බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 කිරුළපන ඇලන් මැතිණියාරාමයේ නව 
						සංඝාවාසය සහ ධර්ම ශාලාව විවෘත කිරීම අග්‍රාමාත්‍ය දි.මු. 
						ජයරත්න මහතා අතින් ඉකුත් දා (3) සිදු කැරිණි. එහිදී 
						අග්‍රාමාත්‍යතුමා විසින් නාම පුවරුව නිරාවරණය කළ අවස්ථාව. 
						ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන්වන 
						ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 
						වන තිලංග සුමතිපාල, විජේදාස රාජපක්ෂ, දයා ගමගේ යන මහත්වරුැ 
						ඇතුළු අමුත්තන් රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.  
						ඡායාරූපය - නිශ්ශංක විජේරත්න  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ශ්‍රී රෝහණ 
										පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනු නායක පදවියෙන් 
										පිදුම් ලැබූ ගොම්බද්දල නන්දාරාම 
										අනුනාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර 
										ප්‍රදානෝත්සවය මාතර රන්දුපත උපෝෂතාගාර 
										මහාවිහාරයේ දී ඉකුත් දා පැවැත්වුණි. එම 
										අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස 
										අග්‍රාමාත්‍ය දි මු. ජයරත්න මැතිතුමා 
										සහභාගි විය. එහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ 
										කුලපති ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක 
										අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමියන් ආගමික 
										වතාවත් සිදු කළ අතර එම අවස්ථාවට මහා 
										සංඝරත්නය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය 
										අමාත්‍ය, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, 
										පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. 
										සූරියප්පෙරුම මහතා ඇතුළු ප්‍රභූන් රැසක් ද 
										සහභාගි වූහ. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 
										ජ්‍යෙෂ්ඨ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ 
										ගොම්බද්දල නන්දාරාම අනු නාහිමියන් වෙත 
										අග්‍රාමාත්‍ය දි මු. ජයරත්න මැතිතුමා 
										විසින් විජිනිපත පිළිගැන්වූ අවස්ථාව. ඡායාරූප සටහන – එස්. සුරේන්ද්‍රගේ  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
	
		| 
					 බිනර පුර පසළොස්වක පෝය 
					බිනර පුර පසළොස්වක පෝය 
					සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා 
					සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  
					සැප්තැම්බර් 11 වන ඉරිදාය. 
					 
					මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |