දැනුම - බුද්ධිය හා ප්‍රඥාව
කේ.එම්.ඒ. ජයවර්ධන
රංගේගම ශ්‍රී රංගිරි දහම් පාසල
‘දැනුම යනු බලයකි’
යන්න ඉංගී‍්‍රසි
දාර්ශනිකයකු වූ ප්‍රැන්සිස් බේකන්
( Fransis Bacon ) පවසා ඇත.
ඔහු සලකා ඇත්තේ මිනිසා සතු
පරිකල්පන ශක්තිය හා එය
මෙහෙයවා කළ හැකි කාර්යභාරය
පිළිබඳ ය. ඔහු පවසන ආකාරයට,
ඥාන ශක්තියෙන් අනුන වූ මිනිසා
සමීපයට වෙනත් සත්වයකුට
සමීප විය නොහැකිය.
දැනුම සහ බුද්ධිය පිළිබඳව සඳහන් කිරීමේදී ප්‍රමුඛතාවය දියයුතු වන්නේ
මිනිසා නැමැති සත්වයාටය. මන්ද මේ පිළිබඳව හඳුනා ගැනීම හා අවබෝධය මෙන්ම
නිර්වචනයන් ඉදිරිපත් කිරීමට යොමු වූ සත්වයා මිනිසා වන හෙයිනි. වෛද්‍ය
බානට් ( Dr. Barnet ) ජීව විද්‍යාඥයා විසින් සිය
Instinct and Intelifence නම් හස්තසාර වෛද්‍ය ග්‍රන්ථය තුළ ‘මිනිසාට ඥානය ඇත
තිරිසන් සතුන්ට ඉව ඇත’ යනුවෙන් සඳහන් කර තිබීම තුළින් ඒ පිළිබඳව අවබෝධ
කරගත හැකිය.
ඡායාරූපය - ජනක |
දැනගත් දෙය දැනුමය. පොත්පත් මෙන්ම කාලය ගත කිරීමේදී ජීවිතයට ලබාගත හැකි
වූ අත්දැකීම් තුළින් ලත් දෙය මේ යටතට ගැනේ. උගත්කම යනු උකහාගත් දෙයයි.
උකහාගත් තැනැත්තා ‘උගතා’ යන්නෙන් හඳුන්වන්නේ්ද එබැවිනි. උගත් බව හා
බුද්ධිමත් බව අතර අසමානතා පවතී. ප්‍රඥාව මේ දෙකෙන්ම වෙනස්වූද මේ දෙකම
අන්තර්ගත වූද මානසික තත්ත්වයකි. මහා ප්‍රඥාව සම්බුදුවරයන් වහන්සේලා
සතුවූවකි.
‘දැනුම යනු බලයකි’ යන්න ඉංගී‍්‍රසි දාර්ශනිකයකු වූ ප්‍රැන්සිස් බේකන් (
Fransis Bacon) පවසා ඇත. ඔහු සලකා ඇත්තේ මිනිසා සතු පරිකල්පන ශක්තිය
හා එය මෙහෙයවා කළ හැකි කාර්යභාරය පිළිබඳ ය. ඔහු පවසන ආකාරයට, ඥාන
ශක්තියෙන් අනුන වූ මිනිසා සමීපයට වෙනත් සත්වයකුට සමීප විය නොහැකිය. චීන
කියමනකට අනුව ‘ඥානය යනු ඉගෙනීමකි’ ඒ අනුව කෙනෙකුට අහිමි නොවන එකම
වස්තුව ඥානය නොහොත් උගත්කමය. එබැවින් ඥානය පරිපූර්ණ වූ කල්හි ඊට
ප්‍රඥාව යැයි ද කියැවේ. ‘දැනුම දුකසේ උපදවා ගත යුත්තකි’ යන්නද චීන
කියමනක් වේ. මේ අනුව අලගියවන්න මුකවෙටි තුමාද සිය සුභාෂිතය තුළින් ‘උගත
මනා ශිල්පයමයි මතු රැකෙනා’ යනුවෙන් පැවසීමෙන් උක්ත කියමන සමඟ මනාවට
ගළපා ගත හැකිය. දැනුම් සම්පත්තිය නිධානයක් බවත් එය සතු පුද්ගලයා යන යන
තැන ගෙනියන බවත් චීන ජනතාව සැළකූ®හ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය වන ‘ශරවශ්‍ය ලෝවනම් ශාස්ත්‍රම්’
එනම් දැනුම සැමටම ඇසකි හා ‘විද්‍යා දදාති විනයන්’ ඉගෙනීම තුළින් දැනුම
හා විනය ලබාගත හැකි බව ප්‍රකට කෙරේ. දැනුමේ ප්‍රයෝජනවත් බවත් විනයෙන්
තොර උගත්කමෙහි ඵල රහිත බවත් මෙමඟින් උද්දීපනය කෙරේ. ‘දැනුම යනු සිත සතු
ඇස’ යන ඉංගී‍්‍රසි කියමනෙක පළ වී ඇත්තේ (
Knowladge is the eye of the mind ) යනුවෙනි.
ඥානය ලබා ගැනීම අපහසු වුවද එය ලබා ගැනීමෙන් අත්වන ප්‍රතිඵල ගැන ජපන්
සංස්කෘතියේ කොතෙකුත් කියමන් වේ. ඉන් සමහරක් නම් ඔබේ වස්තු සම්භාරය නැති
වී ගියත් ඔබේ නැණ මහිමය සොරාගත නොහැකිය යනු කියමනකි. ඥානයෙන් සංයුක්ත
පුද්ගලයා බොහෝවිට හැඳින්වෙන්නේ ඇසූ පිරූ තැන් ඇත්තා හෙවත් බහුශ්‍රැතයා
වශයෙනි. බහුශ්‍රැත නොවූ කෙනා හඳුන්වන්නේ අක්පශ්‍රැතයා යන නමිනි.
බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ සඳහන් කර ඇති ආකාරයට බහුශ්‍රැතයන්
නොහොත් පණ්ඩිතයන් ඇසුරු කිරීම උතුම් මංගල කරුණක් බව දේශනා කර තිබේ.
යමක් අසා හෝ කියවා නොමැති පුද්ගලයා නොවැඩෙන කෙනෙකු ලෙස පෙරදිග
සංස්කෘතිය විසින්ද සලකනු බව පෙනේ. එය හුදෙක්ම තමන් විසින්ම ගවේෂණය කරන
ලද්දක් නොව පරපුරෙන් පරපුරට ගෙන එනු ලබන ඥාන මහිමයක් වශයෙන් ද සලකනු
ලැබේ. එබැවින් එම ඥාන ශක්තිමය ජනශ්‍රැතිය වශයෙන් හැඳින්විණ. ඥානය
සෝභමාන වන්නේ එය භාවිතයට ගන්නා ආකාරයෙන් බව පර්සියානු කියමනකින්ද
පැහැදිලි වේ.
යමක් යන්තමින් ඉගෙන ගැනීම අයහපතක් විය හැකි බවත් සදාතනික ඥාන උල්පතක
වින්දනය ලැබිය යුතු බවත් ඇලෙක්සැන්ඩර් පොප් කවියා පවසා ඇත. ඔහු ඥාන
උල්පත සැළකුවේ සදාතනික උල්පතක් ලෙසිනි. ප්‍රඥාව පිළිබඳව පෙරදිග හා
අපරදිග කියමන් අතර තවත් අපූරු කියමන් දෙකක් වේ. එනම් මුදලට ඇති ආශාවයි
ඥානයයි එකට නොයයි යන්න අපරදිගින් එන කියමනකි. සරස්වතියයි ලක්ෂ්මියි එක
තැන වාසය කරන්නේ නැත යන්න අනෙක් කියමනය. මෙසේ සඳහන් කර ඇත්තේ
සරස්වතියට අධිපති දේවතාවිය හා ලක්ෂ්මි දෙව් අඟන යස ඉසුරු සඳහා අධිපති
බවත් පෙරදිග සංස්කෘතිය විසින් සලකන බැවිනි.
නැණවත්තු කොතරම් නැණවත් වුවද දුප්පත්තු බවත් එක් චීන කියමනකින් හෙළි
වේ. මෙය පරම සත්‍යයක් නොවේ. මන්ද ඥානයම ධනයක් වන බැවිනි. ඥානය මඟින් තම
දුෂ්ට ශිෂ්‍යයෙකුට ශිල්ප සෑදූ ගුත්තිල ඇදුරාගේ මහිමය ගුත්තිල කාව්‍යයේ
වෑත්තෑවේ හිමි සඳහන් කරන්නේ මෙසේ ය.
හිමි තම නැණ නැවීන් සැඳි ගී තරග බෙහෙවින්,
වෙනසිප් මහනවින්, කළේ ඔහු පරතෙරට මැනවින්
(170 වෙනි කව) මෙයින් ශිල්පයේ ප්‍රවීණතාව හෙළි වේ.
තම ශාස්ත්‍රයේ එක් අංශයක් දන්නා තැනැත්තා එක් තටුවක් ඇති කුරුල්ලෙකුට
උපමා කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 400 දී සුස්රුත නම් ඉන්දියානු
වෛද්‍යාචාර්යවරයෙකි. එමෙන්ම හැකි දෙය ගැන දැනුම සතුටේ ආරම්භය වන බව
‘ජෝර්ජ් සන්තයානා’ නම් චින්තකයා වරක් ප්‍රකාශ කර ඇත.
අවබෝධයට පදනම්වන මානසික තත්ත්වය බුද්ධිය ලෙස සළකා බැලිය හැකිය. බුද්ධ
සහ බෝධි යන වචනයන් තුළින් ගම්‍ය වන්නේ ද මෙයයි. සමතිස්දම් පාරමී ධර්ම
පුරමින් සත්‍ය හා කුසල් ගවේෂණයෙහි යෙදුණු බෝසතාණන් වහන්සේ චතුරාර්ය
සත්‍යය අවබෝධ කර ගත්හ. එබැවින් බුද්ධ නම් වේ. දැනුම ප්‍රායෝගිකව යොදවා
ගැනීම බුද්ධිමත්කම බව ශ්‍රේෂ්ඨ භූගෝල විද්‍යාඥයෙකු වන මහාචාර්ය ශාන්ත
හෙන්නායක වරෙක සඳහන් කර ඇත. උගත්කමත් බුද්ධිමත්කමත් අතර වෙනස
ප්‍රායෝගිකත්වය යන කාරණය මත පදනම්වන බව එමඟින් මොනවට පැහැදිලි ය. එනම්
දැනුම පුද්ගල මට්ටමින් මෙන්ම සමාජයේ සුබ සිද්ධිය උදෙසා ප්‍රායෝගිකව
යොදවන්නෝ බුද්ධිමත්හුය. එඩ්ගාර් කේසී නම් අධිමානසික විද්‍යාඥයා විසින්
රචිත ලිපි පාදක කර ගනිමින් සංසාර මන්දිර නම් ජිනා සෙර්මිනාරා ලියූ
කෘතියෙහි පාදක සටහන් අනුව ‘ඥානං භාරං ක්‍රියාං විනා’ වශයෙන් සඳහන් වේ.
එනම් ක්‍රියාව නැති තැන දැනීම බරක් බව පැවසේ. ජාතියේ අනාගතය උදෙසා දැයට
පෙරමං තනනු වස් බුද්ධිමතුන් අවැසිය. බුද්ධිමය ප්‍රවේශයක් තුළ සමාජ
ක්‍රමය පවත්වාගෙන යාම හා තීරණයන් වෙත එළඹීමේ දී ඔවුන්ගේ කාර්යභාරය ඉතා
වැදගත් වේ.
ප්‍රඥාව මෙම කාරණයන්ගෙන් වෙනස්ය. සාමාන්‍ය පුද්ගලයන් සතු ප්‍රඥාව හා
බුදුවරුන් සතු ප්‍රඥාව වශයෙන් දෙකොටසකි. බුදුවරුන් සතු ප්‍රඥාව මහා
ප්‍රඥාවයි. ත්‍රී ශික්ෂා අනුපූර්ව ක්‍රියාවට නැංවීමෙන් (ආර්ය අෂ්ඨාංගික
මාර්ගයෙහ අර්ය ප්‍රඥාවට ප්‍රවිෂ්ට විය හැකිය. ලබාගත හැකි ඉහළම මානසික
තත්ත්වය වන්නේ ද මෙයයි. දම්සක් පැවතුම් සුතුරෙහි ‘ප්‍රඥා උදපාදී’ එනම්
ප්‍රඥාව පහළ වීම පිළිබඳව බුදුන්වහන්සේ වදාළ දේශනාව පිළිබඳව ගැඹුරෙන්
සළකා බැලිය යුතුවෙයි. අවබෝධ කරගත් ධර්මයේ ස්වභාවය කෙබඳු ද එය ධර්මයේ
ගුණ හැදෑරීමෙන් උගත හැකිය. ප්‍රඥා වන්තයන්ට පමණක් ගෝචරවන්නා වූ මෙම
ධර්මය උක්ත සඳහන් ආකාරයට ත්‍රි ශික්ෂා මාර්ගයෙහි වඩන්නේ නම් අවබෝධ කර
ගත හැකිය. දර්ශන විෂයෙහි සඳහන් ආකාරයට යමෙක් සූණ්‍යතාවාදය අදාළ කර
ගනිමින් පැහැදිලි කර ගැනීමේ උත්සාහයක නිරත උවද නිවන යන්නට අර්ථ නිරූපණ
ඉදිරිපත් කළ නොහැකිය. නිර්වාන යනු තෘෂ්ණාව නැති කිරීමය. අවබෝධයට මඟ
වන්නේ එයයි. සාපේක්ෂතාවාදීව ලෝකය තේරුම් ගැනීමට දරන උත්සාහය තුළින්
නිරපේක්ෂ දහම අවබෝධ කර ගැනීමට නොහැකි ය. ඇල්බට් අයින්ස්ටයින් විසිවන
සියවසෙහි බිහි වූ ප්‍රාඥයෙකි. හෙතෙම නිවුටන්ගේ තෛ‍්‍රමාණික භෞතික
විද්‍යාවට (දිග, පළල, උස Three Dimension ) හා කාලයද එකතු කරමින්
චාතුර්මාණික කළේය. ( Four Dimension ) එපමණක්ද නොව අහසින් යාමට ආකාස
යානාවක්ද සමුදුරෙන් යාමට මහා සමුද්‍ර යානා ඇති කළහ.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයෙහි මහාචාර්ය ස්ටීවන්සන්
හොකින්ද එවැනිම ප්‍රාඥයෙකි. නමුත් මෙවැන්නන් හා මහා ප්‍රඥයන් අතර
ඇත්තේ මහත් පරතරයකි. නිර්වාණය වැනි පරමාර්ථ ධර්මයක් කාල හා අවකාශ
දෙකෙන් මුක්තය. අකාලික බව යනු එයයි. ස්වභා දහමෙහි සිදුවන ක්‍රියාවලිය
යථාර්ථවාදීව දැකීම ප්‍රඥාවයි. ලෝකයත් ලෝක නිරෝධයත් බඹයක් පමණ වූ කය තුළ
පවතින බව වදාළහ. මේවා අවබෝධ කර ගැනීමට ප්‍රඥාවන්ත බව මිනිසාට අවැසිය.
‘ප්‍රඥා නරානං රතනං’ මිනිසාට ප්‍රඥාව රත්නයක් බව බුදුන් වහන්සේ වදාළේ
එබැවිනි. නූතන විද්‍යාවට ප්‍රඥාව නැත. එහි ඇත්තේ බුද්ධිය සහ දැනුම
පමණි. මිනිසුන් විනාශ කරනු පිණිස ආයුධ තනනුයේ විද්‍යාවට ප්‍රඥාව හීනවීම
නිසාවෙනි. විද්‍යාවෙන් නිර්මාණය කරන ලද දෙය යොදාගන්නා ආකාරය මත ලෝකයේ
පැවැත්ම තීරණය වේ. විද්‍යාවේ යොදවා ගැනීම බුද්ධිමත්ව කළ යුතු වන්නේ
එබැවිනි. බුදුදහම තුළ පවතින ක්‍රමය වන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුළින්
ලබන අවබෝධයයි.
(පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු හීති) විද්‍යාව හා බුදු දහම සැසඳිය යුතුය.
මන්දයත් විද්‍යාව හා බුදු දහම ඉගෙනුමට එය අවස්ථාවක් සපයන බැවිනි.
ඇතැමුන් මෙසේ නොසැසඳිය යුතු බව පවසන්නේ එම ෂෂයයන් පිළිබඳව ගැඹුරට
ඉගෙනීමට අකැමැති හෙයිනි. සත්වයා යනු සසරට ඇළුම් කරන්නාය. සසර නම්
සාගරයෙහි ගමන් කරන නැව මිනිසා නම් ඉන්ධන වන්නේ ඔහු රැස් කරන කෙළේය.
භවයෙන් භවයට ගමන් කරන නාම ධර්ම එම නැවෙහි බහා ඇත. ඇරැඹුමක් හෝ නිමාවක්
නොමැති මෙහි කෙළෙවර නොසොයන ලෙස බුදුහු වදාළහ. අග්ගඤ්ඤ සූත්‍රය, ලෝක
ධාතු විභංග සූත්‍රය ආදියෙහි සඳහන් වුවද විද්‍යාවෙන් විවිධ මත පළ කළ ද ඒ
සඳහා නිශ්චිත නිගමනයනට ඒමට අපට හැකි වී නැත. විද්‍යාව තවම තිඹිරි ගෙය
තුළය. සත්ත්වයා සසරින් සසරට ගමන් කිරීමේදී බොහෝ දේ ඉගෙන ගත්තේය. භවයෙන්
භවයට ගමන් කරන විට ප්‍රගුණ කළ දේ ඊළඟ භවයට නාම ධර්ම සමග නොගියත්
සිදුවුණු අධ්‍යාත්මික පරිණාමයේදී යම් ප්‍රභාවයක් ඊළඟ භවය හා බැඳෙ. එම
අධ්‍යාත්මික ප්‍රභාව නිසා පුනර්භව වලදී ප්‍රගුණ කළ අධ්‍යාත්මය හා බැඳි
විෂය කේෂ්ත්‍රයන් පහසුවෙන් උගත හැකි වේ. මනෝමන්දිර නම් එඩ්ගාර් කේසිගේ
කෘතිය තුළ වෘත්තිය දක්ෂතා සඳහා ජන්මීය බලපෑම් පිළිබඳ ලිපියෙහි මේ
පිළිබඳව පැහැදිලි ව ඇත. මේ සඳහා ජාණමය බලපෑම ද පවතී. ඇතැමුන් එක්
විෂයයකටද තවත් සමහරෙක් විෂයයන් කිහිපයකටද දක්ෂ වෙති. කර්ම නියාම ධර්ම
අනුව සිදුවන මෙය නූතන මනෝ විද්‍යාවට අනුව සුවිශේෂි හැකියා තත්ත්වයකි.
බුදු බව පතන මහා බෝධිසත්වවරු කුමක් කරත්ද අසංක්‍ය කල්ප ලක්ෂ ගණන්
සමතිංසත් පාරමිතා පූරණය කරති. ඒ ඒ කාලයේදී දියුණුව පවතින සියලුම
විද්‍යා ශාස්ත්‍ර හදාරා පුහුණු කිරීම හා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට
නංවති. පසුකාලීනව උන් වහන්සේලා සර්වඥභාවයට පත් වෙති. එනම් බහුශ්‍රැත
බවට පත්වෙති. දැනුම බුද්ධිය හා ප්‍රඥාව දුකසේ උපදවා ගත යුතු බව මෙම
ලිපියෙන් පෙන්වා දී ඇත. කාලය කළමනාකරණය කරගෙන සතුටින් ඉගෙනීමෙන්
ප්‍රඥාවට දොර විවර කර ගත හැකිය. කැපවීම අධිෂ්ඨානය හා කල්‍යාණ මිත්‍ර
ඇසුර පමණක් ඒ සඳහා සෑහේ. දැනුම ලබා ගැනීමටද දැනුම අවැසිය. බුද්ධිය
දැනුම ප්‍රායෝගික තලයට ගෙන ඒමෙන් ලබාගත හැකිය. ප්‍රඥාව ආර්ය අෂ්ඨාංගික
මාර්ගයේම ගමන් කිරීම තුළින් ප්‍රත්‍යක්ෂ කර ගත යුත්තකි. |