මේ මාගේ ආත්මය නොවේ
දෙනගම සිරිවර්ධන
“ මාගේ ශරීරයේ ඇති පඨවි ධාතුවත් යම් දවසක මේ මහ පොළොවේ පඨවි ධාතුව සමඟ
එකතුවේ. දැනටමත් මා කපා දමන මගේ නියපොතු ගැළවී වැටෙන මගේ කෙස්ගස්, පඨවි
ධාතුවට පසට එකතු වෙලා.
සතා සීපාවුන්ගේ ගස් වැල් වල තියෙන පඨවි ධාතුවත් පසට
එකතු වෙනවා. කිසි වෙනසක් නැහැ සමානයි.
මිනිසාය, ගැහැනියය, ළමයාය, බල්ලාය, කුකුළාය, තල් ගසය, පොල්ගසය, තුත්තිරි
ගසය කියලා වෙනසක් නැහැ. ඒ හැම තැනම තිබෙන
පඨවි, ධාතුව පොළොවට පස්වෙනවා.
ඒ පන්ති කාමරය එකම අළු ගොඩක් බවට පත් ව තිබිණි. අම්මලා හිසේ අත් බැඳගෙන
කෑ ගැසූහ. හඬා වැටුණහ. “මේ මගේ පුතාගේ අළු “ යි කීමට කිසිවකුට
නොහැකිවිය. ළමයින් සියලු දෙනාගේම අළු එක සමාන විය. පන්තියේ මේස පුටුද
දැන් අළුය. ඒ අළුත් දරුවන්ගේ අළුත් එකක්මය.
සුළඟක් හැමුවේය. අළු පාසල්වත්තට ගසාගෙන ගියේය. බිමට වැටිණ. පසට එක්විය.
අළු පසේ පැහැය ගති.
අළු -පඨවි
“ මගේ පුතාගේ ශරීරයේ තිබුණු පඨවි ධාතුවත් මේස, පුටුවල තිබුණු පඨවි
ධාතුවත් දැන් මහ පොළොවේ පඨවි ධාතුවට එකතු වෙලා” එක් අම්මා කෙනකුට
සිතිණ.
“ මාගේ ශරීරයේ ඇති පඨවි ධාතුවත් යම් දවසක මේ මහ පොළොවේ පඨවි ධාතුව සමඟ
එකතුවේ. දැනටමත් මා කපා දමන මගේ නියපොතු ගැළවී වැටෙන මගේ කෙස්ගස්, පඨවි
ධාතුවට පසට එකතු වෙලා.
සතා සීපාවුන්ගේ ගස් වැල් වල තියෙන පඨවි ධාතුවත් පසට එකතු වෙනවා. කිසි
වෙනසක් නැහැ සමානයි.
මිනිසාය, ගැහැනියය, ළමයාය, බල්ලාය, කුකුළාය, තල් ගසය,පොල්ගසය, තුත්තිරි
ගසය කියලා වෙනසක් නැහැ. ඒ හැම තැනම තිබෙන පඨවි, ධාතුව පොළොවට පස්වෙනවා.
ඒ අම්මා පාසලේ පඩි පෙළ මත හිඳගෙන දෑස පියා ගත්තාය. දැන් ඒ ඇස්වල කඳුළු
නැත. “මාගේ පුතා පොළොවේ පසට එකතු වුණා. පස් කියන්නේ පඨවි ධාතුව පුතාගේ
ශරීරයේ තිබුණු පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට එකතු වුණා.
ශරීරයේ පැවතුණේ පඨවි ධාතුව පමණක්ද නැත. ඔහුගේ දෑසින් ගැලූ කඳුළු,
නාසයෙන් වැටුණු සොටු, කටින් ගැලූ කෙළ, සිරුරෙන් ගැලූ දහදිය, මුත්‍රා,
සිරුර තුළ ගමන් කළ ලේ, පිත, සෙම, ඕජස, ආදි දියර ද ඇයට සිහිවිය.
“ ඒවා ආපෝ ධාතුව, සිරුර ගිනි ගන්නා විට ඒ දියර ගතිය හෙවත් අපෝ ධාතුව ,
වාෂ්ප වී ඉහළට ගියා. ඒවා පසුව ජලයට එකතු වී ජලාශවල පාවෙනවා. සිරුර තුළ
වූ ආපෝ ධාතුව බාහිර ලෝකයේ ආපෝ ධාතුවට එකතු වුණා. සිරුරේ ආපෝ ධාතුව
බාහිර ලෝකයේ ළිං, ගංගා, වැව්, ඇළ,දොළ ආදියේ ඇති ආපෝ ධාතුවට එකතු වුණා.
ඇයට පුතුගේ මුදු මොළොක් සිරුර සිහිවිය. එය විටෙක සිහිල්ය. විටෙක
උණුසුම්ය. ඔහු හෙළූ සුසුම් ද උණුසුම්ය. ඔහුගේ ශරීරයේ වූ උණුසුම, සිසිල
හෙවත් තේජෝ ධාතුව, ඔහු ගිනිගෙන දැවෙන විට බාහිර ලෝකයේ තේජෝ ධාතුවට එකතු
වුණා. ශරීරයේ වූ තේජෝ ධාතුවම බාහිර ලෝකයේ තේජෝ ධාතුවට එකතු වෙලා.
ඇයට පුතුගේ උස් පහත්වන පපුව සිහිවිය. පුතා හොඳටම අසනීප වූ දවසක ඈ ඔහුගේ
පපුවට කන තබා බැලුවාය. “ එහි ස්පන්දනය මට දැනුණා. පපුවේ පිරුණු ආශ්වාස
ප්‍රශ්වාස වාතය මෙන්ම ශරීරය පුරා වාතය පැතිරී පවතිනවා. පුතුගේ ශරීරය
ගිනි ගන්නවාත් සමඟම සිරුරේ වූ වාතය බාහිර ලෝකයේ වූ වාතයට එකතු වුණා.
වාතය, සැලෙන බව කියන්නේ වායෝ ධාතුව, සිරුර තුළ වූ වායෝ ධාතුව බාහිර
වායෝ ධාතුවට එකතු වෙලා.
පුතුගේ සිරුරේ වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුන් බාහිර ලෝකයේ පඨවි, ආපෝ,
තේජෝ, වායෝ ධාතුන්ට එකතු වෙලා.
පුතා හැදුණේ ඒ ධාතුන් හතර එකතු වෙලා. ඔහුගේ මරණයෙන් පස්සෙ ඒ ධාතුන්
වෙන්වෙලා බාහිර පරිසරයට මුසු වුණා. මාගේ මේ ශරීරයත් එහෙමයි. කවදාහරි
මාගේ ශරීරයේ ඇති ධාතුන් හතර වර්ගය බාහිර ලෝකයේ ධාතුන් හතරට එකතු වෙනවා.
ඒවා මමය,මගේය කීමෙන් පලක් නැත. මේ ශරීරය මගේය මමය. මේ ශරීරය මගේ
ආත්මයය. කීමෙන් පලක් නැහැ. මේ ධාතුන් හතරක් පමණයි. ඒවා මම නොවේ. මගේ
නොවේ, මාගේ ආත්මය නොවේ.
හිඳ සිටි පඩියෙන් නැඟිට පාසල දෙස බැලූ අම්මාට තාමත් හඬා වැටෙන අනෙක්
අම්මලා පෙනිණ. ඇය පාසල් වත්තෙන් පිටතට ගියා ය .පාරේ නතර වී යළි පාසල
දෙස බැලුවාය.
මගේ පුතේ , මගේ දුවේ, අම්මලාගේ හඬ ඇයට ඇසින.
ඒ කිසිවක් මාගේ නොවේ. මම නොවේ. මගේ ආත්මය නොවේ.
|