|
|
කඩිගමුව ශ්‍රී
නාගවනාරාම රජ මහා විහාරය රඹුක්කන ,
මාවනැල්ල මාර්ගයේ කඩිගමුව හන්දියෙන් ඇති
හලාගිරිය මාර්ගයේ පිහිටි පත්තම්පිටිය කඩිගමුව
ශ්‍රී නාගවනාරාම රජ මහා විහාරය ගජබා රජතුමාගේ
යුගයේ (ක්‍රි.ව. 114 – 139 ) ඉදිවූවක් බව
කියැවේ. මෙහි ටැම්පිට විහාර මන්දිර දෙකක්
තිබීම විශේෂයකි. එම ටැම්පිට විහාර ඉදිකර ඇත්තේ
මීට වසර තුන් සියයකට ආසන්න කාලයකදී ය. මෙහි
විහාරාධිපතින් වහන්සේ අල්කේගම ධම්මරතන හිමියන්
ය. ඡායාරූපය - ජනක
වෙත්තසිංහ
|
|
|
නාමල් පුදන්නට පරගොඩ රජමහා විහාරයට යමු
දෙවන පෑතිස්ස රජ සමයේ ඉදිකළ පරගොඩ රජමහා විහාරය අදවන විට අවදානමකට
ලක්වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව නගරය ආසන්නයේ පරගොඩ සුන්දර ගමෙහි
පිහිටි පරගොඩ විහාරය මගින් සිදුවන ශාසනික ආගමික සංස්කෘතික මෙහෙවර ඉතා
සුවිශේෂ වූවකි.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි මස
24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය. |
|
|
|
|
|
|