අකාලික නිවන
සම්මානි මහාචාර්ය
ටී.එස්. අබේවික්‍රම
නිවන තමන්ට ප්‍රත්‍යක්ෂ වී පත්තියං වෙන්නේ නිවනත් තමනුත් එකත් නොහොත්
එකාත්මික වීමෙනි. තමාත්
නිවනත් අතර විභෙදනය නැති වී තමා නිවන බව පත්වීමෙනි. එසේ වන්නේ නිවන තමා
තුළ ඇති
සනාතන ධර්මයක් වන හෙයිනි. ‘සනාතන’ යනුවෙන් අදහස් වන්නේ සීමිත කාල
ප්‍රමාණයකින් මැනිය නොහැකි අසීමිත නොහොත් අනන්ත වූ අකාලික ධර්මයක් බවය.
ගත වී යන කාල ප්‍රමාණයෙන් මැනිය හැක්කේ ඉපදී හෝ ඇති වී
දිරාපත්ව ලෙඩ වී මැරී යන නොහොත් නැති වී යන දේ ය. ජාති ජරා ව්‍යාධි මරණ
යන දුක්ඛ
ධර්මයන්ට යටත්
ලෞකික දේය.
බුදු දහමේ අකාලික ගුණය” යන මැයෙන් 2009 පෙබරවාරි 9 වනදා නවම්පුර
පසළොස්වක් පෝ දින බුදුසරණ පතෙහි එස්. නිමල් ප්‍රනාන්දු මහතා පළකොට
තිබුණු ලිපියේ අරමුණ ලෙස දක්වා ඇත්තේ බුදුදහමේ සඳහන් ‘අකාලික ගුණය’
පිළිබඳ කිනම් අර්ථ කථනය නිවැරැදි දැයි වියතුන්ගෙන් දැන ගැනීම වේ.
‘අකාලික’ යන්නෙහි ව්‍යාර්ථය කාලයට අයත් නොවන නැතහොත් කාලයෙන් මැනිය
නොහැකි යන්නයි. කාලයෙන් මැනිය හැක්කේ් ජාති ජරා ව්‍යාධි මරණ
ලක්ෂණයන්ගෙන් යුක්ත ලෞකික නොහොත් භෞතික දේ මිස ලෝකෝත්තරයයි කියනු ලබන
අභෞතික නොහොත් පාර- භෞතික ධර්මයක් වන අජරාමර නිවන නොවේ. ‘ස්වක්ඛාතො
භගවතා ධම්මො’ යනුවෙන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඉතා මනාව පැහැදිකර දී
ඇති නිර්වාණ ධර්මයේ මූලික ලක්ෂණ පහෙන් එකක් දැක්වෙන්නේ නිවනෙහි අකාලිකො
ගුණය ලෙසයි. ‘සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං
වෙදිතබ්බො විඤ්ඤුහි’ යනුවෙනි. ඒ ගුණ පහ දැක්වෙන්නේ සන්දිට්ඨිකො යනු
සාන්දෘෂ්ටික නොහොත් තමා විසින්ම දැකගත යුතු ස්වයං දෘෂ්ටික ධර්මයක්
බවයි. ‘අකාලිකො’ යනු ගතවෙන කාල ප්‍රමාණය මැනිය හැකි අතීත කාලය හා අනාගත
කාලය එකිනෙකට වෙන් වී බෙදෙන එහෙත් ගතවෙන කාල ප්‍රමාණයක් මැනිය නොහැකි
අකාලික සන්ධිස්ථානය වන වත්මන් මොහොත බවයි. එහිපස්සිකො යනු එබඳු මේ
මොහොතේ් මෙතැනදීම දැකිය හැකි බවයි. ඕපනයිකො යනු තමා තුළින් මතුවන බවයි.
පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි යනු විඤ්ඤාණවන්තයින් නොහොත් සංවේදී අය
විසින් තමන්ටම පත්තියං කරගත හැකි නොහොත් ප්‍රත්‍යක්ෂකරගත හැකි ධර්මයක්
බවයි.
නිවන තමන්ට ප්‍රත්‍යක්ෂ වී පත්තියං වෙන්නේ නිවනත් තමනුත් එකත් නොහොත්
එකාත්මික වීමෙනි. තමාත් නිවනත් අතර විභෙදනය නැති වී තමා නිවන බව
පත්වීමෙනි. එසේ වන්නේ නිවන තමා තුළ ඇති සනාතන ධර්මයක් වන හෙයිනි.
‘සනාතන’ යනුවෙන් අදහස් වන්නේ සීමිත කාල ප්‍රමාණයකින් මැනිය නොහැකි
අසීමිත නොහොත් අනන්ත වූ අකාලික ධර්මයක් බවය.
ගත වී යන කාල ප්‍රමාණයෙන් මැනිය හැක්කේ ඉපදී හෝ ඇති වී දිරාපත්ව ලෙඩ වී
මැරී යන නොහොත් නැති වී යන දේ ය. ජාති ජරා ව්‍යාධි මරණ යන දුක්ඛ
ධර්මයන්ට යටත් ලෞකික දේය.
නිවනෙහි ඉපදීමක් නැති නිසා අජාතය. ඇතිවීමක් නොහොත් සිදුවීමක් නැති නිසා
අභූ®තය. සකස්වීමක් නැති නිසා අසංඛතය. කරන ලද දෙයක් නැති නිසා අකතය.
ඛුද්දක නිකායේ උදාන පාලියේ පාටලීගාමග්ගයේ පඨම නිබ්බාන සුත්තයේ ‘අත්ථි
භික්ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ යන බුද්ධ පාඨයෙන් කියවෙන්නේ නිවනෙහි
මෙසේ ඉපදීමක් සිදුවීමක් කිරීමක් හෝ සකස්වීමක් නැති බවය.
ඉපදීමත්, සිදුවීමත්, කිරීමත්, සකස්වීමත්, කිසියම් කාලයක් ගතවෙන කාලික
ක්‍රියාවන්ය. එබඳු කිසිම ක්‍රියාවක් සිදු නොවන නිවන අකාලික ධර්මයකි.
හැම ක්‍රියාවකටම ආරම්භයක් පැවැත්මක් හා අවසානයක් ඇතද ක්‍රියාවක් නොවන
නිවනෙහි ආරම්භයක් පැවැත්මක් හෝ අවසානයක් නැත. ආරම්භය පැවැත්ම හා අවසානය
යන සිද්ධිත්‍රයෙන් සිදුවන්නේ කිසියම් කාලයක් ගතවීමකි. නිවන එසේ කාලයක්
ගත නොවන අකාලික දහමකි.
කාලය යනු අවකාශය හා සම්බන්ධ සාපේක්ෂක මානයක් නොහොත් මිම්මකි. භෞතික
විද්‍යාව අනුව අප ජීවත්වන්නේ දිග පළල උස යනුවෙන් මනිනු ලැබිය හැකි
භෞතික වස්තුවලින් සැදුණු ත්‍රිමාන ලෝකයකය. විද්‍යාඥයන් විසින් කාලයද
හතරවෙනි මානය ලෙස මේ ජ්‍යාමිතිකය ත්‍රිමානයට එක්කර ඇත.
ජ්‍යාමිතියට අනුව සෑම භෞතික වස්තුවක්ම උඩ සිට පහළටත්, වමේ සිට දකුණටත්,
ඉදිරියේ සිට පසු පසටත් යනුවෙන් ත්‍රිවිධාකාරයකට නොහොත් ත්‍රිමානයකට
මැනිය හැක. මෙසේ මැනිය හැකි දුරක් ගත කිරීමට කිසියම් කාලයක්ද ගත වේ.
ජ්‍යාමිතික ත්‍රිමානයට අමතරව කාලයද හතරවෙනි මානය ලෙස විද්‍යාඥයන්
විසින් එක්කරනු ලැබ ඇත්තේ එහෙයිනි.
භෞතික යනුවෙන් හඳුන්වනු ලබන්නේ් පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා
භූ®තයන්ගෙන් නිර්මිත වස්තුය. කාලය ගතවෙන්නේ් ඇතිවී, ගත වී නැතිවී යන
එබඳු භෞතික වස්තුන්ටය. ඛුද්දක නිකායේ උදාන පාළියේ පාඨලීගාම වග්ගයේ පඨම
නිබ්බාන සුත්තයෙහි එන බුද්ධ උදානය අනුව පඨවි, ආපො, තෙජො, වායො යන
සතරමහා භූතයන්ගෙන් නිර්මිත භෞතික වූ කිසිවක් ශුන්‍ය ධර්මයක් වන
නිර්වාණ ධර්මය තුළ නැත. එම නිසා නිර්මාණය තුළ කාලය ගතවීමක්ද සිදු නොවේ.
එහෙයින් නිවන අකාලිකය. කාලය ගතවන්නේ් උපදින සිදුවෙන කරෙනු ලැබෙන
සකස්වෙන ධර්මයන්ටය. නිවන අජාතය. අභූ®තය. අකතය. අසංඛේතය.
නිර්වාණාවබෝධයේ පදනම වන්නේ ඇතිවෙන හැම දෙයක්ම කිසියම් කාල සීමාවක් තුළ
නැතිවී යන බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධවීමය. බුදු හිමියන්ගේ ප්‍රථම
ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය අසා සෝවාන් පලය මගින්
නිර්වාණාවබෝධය ලත් ප්‍රථම බුද්ධ ශ්‍රාවකයා වූයේ කොණ්ඩඤ්ඤ තවුසන්ය. එම
සූත්‍ර දේශනාව අවසානයේදී ‘ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්කං
උදපාදි’ යනුවෙන් බුදු හිමියන් වදාළේ කොණ්ඩඤ්ඤ තවුසන් තුළ දහම් ඇස පහළ
වූ බවය. ‘යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති’ යනුවෙන්
මෙහිදී බුදු රදුන් වදාළේ ඇතිවෙන සියල්ලම නැතිවෙන බව අවබෝධ වීම නිවන දහම
දකින දහම් ඇස පහළ වීමක් ලෙසය.
නිවන් දැකිම යනු සිතේ නිවීම දැකීමය. අපේ සිත දැවෙන්නේ භෞතික වූ කාම
වස්තූ®න්ට ඇලී ගැලී සිටින තරමටය. ඒ ඇලීම් ගැලීම් සිතෙන් ගිලිහී යන්නේ
අප ඇලුම් කරන සියල්ලම කිසියම් කාලයක් තුළදී ඇතිවී නැතිවී යන බව අවබෝධ
වූ විටය. නිර්වාණයේ පදනම ඒ අතීත්‍යාවබෝධය යි. යමක් අනිත්‍ය නම් එයම
දුක්ඛ වන අතර යමක් දුක්ඛ නම් එයම අනාත්ම බවය සංයුක්ත නිකායේ එන යදනිච්ච
සූත්‍රයේ සඳහන් ‘යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා’ යන බුද්ධ
පාඨයෙන් කියවෙන්නේ. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන විශ්ව සාධාරණ
ත්‍රිලක්ෂණයේ මූලිකම ලක්ෂණය අනිත්‍යතාවය යි.
අනිත්‍යතාවය යනු භෞතික කිසිවක් නිත්‍ය ස්වරූපයකින් නිත්‍යව නොහොත්
නිරන්තරව නොපවතින බවය. හැම භෞතික ස්වරූපයක්ම නිතර නිතර වෙනස්වන බවය.
විපරිණාම දුක්ඛයට භාජනය වන බවය. නිතර නිතර වෙනස්වන කිසිවක් මමය,, මාගේය
යනුවෙන් නිත්‍යව අයිතිකරගත නොහැකි බවය. අප ජීවත්වන භෞතික ලෝකයෙහි
ඇත්තේ මේ ගතික ලක්ෂණය යි. සංසරණ ලක්ෂණය යි. එන හැම දෙයම යන බවයි. මුළු
මහත් සංසාරයෙහිම ඇත්තේ මේ සංසරණ ලක්ෂණය යි. සංසරණය නොහොත් විපරිණාමය
සඳහා කාලයක් ගත වේ. සංසාරණයක් නොහෙත් විපරිණාමයක් නැති නිවනෙහි කාලය
ගතවීමක් නැත. එහෙයින් නිස්සරණය නමින් නිවන හැඳින්වෙන්නේ. එසේම සංසරණයට
නොහොත් විපරිණාමයට කාලයක් ගත නොවන නිවන අකාලිකො නමින් හැඳින්වෙන්නේය.
කාලය ගතවීම නිතරම කිසියම් භෞතික වස්තුවක් හා සාපේක්ෂකය. හැම භෞතික
වස්තුවක්ම ත්‍රිමාන අවකාශකයක් හා සාපේක්ෂකය. අවකාශයක් තුළ මැනිය හැකි
දිග පළල හා උසින් යුක්තය. කිසියම් කාලයක් තුළ ඇති වී නැතිවී යන භෞතික
වස්තුන්ට නිවනෙහි අවකාශයක් නැත. භෞතික වස්තුවක් හා අවකාශයක් නැති තැන
කාලය ගතවීමක්ද නැත. කාලයක් ගත වන්නේ කිසියම් අවකාශයක් තුළ භෞතික වස්තු
ඇතිවී නැති වී යාමටය. සම්මා සමාධිය තුළද ඇතිවීමකු හා නැතිවීමක් අතර
ගතවෙන කාලයක් නොදැනේ. දින හතක් තුළ සම්මා සමාධියෙන් සිටියද දින හතක
කාලයක් ගතවෙන බව සම්මා සමාධිය තුළදී නොදැනේ. දින හතක් පවතින
සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය ද එසේ අකාලිකය.
සම්මා සමාධිය තුළදී උදාවන මාර්ග සිත හා පල සිත අතරද කාල පරාසයක්
නොදැනේ. ආනන්තරික සමාධි නමින් සම්මා සමාධිය හැඳින්වෙන්නේ එහෙයිනි.
‘අකාලිකො’ යනු ඒ ආනන්තරික ගුණයයි. ‘සූවිසි මහ ගුණය’ නම් ග්‍රන්ථයේදී
රේරුකානේ චන්දවිමල මහනාහිමියන් අකාලික ගුණය හඳුන්වන්නේ මාර්ග චිත්තය හා
පල චිත්තය අතර කාල පරාසයක් නැතිකම ලෙසය. මෙහි කාලය යනු මානසික කාලය යි.
මානසික හා භෞතික යනුවෙන් කාලය දෙයාකාරය. භෞතික වස්තුවල කාලය ගත වෙන්නේ
අතීතයේ සිට වර්තමානය හරහා අනාගත දෙස එකම අතකට ගමන් කරන සෘජු රේඛාවක්
ලෙසය. මෙම සෘජු රේඛීය භෞතික කාලය අනාගතයේ සිට අතීතය කරා ආපසු ගමන්
නොකරයි. එම නිසා මහල්ලකුට යළිත් තම කිරි දරු වයසට ආ නොහැක.
භෞතික කාලයට මෙන් නොව මානසික කාලයට අතීතයේ සිට අනාගතයට මෙන්ම අනාගතයේ
සිට අතීතයටද ගමන් කළ හැක. ලෝභය යනු අනාගත සිහිනයක් සිතෙන් මවාගෙන ඒ
බලාපොරොත්තු ව ඇති වූ සිත නූපන් අනාගතයට ගමන් කිරීමටය. ද්වේෂය යනු අතීත
අත්දැකීමක් මතක සටහනක් අල්ලාගෙන සිත ප්‍රකෝපයට පත්වීමය. මෝහය යනු මිය
ගිය අතීතය පිළිබඳ මතක සටහනුත් නූපන් අනාගතය පිළිබඳ සිහින සංකල්පත්
සත්‍යයක් නොවන මායාවක් බව නොවැටහීමය. ලෝභ, දෝස, මෝහ නැති වූ නිවනෙහිත්
ලෝභ, දෝස, මෝහ යටපත්වූ සම්මා සමාධියෙත් මේ කාල සංකල්පය නැත. කාලය ගතවෙන
බව දැනීමක් නැත.
බුදු, පසේබදු, මහරහත් වහන්සේලාගේ සිත් තුළ කාලය ගතවීමක් නැත. අතීත හා
අනාගත භේදයක් නැත. ඒ උතුමන්ට අතීතයේ සිදුවූ දේත්, අනාගතයේදී සිදුවන
දේත් මේ දැන් සිදුවන්නා සේ ‘එහිපස්සිකව‘ දැනේ. එසේම ඒ සිත් තුළ ළඟ හා
දුර යනුවෙන් දේශ භේදයක්ද නැත. ළග ඇති දේත් දුර අති දේත් මේ දැන් මෙතෙන
ඇතිසේ දැනේ. ඒ නිසා ඒ සිත් කාලයෙන් තොරය. අකාලිකය. දේශයෙන්ද තොරය.
අනන්තය. අකාලිකො හා අනන්තං යනුවෙන් නිවන හැඳින්වෙන්නේ එහෙයිනි.
|