ශ්‍රී රෝහණ පාර්ශ්වයේ
26 වන උපසම්පදා වාරය
සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 26 වන උපසම්පදා වාරය අප්‍රේල්
26, 27, 28 හා 29 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දූපතෙහි ශ්‍රී රෝහණ
උපෝසථාගාර මහා විහාරස්ථ සීමා මාලකයේ දී පැවැත්වීමට ශ්‍රී රෝහණ
පාර්ශ්වයේ මහානායක, සානුනායක විධායක කාරක මහා සංඝ සභාව තීරණය කොට ඇති
බව ප්‍රධාන ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියෝ දන්වා සිටිති.
ඉතිරිය»
අග්නිදිග ආසියාවේ
සිංහල සග පරපුරේ
මූලාරම්භය සහ සංවර්ධනය
බුදු දහමේ ථේරවාදී සම්ප්‍රදාය, ශ්‍රී ලංකාව, මියන්මාරය (බුරුමය) ,
තායිලන්තය (සියම), කාම්බෝජය සහ ලාඕසයේ මුල් බැස ඇත. ශ්‍රී ලංකාව
අග්නිදිග ආසියානු රටවල් සමඟ බැඳෙන සවිමත් යදම වී ඇත්තේ බුදු දහමයි.
ක්‍රි.ව. එකොළොස් වැනි සියවස පමණේදී අග්නිදිග ආසියාවේ බෞද්ධ රටවල් ,
ථෙරවාදී බුදු දහමේ මූලස්ථානය වන ශ්‍රී ලංකාව සමඟ කිට්ටු සබඳතාවකින්
වෙළී ගියේය. එවක් පටන් ඉදිරියට ශ්‍රී ලංකාව,අග්නිදිග ආසියාවේ විවිධ
කලාපයන්හි ථේරවාදී සම්ප්‍රදාය සංස්ථාපනයට සහ සංවර්ධනයට වැදගත් වගකීම්
සහිත කාර්යභාරයක් ඉටු කළේය. එසේම සිංහල භික්ෂූහු අග්නිදිග ආසියාවේ
ආගමික ඉතිහාසය තුළ ශක්තිමත් සහ සජීවි බලපෑමක් නියෝජනය කළහ. සියලු
අග්නිදිග ආසියානු රටවලින්, විශේෂයෙන් බුරුමය සමඟ ඉතා කිට්ටුවෙන් ශ්‍රී
ලංකාව සබඳතා පැවැත්වූ බව අපේ මූලාශ්‍රයන්ගෙන් පැහැදිලි වෙයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පසුව පසුතැවිලි නොවනු මැනවි
බුදුරජාණන් වහන්සේ විසින් ජනසන්ධ ජාතකය දේශනා කළේ කොසොල් රජතුමාටයි.
දිනක් කොසොල් රජතුමා බුදුරදුන් දැකීමට දෙව්රම් විහාරයට පැමිණියේ බලවත්
වූ කණස්සල්ලකින් යුතුවයි. දින ගණනක් පන්සලට නො පැමිණ සිටි කොසොල් රජු
බලවත් චිත්ත පීඩාවකින් පෙළෙමින් සිට තමන් වහන්සේ වෙතැ පැමිණ සිටි බව
දැනගත් බුදුරජාණන් වහන්සේ මේ ජාතකය දේශනා කළා.
ඉතිරිය»
|