|
|
ශ්‍රී ලංකාවේ
සංචාරයක නිරත තායිලන්ත රජ පවුලේ
සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් අරලිය
ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතා හමුවූහ. තායිලන්ත ප්‍රාකෘ පිසිට්
සොරාවේට් හිමියෝ එහිදී ජනාධිපතිවරයා වෙත
ධාතුන් වහන්සේලා පිරිනැමූහ. ලන්ඩන්
විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් හා
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධාන ගාමිණී
සෙනරත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය - සුදත් සිල්වා |
|
|
කැලණි රජමහා විහාරයේ
කඨින පින්කම 10 වන දා
කැලණිය රජමහා විහාරයේ කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ
ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීල
භාවනා සමිතියේ සභාපති සාමවිනිසුරු එම්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්
40 වැනි වරටත් නොවැම්බර් මස 10 වැනි ඉල් පොහෝදින පැවැත්වේ.
ඉතිරිය»
|
|
ඉල් පුර පසළොස්වක පෝය
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා
අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|