|
|
ලුම්බිණිය |
|
|
බුදු සිරිතට සබැදි අසිරිමත් බුණ්‍ය භූමි
මුළු තුන් ලෝකයම අපිරිමිත බොදු බැතියෙන් නහවමින්, ධර්මාලෝකයෙන් ආලෝකවත්
කරමින්, බොදුනුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පහන් කරමින්
වසරකට වරක් උදාවන වෙසක් පුන් පොහෝ දිනය තව දින කීපයකින් උදාවෙයි. ගෞතම
බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි අසිරිමත් තෙමඟුල සිදුවූයේ එවන් ඓතිහාසික
දිනකය. එනම් උන් වහන්සේ සකල ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් මෙලොව පහල
වූයේද, බුද්ධගයාවේදී සදාකාලික සැනසුම් මග හෙවත් ලොව්තුරා බුද්ධත්වය
අවබෝධ කළේද, පන්සාලිස් වසක් බුදු කිස නිමවා කුසිනාරා නුවර උපවත්තන නම්
සල් උයනේදී පිරිනිවන් පෑ වදාළේද වෙසක් පුන් පොහෝ දිනකයි. එම උතුම්
සම්බුදු තෙමඟුල නිමිතිකොට ගෙන සමස්ත ලෝකවාසි බොදු ජනතාවම ආමිෂ පූජා සහ
ප්‍රතිපත්ති පූජා යන දෙවිධියෙන්ම උන් වහන්සේගේ ගුණ සාගරය සිහිපත් කොට
පුද පූජා පවත්වති. ගෞරව දක්වති.
ඉතිරිය»
|
|
ශුද්ධ වෙසක් පුර අටවක
ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා
බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.
මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය |
|
|
|
|
|
|