ශ්‍රී දළදා මාලිගාවේ
අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංල්‍යය දෙසැම්බර් මස 31 වන දා
පෙරවරු 10.14 ශුභ මොහොතින් උතුරු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව
ප්‍රධානකොට විහාර දේවාලයන්හි සිදු කෙරේ.
ඉතිරිය»
සසර දුකින් නිදහස් වීමේ මග පෙන්වූ
බෞද්ධ සාහිත්‍යය
පැරැණි බෞද්ධ සාහිත්‍යය, පාලි, සංස්කෘත හා බුදු දහම පැතිර ගිය රටවල
භාෂාවලින් ලියැවී ඇත. ටිබෙට් , චීන සිංහල ආදි වශයෙනි. අති උතුම් බෞද්ධ
සාහිත්‍ය මුළුමණින්ම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රිපිටකයෙනි. එකල සාහිත්‍යය
යන්න යෙදුවේද, සකලවිධ ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීම් පැහැදිළි කිරීමටය.
මෙම තුන් පිටකය සෑම බෞද්ධයෙකු විසින්ම ලබා ඇති මිනිස් භවය තුළදී දැන
ඉගෙනීම, යහපත් කරුණකි. සසර ගමනට හෝ සසරින් මිදීමට හෝ ඉතාම විශේෂ
කාර්යයක් ලෙස තේරුම් ගත යුතුය. මෙම භවයේදී ලැබිය හැකි මෙම උතුම්
අවස්ථාව, ඊළඟ භවයකදී හෝ කරගන්නෙමු යැයි සිතීම මුළාවක් හෙයිනි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දුරුතු මහේ සඳ එළියෙන් නව වසරක
සාර්ථක ගිහි ජීවිතයකට මග
බෞද්ධ අප හැම කෙනෙක් තුළම විවිධ බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඒ අතර
අපේ ජීවිතයේ තීරණාත්මක බලාපොරොත්තු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ
ලෝකයට දේශනා කළ දහම අප බලාපොරොත්තු වන ඒ සියලු සිතුම් පැතුම් ඉටු
කරගැනීමේ මාර්ගයකි. අද ධර්ම දේශනාවෙන් අප මේ මාර්ගය කුමක් දැයි තේරුම්
ගැනීමට උනන්දු වෙමු.
ඉතිරිය»
|