ධම්මපද සැහැල්ල -44
44 වන කොටස
බණ්ඩාර මඩුගල්ලේ
සුඛ වග්ගය
197 සුසුඛං වත ජීවාම - වෙරිනෙසු අවෙරිනො
වෙරනෙසු මනුස්සේසු - විහාරාම අවෙරිනො
වෛරයෙන් පිරිගත් - මේ නපුරු ලෝකයේ - වෛර නොකරන මහණ - පෙළ සුවෙන් දව
සරිති.
හිතවතුනි, ලෝකයට වෛර නොකරනු මැනවි, එවිට මුළු ලෝකයම ඔබට මෙත් කරනු ඇත.
198 සුසුඛං වත ජීවාම – ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්සේසු - විහාරාම අනාතුරා
කෙලෙස් රෝගයන්ගෙන් – ඇද වැටුණු ලෝකයේ - කෙලෙස් අඩු මහණ පෙළ - නිරෝගී
ලෙස වෙසෙති.
හිතවතුනි, තුන් දොරින්, සුසංවර වනු මැනවි. නිරෝගි බව ඔබට සම්පතක් ලෙස
ලැබේ.
199 සුසුඛං වත ජීවාම – උස්සුකෙසු අනුස්සුකා
උස්සුකෙසු මනුස්සේසු - විහාරාම අනුස්සුකා
කම් සැපම සොයා සොයා - අවුල් වූ ලොවක් මැද - කෙලෙස් අඩු මහණ පෙළ -
නිරවුල්ව දව සරිති.
හිතවතුනි, කම් සුවය, අඩු නොකළ තැනැත්තා, මුළුමනින්ම ජීවිතය අවුල් කර
ගන්නේ..ය...
200 සුසුඛං වත ජීවාම - යෙසං නො නත්ථි කිඤ්චනං
පිතිභක්ඛා භවිස්සාම - දෙවා ආභස්සරා යථා
සියලු කෙලෙසුන් නැසූ - රහත් පෙළ නිරතුරුව - බඹ ලොවේ බඹුන් මෙන් සතුටින්
ම කල් ගෙවති.
හිතවතුනි, ජීවිතය , සැනසුමින් ගෙවන්නට, තුන් දොරින් සුසංවර, පැවැත්මට
යා යුතු ය.. |