තල්පිටියේ ශ්‍රී දළදා පූජෝත්සවය
			
			තල්පිටියේ  
			ඩබ්.ඇම්. ඇන්.පී. විජේනායක 
			 
			වාද්දූව තල්පිටියේ ශ්‍රී දළදාවත්ත මහා විහාරස්ථානයේ ශ්‍රී දළදා 
			පූජෝත්සවය 78 වැනි වරටත් සැප්තැම්බර් මස 12 වන දා සිට 17 වන දා දක්වා 
			මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට විහාරාධිපති රාජකීය පණ්ඩිත 
			තල්වත්තේ ඉන්දජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ දළදාවත්ත 
			විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය තීරණය කරන ලදී. 
			සැප්තැම්බර් 12 වන දින තිස් පැය හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භව 
			සැප්තැම්බර් 15 වන දින රාත්‍රී දොරකඩ අස්න හා අනුශාසන දේශනාව පවත්වා 16 
			වන දින අලුයම අවසන් වේ. සැප්තැම්බර් 14 වන දින පස්වරු 3.00 ආශිර්වාද 
			පෙරහර සංචාරය කිරීමට නියමිතය. 
			සැප්තැම්බර් 16 වන දින රාත්‍රී 07.00 ට අපවත් වී වදාළ මහා ස්වාමීන් 
			වහන්සේලාට හා තරුණ බෞද්ධ සමිතියේ මියගිය සියලු ක්‍රියාකාරීන් ඇතුළු 
			සියලු දායක දායිකාවන් වෙත පින් අනුමෝදන් කිරීමේ විශේෂ ධර්ම දේශනය 
			පැවැත්වේ. සැප්තැම්බර් මස 17 සෙනසුරාදා රාත්‍රී 07.30 ට 78 වන ශ්‍රී 
			දළදා පෙරහර විහාරස්ථානයෙන් පිටත් වී උඩුගල්ල ගුණතිලක පාර, පට්ටිඑළිය 
			පොලිස්කඩේ ප්‍රධාන හන්දිය මොරොන්තුඩුව පාර ඔස්සේ වාද්දුව හතරමංහන්දියට 
			පැමිණ ගාල්ල කොළඹ මහා මාර්ගයේ කි.මී. 3 ක් පැමිණ දිබ්බැද්පාර මැද පාර 
			ඔස්සේ පැමිණ පසුදා (18 දින) අලුයම කාලයේ නැවත විහාරස්ථානයට ගෙවදීමට 
			නියමිතය.  |