බෞද්ධයා රූපවාහිනියේ සජීව මැදින් පොහොය විකාශය
ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැඳුරේ සිට
කොළඹ 7 විජේරාම මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරයේ සිට බෞද්ධයා
රූපවාහිනියේ මැදින් පොහොය විකාශය සිදු කෙරේ. එම වැඩසටහන මෙසේය. එදින
පෙරවරු 6 - 7 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව,
ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8 - 84 - ධර්ම දේශනාව -
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමිපාණන් වහන්සේ, 9 - 9.45 - භාවනා
වැඩසටහන - ශාස්ත්‍රපති පණ්ඩිත, තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් වහන්සේ,
10.30 - 11.30 - දම්සභා මණ්ඩලපය - ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම
නාහිමි, අග විනිසුරු ධුරන්දර සරත් එන්. සිල්වා මැතිතුමා, පස්වරු 12.30
- 12.45 - මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු කෘතිම පාද
පිරිනැමීම, 1 - 1.45 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව - කලුබෝමිිටියන
ගුණානන්ද හිමිපාණන් වහන්සේ, 2 - 2.45 - ධර්ම දේශනාව - පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමිපාණන් වහන්සේ, 3.30 - 4.15 - භාවනා වැඩසටහන - අඟුල්ගමුවේ
සද්ධම්මාලෝක හිමිපාණන් වහන්සේ, 4.30- 5.15 - සත්බුදු පූජාව හා සිල්
පවාරණය - පදලංගල ධම්මදේව හිමිපාණන් වහන්සේ. |