෙන යාම සහ දැනට එහි කෘත්‍යාධිකාරි ධූරය දැරීම (1987) සද්ධර්ම විශාරද ගෞරව නාමය සහිතව ගාලු මාතර දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක ධූරයට පත්වීම (2009)

රෝහණ සංඝ සභාවේ උපසම්පදා කාරක සභික ධූරයට පත්වීම (2010 )

පාලනය කරන පන්සල් :- දේවාලේගම ශ්‍රී සුගත විහාරය පොල්ගම්පල ධර්මරාජ විහාරය

දහම් පාසල්

දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානයේ සිරි ප්‍රඤ්ඤානන්ද නමින් දහම් පාසලක් ආරම්භ කර එහි ප්‍රධානාචාර්ය ලෙස වර්තමානය දක්වා කටයුතු කිරීම (1983 සිට)

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]