මවු පසට සෙත සැලසූ නිදහසේ දහම
පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථොදය මහ පිරිවෙනේ ආචාර්ය
ශාස්ත්‍රපති ඒ. ඒ. ජයරත්න
හින්දුන් කාන්තාවන් සඳහා පැවිදි සමාජයක් ඇති නොකළ අතර, බුදුහිමියෝ
කාන්තාවන් සඳහා ද පැවිදි
සමාජයක් ඇති කළහ. ඒ අනුව භික්ෂුණී සමාජය ඇති කළහ. මහා ප්‍රජාපතී ගෝතමී,
ඛේමා වැනි රාජකීය පවුල්වල
කාන්තාවෝ ද, උප්පලවණ්ණා, කුණ්ඩලකේශී වැනි සිටු
පවුල්වල කාන්තාවෝ ද,
සාමාන්‍ය පවුල්වල කාන්තාවෝ ද,පැවිදි වූහ. ඛේමා, උප්පලවණ්ණා, සේලා,
විමලා වැනි භික්ෂූණීන් වහන්සේ රහත්
තත්ත්වයට ද පත්වූහ.
කාන්තාවන්ට විමුක්තිය ලැබිය නොහැකි ය යන හින්දු මතය අසනාථ කිරීමට, මෙම
පිරිස සමත් විය
ආගම මුල් කරගෙන සමාජය තුළ අසාධාරණකම් සිදුකළ ආගමික කණ්ඩායම් පිළිබඳ ලෝක
ඉතිහාසයේ තොරතුරු සඳහන් වෙයි. ඉන් එක් පිරිසක් වශයෙන් බුද්ධකාලීන උතුරු
ඉන්දියාවේ සිටි බ්‍රාහ්මණයන් පෙන්වාදිය හැකි ය. හින්දු ආගමේ පූජකයන් වූ
මෙම පිරිස නිසා සමාජයේ විශාල පිරිසකට අසාධාරණයක් සිදු වූ අතර ඉන් එක්
කොටසක් වශයෙන් කාන්තාවන් පෙන්වා දිය හැකි ය. බමුණන්ගේ ඉගැන්වීම් නිසා
දේශපාලන, ආගමික, සාමාජීක, ආර්ථික ආදී කිසිම අංශයකට උරුමකම් කීමට
නොහැකිව කාන්තාවෝ නිවස නමැති සිපිරි ගෙය තුළ සිර වී සිටියහ. මෙම
අසාධාරණය මැනවින් තේරුම් ගත් බුදුරජාණන් වහන්සේ, බමුණන්ගේ පුහු මතවලට
වචනයෙන් හා ප්‍රායෝගිකව පහර දෙමින් සමාජයේ සිරකාරියන් බවට පත් වී සිටි
කාන්තා පරපුරට නිදහස ලබාදීමට ඉදිරිපත් විය.
හින්දු ආගමට අනුව, ගැහැණු දරුවකුගේ ඉපදීම අභාග්‍යසම්පන්න සිද්ධියකි.
යම්කිසි නිවසක ගැහැණු දරුවෙක් ඉපදුනහොත් පියාට සහෝදරයන්ට හා ගමටම
නොයෙක් කර සිදුවේය යන්න, ඔවුන් සමාජය තුළ ව්‍යාප්ත කළ විශ්වාසය විය. මේ
නිසා සමහරු ගැහැණු ළමයෙක් ඉපදුණහොත් මහමඟ දමා යති. ගගට හෝ කැලයට විසි
කරති. තවත් සමහරු අකමැත්තෙන් ඒ දැරිය හදාගනිති. මෙම වැරැදි මතය
සාමාන්‍ය ජනතාව පමණක් නොව රජවරු ද පිළිගත්හ. දිනක් කොසොල් රජතුමා
බුදුරදුන් සමග කතා කරන විට ඇමතියෙක් පැමිණ බිසවට ගැහැණු දරුවකු ලැබුණු
බව පවසයි. මෙම කථාව ඇසූ රජුගේ මුහුණ තරමක් වෙනස් විය. සතුට විය යුතු
අවස්ථාවක සතුටු නොවන්නේ මන්දැයි බුදුන් වහන්සේ රජුගෙන් ඇසූහ. ගැහැණු
ළමයෙක් ඉපදුන නිසා අසතුටු වන බව රජ පැවසීය. ඉපදුනු දරුවාගේ ගැහැණු
පිරිමි බව නොසොයා සතුටු වී ආදරයෙන් ඇති දැඩි කරගන්නා ලෙසත්, බුද්ධිමත්
ශීලවන්ත පතිව්‍රතාව රකින කාන්තාව රටක් පාලනය කිරීමට වුවත් සුදුසු බවත්
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පෙන්වා දෙති. මින්පසු රජු සතුටට
පත්විය. කාන්තාවක් රටක් පාලනය කිරීමට සුදුසු යැයි පළමුවෙන්ම දේශනා කළේ
බුදුරදුන්ය.
බමුණාගේ තවත් එක් මතයකට අනුව කාන්තාව ආගමික කටයුතුවලට සහභාගි නොවිය
යුතු ය. ස්වාමියා සමග හෝ ආගමික ස්ථානයකට නොයා යුතුªය. වේද පාඨ ගායනා
කිරීම, ඇයට තහනම් ය. පතිවත රකිමින්, ස්වාමියාගේ සිත දිනාගෙන කටයුතු
කිරීමෙන්, බ්‍රහ්ම සහව්‍යතාව හෙවත් මහා බ්‍රහ්මයාගේ සමීපයට යෑමට ඇයට
හැකි බව ප්‍රකාශ විය. බුදුරදුන්ගේ මතය අනුව ඇයට ආගමික කටයුතුවලට සහභාගි
වීමට කිසි තහනමක් නැත. ආගමික කටයුතු සිදුකරන ස්ථානයකට යෑමට හැකිය. නිවන
අවබෝධ කර ගැනීමට ද ස්ත්‍රීත්වය බාධාවක් නොවන බව උන්වහන්සේ පෙන්වා
දුන්හ. ආගමික කටයුතු වලදී ස්ත්‍රී පුරුෂ භේදයක් අවශ්‍ය නැත. බුදුරජාණන්
වහන්සේ පෙන්වා දුන් අන්දමට ධර්මය ඉගෙන ගැනීමට කාන්තාවට බාධාවක් නැත.
දාන, ශීල, භාවනා ආදී ඕනෑම ආගමික කටයුත්තකට සහභාගිවීමට ඇයට හැකිය.
ස්වාමියා සමග ආගමික කටයුතුවලට සහභාගි වීමට හැකි ය.
බමුණු ඉගැන්වීම් අනුව සමාජය කොටස් හතරකි. එහෙත් එම බෙදීම සාධාරණ නොවී
ය. බුදු හිමියෝ ද බෞද්ධ සමාජය කොටස් හතරකට බෙදා ඉන් කොටස් දෙකක් කාන්තා
පක්ෂය සඳහා වෙන් කළහ.
හින්දුන් කාන්තාවන් සඳහා පැවිදි සමාජයක් ඇති නොකළ අතර, බුදුහිමියෝ
කාන්තාවන් සඳහා ද පැවිදි සමාජයක් ඇති කළහ. ඒ අනුව භික්ෂුණී සමාජය ඇති
කළහ. මහා ප්‍රජාපතී ගෝතමී, ඛේමා වැනි රාජකීය පවුල්වල කාන්තාවෝ ද,
උප්පලවණ්ණා, කුණ්ඩලකේශී වැනි සිටු පවුල්වල කාන්තාවෝ ද, සාමාන්‍ය
පවුල්වල කාන්තාවෝ ද,පැවිදි වූහ. ඛේමා, උප්පලවණ්ණා, සේලා, විමලා වැනි
භික්ෂූණීන් වහන්සේ රහත් තත්ත්වයට ද පත්වූහ. කාන්තාවන්ට විමුක්තිය ලැබිය
නොහැකි ය යන හින්දු මතය අසනාථ කිරීමට, මෙම පිරිස සමත් විය. බුදුරදුන්
භික්ෂූණීන් වහන්සේට අග තනතුරු ද ප්‍රදානය කළහ. ඛේමා, උප්පලවණ්ණා දෙනම
අග්‍ර ශ්‍රාවිකාවන් බවට පත් කළහ. විනයධාරී භික්ෂුණීන් අතර අග තනතුර
පටාචාරා භික්ෂුණියටත්, දිවැස් ඇති භික්ෂුණීන් අතර අග තනතුර සකුලා
භික්ෂුණියටත්, සෘද්ධිමත් භික්ෂුණීන් අතර අග තනතුර උප්පලවණ්ණා
භික්ෂුණියටත් හිමිකර දුන්හ.
විශාඛා උපාසිකාව පූජා කළ පූර්වාරාමය බුදුරජාණන් වහන්සේ පිළිගත්හ. ඇය
නිතර නිතර බුදුරදුන් ඇතුළු භික්ෂූන් වහන්සේ හමුවීමට පැමිණියාය.
උන්වහන්සේට දානය පිරිනැමුවා ය. භික්ෂුණින් වහන්සේ සම්බන්ධව ගැටලු ඇති
වූ අවස්ථාවලදී ඒවා විසඳීමට ඉදිරිපත් වූයේ ද මෙම උපාසිකාව යි. මේ නිසා
ඇයට අග්‍ර උපස්ථායිකා තනතුරු හිමි විය. අම්බපාලි නමැති නගර සෝබනිය පූජා
කළ අඹ උයන බුදුහිමියෝ පිළිගත්හ. බන්ධුල මල්ලිකා, සාමාවතී, ඛුජ්ජුත්තරා
වැනි උපාසිකාවන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇත.
බමුණන්ගේ ඉගැන්වීම් නිසා පවුලක මවට, පියාට මෙන් සැලකිල්ලක් නොලැබිණි.
මවට අඩු සැලකිල්ලක් ද පියාට වැඩි සැලකිල්ලක් ද දරුවන්ගෙන් ලැබිණි. මෙම
අසාධාරණය වටහාගත් බුදුහිමියෝ මවට හා පියාට එක සමානව සැලකිය යුතු බව
පෙන්වා දුන්හ. මහා බ්‍රහ්මයා ළඟ මෙත්තා, කරුණා, මුදිතා උපේක්ෂා යන ගුණ
ධර්ම හතර ඇතැයි හින්දුහු විශ්වාස කළහ. මෙම ගුණ ධර්ම හතර මව සහ පියා ළඟද
තිබෙන බවත්, ඒ නිසා මේ දෙදෙනා මහා බ්‍රහ්මයාට සමාන බවත් උන්වහන්සේ
පෙන්වා දුන්හ. හින්දුන්ගේ සර්වබලධාරී මහා බ්‍රහ්මයාට මව සමාන කළහ.
සිඟාලෝවාද සූත්‍රයට අනුව දරුවන් විසින් කරුණු පහකින් මවටත්, පියාටත්
සැලකිය යුතුය. බෞද්ධ ඉගැන්වීම් අනුව පියාට වැඩි සැලකිල්ලක් නැත. මවටත්
පියාටත් එක හා සමානව සැලකිය යුතුය. බෞද්ධ ඉගැන්වීම් අනුව නිවසේ සිටින
හොඳම මිතුරා අම්මා ය. (මාතා මිත්තං සඛෙ ඝරෙ)
හින්දු ආගමෙන් බිරියට පැන වූ බලවත්ම අසාධාරණය සති පූජාව යි. බිරියට පෙර
ස්වාමියා මියගියහොත් ඔහුගේ දර සෑයට බිරිය කැමැත්තෙන්ම පැනිය යුතු ය. ඇය
එසේ නොකළහොත් ස්වාමියාගේ පිරිමි ඥාතීන්ට එක් වී ඇය අල්ලා දර සෑයට
දැමීමට හැකි ය. ඇය ස්වාමියාගේ මෙහෙකාරියකි. ස්වාමියාගේ් බූදලය පිළිබඳ
ඇයට අයිතියක් නැත. වටිනා ඇඳුම් හා ආභරණ පැළඳීම තහනම් ය. මෙයට විරුද්ධ
වූ බුදු හිමියෝ බිරිය ස්වාමියාගේ සහකාරිය වූ බැවින් ස්වාමියාගේ දේපොළ,
බූදලය ඇයටත් අයිති බව පවසති. ස්වාමියා විසින් තම බිරියට වස්ත්‍රාභරණ
ලබාදිය යුතුය. ස්වාමියා විසින් බිරියටත් බිරිය විසින් ස්වාමියාටත්
යුතුකම් ඉෂ්ට කළ යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙයි. ස්වාමියාගේ
හොඳම මිතුරා බිරිය බව බුදුසමය පෙන්වා දෙයි. (භරියා පරමො සඛා)
බමුණු ඉගැන්වීම් නිසා බිරියගේ විවාහ ජීවිතය ද එතරම් සතුටුදායක නොවී ය.
තරුණ විය ඉක්ම වූ තලතුනා වයසේ පුද්ගලයෝ ලාබාල තරුණියන් විවාහ කර ගත්හ.
සමහර අවස්ථාවලදී බමුණන්ද මෙසේ ක්‍රියා කොට ඇත. එහෙත් බුදුසමය මෙවැනි
විවාහ ප්‍රතික්ෂේප කරයි. තරුණ විය ඉක්ම වූ පුද්ගලයෙක් ලාබාල තරුණියක
විවාහ කර ගැනීමෙන්, එම පුද්ගලයා පිරිහෙන බව පරාභව සූත්‍රයේ සඳහන් වෙයි.
හින්දු ඉගැන්වීම් පෙන්වා දෙන අන්දමට කාන්තාව මෝඩ තැනැත්තියකි. ඇයට
ඇත්තේ අඟල් දෙකක බුද්ධියකි. මෙම මතය වැරැදි බව බුදුහිමියෝ පෙන්වා දෙති.
කුණ්ඩලකේශිගේ කතාව මෙම බමුණු මතය බිඳ දමයි. ස්ථානෝචිත ප්‍රඥාව නිසා සොර
සැමියාගෙන් තම ජීවිතය බේරා ගැනීමට ඇය සමත් වූවා ය. සෑම අවස්ථාවකම
පිරිමියාම බුද්ධිමත් නොවන බවත්, සමහර අවස්ථාවලදී කාන්තාව ද බුද්ධිමත්
වන බවත් බුදු හිමියෝ පෙන්වා දෙති. තම මිථ්‍යාදෘෂ්ටික ස්වාමියා ද එම
පවුලේ සියලු දෙනාටද ක්‍රමයෙන් බුදු දහම අවබෝධ කරවීමට විශාඛා සිටු
දියණිය සමත් වූයේ ඇයගේ බුද්ධිය නිසා ය.
වර්තමානයේදී සමහර ආගම් මගින්, එම ආගම්වලට සම්බන්ධ කාන්තාවන්ගේ නිදහස
තරමක් දුරට අහුරා දමා සමහර කටයුතුවලට තහංචි දමා ඇත. එහෙත් කාන්තාවන්ගේ
වටිනාකමත් ඇයගේ සේවයත් තේරුම්ගෙන කාන්තා නිදහස අගය කළ දහමක් වශයෙන්
බුදුසමය පෙන්වා දිය හැකි ය.
|