|
|
ලෝවාමහාපාය |
|
|
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූල මහා විහාරස්ථානය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් මූල මහා විහාරස්ථානය හෙවත් ධර්ම
ගුප්ත පිරිවෙන පිහිටා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට අයත් පයාගල පාළයන්ගොඩ
නමැති ගම්මානයේය. වෙල්යායක් මැද පිහිටා තිබෙන මෙම විහාරස්ථානය 1866 දී
සරණංකර යන භික්ෂූන් වහන්සේ විසින් ගොඩනගන ලද්දකි. මෙය වසර 145 ක් පමණ
පැරැණි විහාරයකි. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් ලියන ලද ‘’ශ්‍රී ලංකා
රාමඤ්ඤ නිකාය පිහිටුවීම’’ යන ග්‍රන්ථයෙහි ඉහත විහාරස්ථානය පිළිබඳව
මෙසේ සඳහන් වී ඇත. ‘’කොළඹ සිට කිලෝ මීටර් 50 ක් පමණ දකුණින් ගාලු පාරට
ඔබ්බෙන් පයාගල නම් කුඩා නගරය අසළ පාළයන්ගොඩ ගමේ ධර්ම ගුප්ත පිරිවෙණ
පිහිටා ඇත. ප්‍රතිසංස්කරණවාදී නිකායක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, 19
වෙනි සියවසේ මැද භාගයේ බිහිවූයේ මෙහිදී ය.’
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා
අපර භාග 03.03 ට ලබයි.
25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|