ජීවිතය යථාර්ථවාදීව දකිමු
ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර
බැණ්ඩියමුල්ලේ
විපස්සි තිස්ස නා හිමි
ගුවන්විදුලි ධර්මදේශනාවකි
ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් සිව්වනක් පිරිසටම
එක්තරා කාරණා පහක් ඉදිරිපත් කළා. ඒ කාරණා පහ නිතරම සිතිය යුතු මෙනෙහි
කළයුතු කාරණා පහක්. ඒ කාරණා පහ ගැන හිතනකොට තමන්ට තමන්ගේ ජීවිතය ගැන
පුදුම විදිහේ අවබෝධයක් යථාවබෝධයක් ඇතිවෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව
තමන්ගේ කය පිළිබඳව මරණය පිළිබඳව ඒ වාගේම තමන්ට සංසාරගතව සමීප කරගත්
දේවල් පිළිබඳව කර්මය පිළිබඳව මෙනෙහි කළයුතු වෙනවා.
ඉත්ථියේනවා – පුරුසේනවා
ගහට්ඨෙනවා - පබ්බජිතේනවා
ස්ත්‍රින් පුරුෂ ගෘහස්ථ වශයෙන් වගේම පැවිදි උතුමන් වහන්සේලාත් මෙනෙහි
කළ යුතු දෙයක් මෙකී කාරණා පහ තුළ ඇතුළත් වෙනවා.
කාරණා පහෙන් පළමුවැන්න
ජරාධම්මෝම් හි මේ ජරං අනතිතෝති
අභිඤ්ඤං පච්චවෙක්චිතබ්බං
පුද්ගලයා ආඩම්බර ලීලාවෙන් පවත්වාගෙන යන මේ ශරීරය ගැන බුදුරජාණන් වහන්සේ
පෙන්වා දෙනවා ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා, යන අංග අට
ඒකාබද්ධ කොටගෙන සැඳුම්ලත් දෙතිස් කුණපය තත්පරයක් ගානෙ දිරමින් දිරමින්
යනවා ජරාවට පත්වෙනවා කියන්නේ එනිසයි.
ජරාධම්මේහි....යන ගාථාධර්මයෙන් බුදුරදුන් පැහැදිලි කළේ නිරතුරුව දිරන
ශරීරය ගැන සිතන ලෙසයි. තමනගේ ඇට කටු දිරනවා මෙන්න මෙයයි ලෝකයට දිය යුතු
ඉහළම පණිවුඩය දෙවැනි කාරණය වශයෙන් උන්වහන්සේ පෙන්වා දුන්නේ.
ව්‍යාධී ධම්මේහි මේ ව්‍යාධිං
අනතිතෝති අභිඤ්ඤං පච්චවෙක්ඛිතබ්බං
ශරීරය රෝගයන්ට ගොඳුරු වෙනවා රෝගයන්ට ආකරයක් බදු ස්කන්ධයක් තමයි මේ
දරාගෙන සිටින්නේ. ගිරිමානන්ද සූත්‍රයේදී පෙන්වා දෙනවා මේ ස්කන්ධය තුළ
මොනතරම් රෝග පීඩාදිය ඇතුළත්ව තිබෙනවද කියන එක. ගිරිමානන්ද සූත්‍රයෙහිම
පුද්ගලයින්ට පෙන්වා දෙනවා. රෝග අනූවකින් සැදුම්ලත් පංචස්කන්ධය ගැන
මොහොතක් කල්පනා කළ යුතු බව.
කොයිතරම් හරි හම්බ කළත් මේ එක රෝගයක් සඳහා මුළු සේසතම වියදම් වෙන්න
පුළුවන්. මරණය සඳහා ව්‍යාධිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා. අද නම්
හොඳින් අද ලෙඩක් දුකක් නැ. නමුත් හෙට අනින්දාට මේ කොටස් තිස්දෙක
ඇතුළත්ව රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ තුළින් කුමන රෝගයක් ඉස්මතු
කරයිද? දන්නේ නැහැ. ඉඩකඩම් ,දේපළ වස්තු වලට අරගල කරන මිනිස්සු දන්නේ
නෑ. ලොකුම අරගලය මේ ශරීරයෙන් පැන නඟින ව්‍යාධිය කියලා. පුද්ගලයාට පළමු
සංග්‍රාමය සිදුකළ යුතු වන්නේ ව්‍යාධිය නැති කිරීමටයි. තමන්ගේම ශරීරයෙන්
පැන නගින ව්‍යාධියෙන් ගැලවෙන්න විශාල සටනක් පුද්ගලයාට තිබෙන බව කල්පනා
කළයුතු වෙනවා.
තුන්වෙනුව බුදුරජාණන් වහ්නසේ පෙන්වා දෙන කාරණය
මරණ ධම්මෝම්හි මරණං අනතිතෝති
අභිඤ්ඤං පච්චවෙක්ඛිතබ්බං
උන්වහන්සේ භික්‍ෂූන්ට පවසනාවා මහණෙනි, නිතරම මරණය මෙනෙහි කරන්න මම
මැරෙනවා කියන සංකල්පය මනසට හුරුකරන්න මරණය කියන සංකල්පය තුළ මානසිකත්වය
ඇති කරගන්න. මනාසිකත්වය ශක්තිමත් වන්නේ කුමන යථාර්ථයක් සඳහාද අන්න ඒ
යථාර්ථය උඩ තමයි පුද්ගලයා ජීවත් වෙන්නෙ. ශරීරය පිළිබඳව තිබෙන ව්‍යවසනය,
දුර්වලතා අවලස්සන භාවය දෙතිස් කුණපය යන මේවා බුදුරදුන් නිතරම දේශනා
කළා. “ ගාලනං සමාපත්ති යනුවෙන් බුදුරදුන් භික්‍ෂූන්ට වදාළේ යමෙක්
පාවහන් දැමිය යුත්තේ ගිලනෙක් නම් පමණක් බවයි. ගිලනෙකුට පාවහන් යෝග්‍ය
වූ ආභරණයක් නොව භාණ්ඩයකි. නමුත් සමහරුන් පාවහන් ආභරණ කොටගෙන ලෝභය පදනම්
කරගෙනයි සිටින්නේ ආර්ථිකය මුඛ්‍ය පරමාර්ථය කරගත් පුද්ගලයා කිසිදාක
ධර්මයක්, ලෙඩවීමක්, ජරාවට පත්වීමක් ගැන හිතන්නේ නෑ. ලෙඩවීම මරණයට ඉතා
සමීප යි. මරණය කියන ඒ මුඛ්‍ය වූ යථාර්ථවාදි මාවත යථාර්ථයක් කරගතහොත්
තමන් මොන දේ කළත් මරණයට පත්වන බව පුද්ගලයාට අවබෝධ වෙනවා.
ධර්මපාල ජාතකයේ ධර්මපාල නම් පුද්ගලයා තමන්ගේ භාර්යාවටත් දරුවන්ටත් කීවේ
මරණානුස්මෘති භාවානව වඩන ලෙසයි. තම තමන් මැරෙන බව නිරතුරුව මෙනෙහි
කරනවා නම් ඇයි මා තරහා ගන්නේ, පළිගන්නේ ෙද්වේශ කරන්නේ කළකෝලාහල කරගන්නේ
කියලා සිතන්න. රට ජාතිය, ආගම විනාශ කරන පාපතර යින්, යක්‍ෂයෝ, පේ‍්‍රතයෝ
, භූතයෝ, පිසාචරයෝ වෙලා උපදිනවා .රටක් ජාතියක් සතු පොදු වස්තු විනාශ
කරන උදවිය යමපල්ලන් වීමට ටිකට් එක ලබාගන්නවා. කාම අපරාධ කරන හැම
කෙනෙක්ම පේ‍්‍රත අසුර නිකායන්වල තමා උපදින්නේ.
භික්‍ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික උතුමන්ලාත් කළයුතු වන්නේ
ජනතාවට පාපයෙහි ආදිනව පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීමයි. මරණය උරුම
කරගෙන උපදින අප සියලු දෙනා රටට,ජාතියට ආගමට සේවයක් කළ යුත්තෝ වෙනවා.
තමන් ගැන දරුවෙකුටවත්, සමාජයටවත් නරකක් නොහොදක් කියන්න ඉඩක් තබන්න එපා.
ඒ ඔබ මැරෙන අයෙක් නිසා. තම තමන් සිදුකරන වැරැදි වලට මෙලොව මෙන්ම
පරලොවදීද වන්දි ගෙවන්න සිදුවෙන එක අනිවාර්යයි.
සච්චවිභංග සූත්‍ර දේශනාවේදි මරණය පිළිබඳව බුදුරදුන් අවධාරණය කරනවා කථංච
ආයුසේ මරණං...යනාදී ලෙස මහණෙනි, මරණය ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙන්
අහක්වීමක්, වෙන්වීමක් අතුරුදහන් වීමක් මේ ස්කන්ධවල බිඳීයාමක් සිරුරේ
විසිරීමක් මළසිරුරෙන් ඉවත්වීමක් තමයි මරණය කියන්නේ.
තවත් තැනෙක මේ මරණය පිළිබඳව බුදුරදුන් ඉතා පැහැදිලිව දේශනා කරනවා
“සත්‍ථ මරණංති ඒක භව පරියා පන්නස්ස
ජීවිතේන්ද්‍ර‍්‍රියස්ස උපක්ඛේදෝ “
එක් භවයකින් වෙන්කරපු
එක ආත්මයකින් වෙන්වුන ජීවිතයේ කැඩීම, බිඳීම මරණය බව
මරණය ප්‍රධාන වශයෙන් හතරක් පිළිබඳව සඳහන් කරනවා
ආයුක්ඛය මරණ
කම්මක්ඛය මරණ
උභයක්ඛය මරණ
උපච්ඡේදක මරණ
ආයුක්ඛය මරණ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් නිසි ආයුෂ ගෙවීමෙන් පසු
මහළු වියට පත්ව මරණයට පත්වීමයි. එනම් පුද්ගලයා උපරිම ආයුෂ භුක්ති විඳ
මරණයට පත්වෙයි.
කම්මක්ඛය මරණය කියන්නේ ගෙනෙන ලද කර්මයට අනුරූපව කර්මානුරූපව හොඳ හෝ නරක
විපාක භුක්තිවීදීම තුළින් කර්මය අවසන් වෙලා ගිහින් මරණයට පත්වීමයි.
වාහනයක් ඩීසල්, පෙට්‍රල් තිබෙනකම් දුවලා නැති කල්හි නවතින්නා සේ ආයුෂ
ශක්තියයි කර්ම විපාක වශයෙන් ජීවිතේන්ද්‍රියේ ආපු වේගධාරාව නැවතීමෙන්
සිඳුවන මරණය උභයක්ඛය මරණයයි. මෙහිදී ආයුෂයත් කර්මයත් දෙකම එක සේ
ගෙවීයයි.
පිනෙන් සැප මෙන්ම පවෙන් දුක පුද්ගලයාට උරුමය ජීවිතය විදින අතරතුර
හදිස්සියේම සිදුවන මරණ වලට උපඡේදක මරණය කියලා කියනවා එය හදිසි
අනතුරකින් වීමටද පුළුවන.
මෙම මරණ සතර පහනකින් අර්ථ දැක්වුවහොත් පත්තු කළ පහනේ තෙල් අවසන් වීමෙන්
පහන නිවෙනවා එය ආයුක්ඛය මරණය වගෙයි. පහනේ තෙල් තිබෙද්දී තිරේ ඉවරනම්
පහන නිවෙනවා. තෙල් තිබුණට වැඩක් නෑ එය කම්මක්ඛය මරණය වගෙයි. පහනෙ
තෙලුත් ඉවරයි තිරෙත් ඉවරයි නම් පහන නිවෙනවා ඒක උභයක්ඛය මරණය වගෙයි. එසේ
නම් තෙලුත්, තිරෙත් තිබියදී පහන ආලෝකය විහිදුවද්දි හදිස්සියේම සුළඟක්
විත් පහන නිවීයන්න පුළුවන් . එය හරියට උපච්ඡේදක මරණයකට සමානයි. මේ අනුව
මරණයක ධර්මතාවය පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා.
බුදුරදුන් දේශනා කළ සිව්වැනි කාරණය නම් ලොව පවතින විවිධාකාර වස්තූන්ට
ඇලීම් ඇතිකරගැනීම නිසා පුද්ගලයා සිදුකරගන්නා විනාශයන්ය. පුද්ගලයා තුළ
පවතින අසීමිත ආශාවන් මැඩපවත්වා නොගතහොත් සිදුවන අපරාධ වැළැක්විය නොහැකි
තත්ත්වයක් ඇතිවෙනවා. උපාදානයන් දැඩිලෙස අල්ලා ගැනීම් කළත් මේ සියල්ල
අතහැර යන්න පුද්ගලයාට සිදු වෙනවා. මහත් ඕනෑකමින් හදාවඩා ගන්න දරුවො
දාලායන්න වෙනවා. ගෙවල්, දොරවල්, වතුපිටි, යාන වාහන දාලායන්න වෙනවා. පිය
විප්පයෝග දුක්ඛා පි‍්‍රය වස්තුන්ගෙන් වෙන්වීම, දුකක් මරණයට පත් වන
සත්වයා සිදුකළ යුත්තේ මෙකී දුක අවබෝධ කරගැනීමයි. සියලුම වස්තුන්ගේ
වෙනස්වීම කෙරෙහි අවධානය යොමුකිරිමයි. බුදුරදුන් භික්‍ෂූනට බහුභාණ්ඩික
නොවන ලෙස ප්‍රකාශ කර සිටියේ එය විමුක්තිගමනට බාධාවක් වන නිසයි.
පුද්ගලයා දුක් ගොන්නක පැටලෙන්නේ අසීමිත ලෙස තමන්ට ළංකරගන්නා නානාවිධ
දේවල් නිසයි. විනාශ මුඛයට පත්වන සියලු වස්තුන්හි අනිත්‍යතාව වටහාගත්
පුද්ගලයා නිත්‍ය මරණයේදි දුක් වන්නේ නැත.
පස්වන කාරණය හැටියට ඉදිරිපත් කරන්නේ භික්‍ෂූන් වහන්සේ මහජනතාව වෙනුවෙන්
ශාසනික මෙහෙවරක යෙදෙනවා. මේ රට,ජාතිය ආගම වෙනුවෙන් කළ යුතු සේවය
ඉටුකරන්න ඕන. හැම කෙනෙකුටම එක්තරා අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නෙ
ජීවිත පවත්වාගෙන යන්නට. මරණය නම් අවස්ථාව පැමිණෙන තුරු පුද්ගලයාට
කාලයක් දෙනවා. ඉහත ආත්ම වලදී ගෙනා කර්ම ශක්තිය තිබෙනකම් අපි
බලාපොරොත්තු වෙන හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ට කරගන්නවා. ඒ සියලු ප්‍රාර්ථනා
බලාපොරෙත්තු පරාර්ථචර්යාවකින් සිදුකළ යුතුයි. මෙලෙස නොසිතා ලැබූ උතුම්
මනුෂ්‍ය ආත්මය විනාශ කරගන්නා අකටයුතු ක්‍රියාකාරකම් වල යෙදෙන
මනුෂ්‍යයෝත් ඉන්නවා පෙර හොඳ කර්ම කළ නිසා තමයි. මෙවන් මිනිස් භවයක
උපන්නෙ. එලෙස ලැබූ මනුෂ්‍ය භවය අධාර්මික ලෙසින් පවත්වමින් ජීවත්වන්නන්ට
මතු ආත්ම වලදී හොඳ කර්ම නැති නිසා දුගතියේ දුක් විඳින්න තමයි
සිදුවෙන්නෙ. අද මුද්‍රිත විද්‍යුත් නෑම මාධ්‍යයකින්ම හෙළිදරව් කරන්නේ
මහත් දූෂණ වංචනික ක්‍රියාවන්. මිනිසත් බවත් නොතකමින් පුද්ගලයා
සිදුකරන්නේ මහත් තිරිසන් ක්‍රියාවන්මයි. සමාජය ඒ තරමට පිරිහිලා. අද ඔබ
හොඳ මනුෂ්‍යයෙක් ලෙස ජීවත් නොවුන හොත් ඊළඟ භවය අනිවාර්යයෙන් දුගතිගාමී
වෙනවා නියතයි. කර්මයේ ස්වභාවය ගැන මොහොතක් සිතන්න.
දිට්ඨ ධම්මවේදනීය උප්පජ්ජවේදනීය අපරාපරිය වේදනීය යන කර්ම ගැන හැකි හැම
විටම මෙනෙහි කරන්න. හැම මොහොතකම තමන්ගේ ජීවිතය තමන් විසින් රැකගන්න
ඕනෑ. තමන් විසින් කරන කුසලා කුසල කර්ම වල විපාක විදිය යුත්තේ තමන්මය.
එය තවකෙනකුට පවරන්න බෑ. අප සිදුකරන අයහපත් කර්මවල විපාක
දිට්ඨධම්මවේදනිය කර්ම ලෙස මෙලොව වශයෙන් කොටසක් පටිසන් දෙනවා. සමහර කර්ම
උපපජ්ජ වේදනීය වශයෙන් දෙවැනි ආත්ම භාවයේදි විපාක දෙනවා . අපරාපරිය
වේදනීය කර්ම නමින් සංසාරේ ඉඩ ලැබුණු අවස්ථාවන්හි පටිසන් දෙන කර්මයක්
තිබෙනවා. ඒවගේම ආනන්තරිය පාපකර්ම සිදුකළ පුද්ගලයාට කිසිඳු විටෙක
ගැලවීමක් නෑ.
චුති චිත්තයට ඉතා සමීප වූ යදාසන්න කර්මය ඉතා බලසම්පන්නයි. මරණාසන්න
අවස්ථාවේ චුතිචිත්තයට එන කර්මය අනුව තමයි ඉදිරි භවය සැපදායක හෝ
විපත්තිදායක වෙන්නේ.
කතත්තාවා කර්මය හිතාමතා කරන කර්මයක් නෙමෙයි. කර්ම පටිසන් දෙන්නැති
වෙලාවක හෝ මේ කර්මය පටිසන් දෙන්න පුළුවන්. ජනක කර්මය කියන්නේ
සම්පූර්ණයෙන්ම සැප හෝ දුක් ආත්මයක් ලබාදෙන කර්මයක්. උපත්තම්භක කර්මය
තුළින් පුද්ගලයාට ලැබෙන සැප ප්‍රබල කරලා දෙනවා. ඒ වගේම දුකත් එලෙසම
වැඩි කරලා දෙන්නේ මේ කර්මයයි.
උපපීඩක කර්මය යම්කිසි කුසල කර්මයක් විපාක දෙද්දී ක්‍රමක්‍රමයෙන් අකුසල
කර්මය ළංවෙලා දෙන කුසලය අඩුකරනවා. එලෙසම අකුසල කර්මයක් විපාක දෙද්දී
ක්‍රමයෙන් කුසල කර්මය ළංවෙලා දෙන අකුසලය අඩුකරනවා.
උපඝාතක කර්මය කියන්නේ විපාකය සම්පූර්ණයෙන් නැති කරන කර්මයක්. කර්මය
විවිධාකාරයන් විග්‍රහ කරන්න පුළුවන් බව පේනවා .ලෝකයේ අනෙකුත් අයගේ
අඩුපාඩු සොයන්නැතිව තම තමන්ගේ අඩුපාඩු සොයාබැලීම තුළින් යහපත් කර්ම
ඇතිකරගන්න පුද්ගලයාට හැකි වෙනවා. තමන් ජරාවට පත්වෙන බව ලෙඩවෙන බව,
මැරෙන බව හිතන්න. පි‍්‍රයමනාප සියලුම දෙය අතහරින්න සිදුවන බව සිතන්න,
සිත,කය, වචනය යන තිදොරින් සංවරවන්න .
පුද්ගලයා සිදුකරන සුභවාදි සෑම කර්මයක්ම සැපයක් ලෙසත් අසුභවාදී සෑම
පාපයක්ම පාපකර්මයක් ලෙසත් සැප දුක් කර්ම බවට පත්කරමින් ආත්මයක් ගානේ
සැප දුක් විදීමට සිදුවෙන බව ආවර්ජනය කරන්න. සත්ව ඝාතනයන් , ස්ත්‍රි ,
දූෂණ, මංකොල්ලකෑම් සිදුකරන මත්පැනට ලොල්වූවන්ට පේ‍්‍රත, අසුර නිකායන්
උරුම වෙනවා. මෙලොව වශයෙන් අපහාස ලැබෙනවා. එනිසා පරාර්ථකාමි පුද්ගලයෙක්
ලෙස කටයුතු කරමින් රටට, ජාතියට ආගමට සේවයක් කරමින් යහපත් කර්ම රැස්කර
මින් සුඛ විපාකම උරුම කරගන්න. ජීවිතය අපගාමීත්වයෙන් මුදවාගන්න. මෙකී
කාරණා දිනපතා මෙනෙහි කරමින් පවෙන් අත් මිදී කුසල ධර්ම වර්ධන කරගනිමින්
විමුක්ති මාවත කරා පියනගන්නට හේතුවාසනා වේවා!
සටහන
එස්.ඩී.රසිකා පි‍්‍රයදර්ශනී |