විමුක්තියේ
ප්‍රතිපදා මග
අස්ගිරි විජයසුන්දරාරාම වාසී
ශාස්ත්‍රවේදී, පණ්ඩිත, මහෝපාධ්‍යාය
අමුණුපුර පියරතන හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුනගේහං නකාහසි
සබ්බාතේ ඵාසුකාභග්ගා
ගහකූ®ටං විසං ඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මක්‍ධගාති
පින්වත්නි
සනරාමර ලෝක සිවංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුරපසළොස්වක්
පෝ දිනක පස්මරුන් පරදවා සිව්සත්දම් තම ණැනින් දැන තුන්ලොව බබුලුවා
ලොව්තුරා බුද්ධත්වයට පත් වූ විගස නිරාමිස පී‍්‍රතියෙන් මෙම ගාථා ධර්මය
මෙනෙහි කොට වදාළ සේක.
මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ දීපංකර නම් බුදුරජාණන්
වහන්සේ ගේ ශ්‍රී පාද මූලයෙන් ලබාගත් නියත විවරණයේ පටන් තිරසරව බුද්ධාං
කූර වූ අප ගෞතම බෝධිසත්වයන් වහන්සේ දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා වීර්ය,
ක්‍ෂාන්ති සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන පාරමී, උපපාරමී,
පරමත්ථ පාරමී වශයෙන් සමතිස් පෙරුම් දම් පුරා සූවිසි බුදුවරයන්
වහන්සේලාගෙන් සූවිසි විවරණ ලැබ වෙසතුරු රජ සමයෙහි සත්වරක් මහපොළොව
කම්පා ප්‍රකම්පා කරමින් මහදන් දී ඉන් චුතව තුසිත දෙව්ලොව දිවසැපත් සිත්
සේ විඳ දෙව්බඹුන්ගේ ආරාධනයෙන් ඇසළමස පුර පසළොස්වක් ලත් උතුරු සල
නැකතින් මහාමායා මව්කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් ලුම්බිණි සල් උයනේදී
මව්කුසින් මෙලොවට බිහිවූ සේක. සසර දී කළ දානාදී මහා කුසල බලමහිමය
ප්‍රත්‍යක්ෂයෙන් ලෝකයට ප්‍රකාශ කරමින් සියල්ලෙන් සම්පූර්ණ ධන්‍යපුණ්‍ය
රාජකුමාරයෙක්ව එහෙත් නෙක්ඛම්ම පාරමිතාවෙන් පුරුදු කළ වස්තුකාම,
කෙල්ශකාමයන්හි ආදීනව නුවණින් දැන මහබිනික්මන් කොට සයවසරක් දුෂ්කර
ක්‍රියා කොට මධ්‍යම ප්‍රතිපදා මාර්ගයෙන් උතුම් ලොව්තුරු බුද්ධත්වයට
පත්වී වදාළ සේක.
බුදුරජාණන් වහන්සේගේ අති දීර්ඝකාලීන චරිතාපදානයත්, බුදුවීමත්,
පරමාර්ථයත්, ඉතා කෙටියෙන් මෙම ගාථා ධර්මයෙන් ප්‍රකට වේ. ලොව්තුරු
ගුණයෙන් ප්‍රසන්න වූ විවෘත වූ සන්තානයෙන් මෙවන් උදාර අදහසක් ප්‍රකාශ
කළහැක්කේ ලොව්තුරා බුදු රජාණන්වහන්සේ නමකට පමණි. වෙනත් දේශනා මෙන්
ශ්‍රව්‍යපක්ෂයේ කිසිම කෙනෙකු නොසිටි නමුත් අතීත බුදුරජාණන්වහන්සේලාගේ
උතුම් චාරිත්‍රයක් ඉෂ්ට සිද්ධ කරමින් උදාන ගාථාවක් ලෙස අප බුදුරදුන්ගේ
අපමණ ඤාණස්කන්ධය මෙම ගාථාවෙන් ප්‍රකට වේ.
‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බෝ කෝටිනපඤ්ඤායති’ ආදී නයින් දේශනා කළ
පරිදි සත්ත්වයෙකුගේ සංසාර ගමනේ් මුල අග, සොයාගැනීම ඉතාමත් දුෂ්කර
වූවකි. එයට හේතුව චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ නොවන බැවිනි. අවිද්‍යාදී
හේතූ®න් නිසා භවයෙන් භවයට යන සසර ගමනේ අවසානය සදහා එම හේතූන් මුලින්ම
සිඳබිඳ දැමිය යුතු වන්නේම ය. එහෙත් එය සිතුම් පැතුම් සීමාවක් නොව ක්‍රම
ක්‍රමයෙන් භවයෙන් භවයට අඛණ්ඩව පුරුදු කළ යුතු ධර්ම මාර්ගයකි.
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛාජාති
පුනප්පුනං
ආත්මය ඇතිවන හේතූ®න් ත්‍රිවිධ තණ්හාව බව තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ
ඤාණයෙන් දැනගෙන ආසවක්ඛය ඤාණයෙන් එම හේතුන් මුලින්ම සිඳබිඳ දැමීමෙන්
එහිඵලයද විනාශ වේමැයි. ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි’. තණ්හාව
මූලෝච්ජින්න කරනතුරු ඉපදීමත් උපදින සත්ත්වයාට ජාති ජරා මරණාදි අනේකවිධ
දුක් වේදනා ඇතිවීම ස්වාභාවික බැවින් බුදුරදුන් විසින් ගහකාර තණ්හාව
නැතිකිරීම ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය යි.
අවිද්‍යාවෙන් මුලාවන තණ්හාවෙන් ඇලෙන රාගාදී කෙලෙස්වලින් තිරසරවන
සත්ත්වයාගේ සසරගමන අවුල් වියවුල් වූ දිග නූල් බෝලයක් හා උපමාකොට ඇත.
ජාති, ජරා, ව්‍යාධි මරණ යන සතර මහා දුක් ප්‍රධාන කොට ඇති උපතේ පටන්
විපත දක්වා මොහොතක් පාසා අනේක විධ වදවේදනාවන්ගෙන් පීඩාකර බැවින් කෙනෙකු
ස්වයං උත්සාහයෙන් දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහීණ කරන්නේ නම් එය ලෝකයේ ඇති
ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණයයි.
බුදුරජාණන් වහන්සේ එම අනභිභවනීය ජයග්‍රහණය පිළිබඳව සන්තානයෙන් පිට වූ
පී‍්‍රතිය මෙම ගාථාවෙන් ලෝකයට හෙළිකොට වදාළ සේක.
සබ්බාතේඵාසුකා භග්ගා
හකූ®ටං විසංඛිතං
අවිද්‍යා තණ්හා දෙකින් ආකර්ශණීයව පවත්නා කෙළෙස් පරාළ නිසා කුසලා කුසල
සංඛාර රැස්කිරීම උපන්දා පටන් ජීවිතාන්තය දක්වා සිදුවන මානසික
සංස්කරණයකි. එහි ප්‍රතිවිපාකය නම් සත්ත්වයාට එම සංඛාර ක්‍ෂේත්‍රයෙන්
දූරස්ථවන්නට තරම් විවේක බුද්ධියක් නැතිවීමයි. සත්වයෙකු උපන්දා පටන්
මානසික වශයෙන් මෙන්ම ශාරීරික වශයෙන්ද වර්ධනය වන අතර ක්‍රමයෙන් ශාරීරික
දුබලතාවයන්ගෙන් පීඩාකරවන විට එය නැතිකර ගැනීමට තෝරාගන්නේ තණ්හා
ක්‍රෝධාදී හැගීම් වර්ධනය කර ගැනීමෙනි.
මානසිකව රැස්කරන දේ ශාරීරික වශයෙන් පාලනය කර ගැනීමට නොහැකිවීම ස්වභාවික
ය ගේදොර, ඉඩකඩම්, මිල මුදල්, යානවාහන තනතුරු ආදී භෞතික වස්තූ®න් උපරිම
වශයෙන් සෙවීමට රැකීමට පෝෂණය කිරීමට ජීවනය හා සම්බන්ධ කර ගැනීමට,
ප්‍රමාද වන්නේ අවිද්‍යාදී හේතූ®න් නිසාමය.
විසංඛාර ගතං චිත්තං තණ්හානං ඛයමක්‍ධගා
අවිද්‍යාවෙන් මුලාවන සත්වයා පංචස්ඛන්ධය පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන
ප්‍රාණඝාතාදී අකුසල් කිරීම ස්වභාවික වේ. අතීත පව්පින් ගුණ හෝ අනාගත
ප්‍රතිවිපාක ගුණ හෝ විශ්වාසයක් නොමැති නිසාත් කළ විගසම ලබන විපාකය කුමන
ක්‍රියාවලියක ඵලයක්ද යන්න නිශ්චිත තීරණයක් නොමැති නිසාත් කරණකලට මිහිරි
ආශ්වාසයක් ලබන නිසාද, අකුසල් චින්තාවේ පටන් ඉදිරියට කරගෙන යාම පාපී
පුද්ගලයාගේ ලක්ෂණයයි. එම ස්වභාවයට හේතූ®ව වූ අවිද්‍යාව නමැති කැණිමඩල
විනාශකළ බුදුරජාණන් වහන්සේගේ සන්තානයේ ආයතිභාවය සඳහා කුසලා’ කුසල
රැස්කිරීමක් නැත.
පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා ආනෙඤ්ඤාභිසංඛාර යන ත්‍රිවිධ
සංඛාරයන්ම ආයතිභවය සඳහා අවශ්‍ය වේ. ප්‍රාණඝාතාදී අකුසල සංඛාරයන් හෙවත්
අපුඤ්ඤාභිසංඛාරයන් සතර අපායේ ඉපදීමටද දානාදී පින්කම් කිරීමෙන්
පුඤ්ඤාභිසංඛාර දෙව් මිනිස් සැප ලැබීමටද ප්‍රථමධ්‍යානාදී ආනෙඤභිසංඛාර
රූපාරූප ධ්‍යාන බ්‍රහ්ම සම්පත්තියටද හේතුවේ.
අවිද්‍යාව සෑම ඵලයකම මූල හා ආදිම හේතූව වශයෙන් ගැනීම ඒකහේතුවාදී
දෘෂ්ටියකි. එහෙත් වර්තමාන පැවැත්ම හා ප්‍රතිවිපාකය නිරීක්ෂණය කිරීමේදී
හේතුකාරක වශයෙන් ප්‍රමුඛවන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවටද හේතුවක් තිබිය
යුතු අතර එය ඵලයක් වශයෙන් ද අතීත යම් හේතූවක් නිසා ඇති වූ මානසිකත්වයක්
බැවින් මූලහේතූන් සොයා වෙහෙසීමට වඩා පවත්නා හේතුඵලයන් නැතිකිරීම
ප්‍රඥාගෝචර වේ.
සත්ත්වයාගේ පැවැත්ම විවිධාකාරයෙන් වේදනාකාරී බැවින් එය ආර්යඤාණයෙන්
අවබෝධ කරගෙන එයට හේතුවත්, නැතිකිරීමේ මාර්ගයත් ප්‍රථමයෙන් දැනගෙන
බුදුරදුන් ලෝකයට දේශනා කළ සේක.
පවත්නා පංචස්ඛන්ධය මෙන්ම සමස්ත ලෝකයම මොහොතක් පාසා දුක්වේදනා සංයුක්තවග
විද්‍යාත්මක ලෝකයට ඉතා හොඳින් පැහැදිලි වුවද එයට හේතූව නැතිකිරීම
වෙනුවට ඵලය සමග තෙරපීමට එකිනෙකා පරයා පියවර තබන්නට යාමෙන් විශේෂයෙන්
සමස්ත මානව පරපුර මෙන්ම සත්ත්ව සන්තතියම භයානක දුර්විපාකයකට මූණ පාමින්
සිටින මොහොතක අප බුදුරජාණන් වහන්සේගේ් ප්‍රථම උදානයෙන් ප්‍රකටවන
ගහකාරක, ගහකූට, විසංඛාර යන ධර්මයන් කෙරෙහි සිහිබුද්ධිය යොමා විමුක්ති
මාර්ගයට ළඟාවීමට පියවර ගත යුතු වන්නේ ය.
ඔබ සැමට තෙරුවන් සරණයි!
|