ශ්‍රී දළදා මාලිගාවේ
කාර්තික මංගල්‍ය පෙරහර ඉල් පෝදා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍ය පෙරහර ඉල් පුර පසළොස්වක
පෝය දින පැවැත්වෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග
දෑල මහතාගේ අණ පරිදි කාරිය කරවන කෝරාල කේ.එම්. සී. කරුණාතිලක මහතා
නිවේදනය කර ඇත.
එම නිවේදනය අනුව කාර්තික මංගල්‍ය දින දල්වන ප්‍රදීප පූජාව සඳහා විහාර
දේවාලවලට තෙල් බෙදාදීම 8 වන දා සවස 03.04 ට නාථ දේවාලයේ දී සිදු
කැරිණි. නොවැම්බර් 10 වෙනි දින අපරභාග 06.10 ට උතුර දිශාභිමුඛව ශ්‍රී
දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි ප්‍රදීප පූජාව
පැවැත්වීම ශුභ බවත්, එදින සවස 04.40 ට උතුර බලා ශ්‍රී දළදා මාලිගාවේ
කාර්තික පෙරහර මංගල්‍ය පැවැත්වීම ශුභ බවත් නිවේදනය කර ඇත.
ශ්‍රී දළදා සමිඳු උදෙසා, වසරේ පවත්වනු ලබන සතර මංගල්‍යපූජෝත්සව වලින්
එකක් වන කාර්තික මංගල්‍ය වසරේ ඉල්පෝදා පැවැත්වීම සිදු කෙරේ. කේ.
බණ්ඩාරනායක |