ශ්‍රී බුද්ධ වර්ෂ 2554 වන රාජ්‍ය වෙසක් උත්සවය
මහියංගණය රාජ මහා විහාරස්ථානයේ දී 24 වන දා
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු
දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන රාජ්‍ය වෙසක් උත්සවය මෙවර
ඓතිහාසික මහියංගණය රාජ මහා විහාරස්ථානයේදී 2010 මැයි මස 24 වන දින දවස
පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඉතිරිය»
බුදු සිරිතට සබැදි අසිරිමත් බුණ්‍ය භූමි
මුළු තුන් ලෝකයම අපිරිමිත බොදු බැතියෙන් නහවමින්, ධර්මාලෝකයෙන් ආලෝකවත්
කරමින්, බොදුනුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පහන් කරමින්
වසරකට වරක් උදාවන වෙසක් පුන් පොහෝ දිනය තව දින කීපයකින් උදාවෙයි. ගෞතම
බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි අසිරිමත් තෙමඟුල සිදුවූයේ එවන් ඓතිහාසික
දිනකය. එනම් උන් වහන්සේ සකල ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් මෙලොව පහල
වූයේද, බුද්ධගයාවේදී සදාකාලික සැනසුම් මග හෙවත් ලොව්තුරා බුද්ධත්වය
අවබෝධ කළේද, පන්සාලිස් වසක් බුදු කිස නිමවා කුසිනාරා නුවර උපවත්තන නම්
සල් උයනේදී පිරිනිවන් පෑ වදාළේද වෙසක් පුන් පොහෝ දිනකයි. එම උතුම්
සම්බුදු තෙමඟුල නිමිතිකොට ගෙන සමස්ත ලෝකවාසි බොදු ජනතාවම ආමිෂ පූජා සහ
ප්‍රතිපත්ති පූජා යන දෙවිධියෙන්ම උන් වහන්සේගේ ගුණ සාගරය සිහිපත් කොට
පුද පූජා පවත්වති. ගෞරව දක්වති.
ඉතිරිය»
ධර්ම දේශනාව:
‘අනුන් ගැන
නො සොයමු’
ජීවිත අවබෝධය
ලද තැනැත්තා කිසිවිටකත් අනුන්ගේම ගුණ දොස් සොයමින්
ලතවන්නේ නැත.
විවේචනය කරමින් කාලය විනාශ කරන්නේ නැත. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ
නැත.
ජීවිත අවබෝධය ලත්
උතුමන් සිතන්නේ උපේක්‍ෂා සහගතව යි.
එබඳු උතුමෝ මෙලොව
ජය ලබති.
පරලොව ශාන්තිය ද
උදා කර ගනිති.
ඉතිරිය»
|