ලේක්හවුස් නිර්මාතෘ
ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ
ජන්ම සමරු පින්කම් 21 - 22
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 123 වන ජන්ම සමරුව
නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේදී මෙම 21
සහ 22 යන දිනවලදී පින්කම් මාලාවක් සිදු කැරේ. මෙම 21 වනදා සර්ව
රාති‍්‍රක පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර 22 වනදා දවල් සපිරිකර
සංඝගත දක්ෂිණාව පිරිනැමේ.
ඉතිරිය»
ජන කවියා දුටු බුදු ගුණ
ජනතාව දැනුමෙන් සදාචාරයෙන් හා
රසාත්මක බවින් පෝෂණය කරන සාහිත්‍යයද බුද්ධාගමෙන් පෙන්වා
දුන් මාර්ගයේම ගමන් ගත් බව පෙනේ. සම්භාව්‍ය ගද්‍ය රචකයෝ
මෙන්ම පද්‍ය රචකයෝද බුදු සිරිතත් බෝසත් සිරිතත් සිය
නිර්මාණවලට වස්තුකර ගත්හ. එවන් නිර්මාණ කිරීමට තරම්
දැනුමත් කුසලතාත් නොමැති වුවද ජන කවියෝද සිය නිර්මාණවලදී
බුදුගුණ හා බුදුබණ අමතක නොකළ බව බොහෝ ජනකවි නිර්මාණවලින්
පෙනේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සඟ රුවන ඇසුරෙන්
ලැබෙයි අනුසස්
සිල්වත් ගුණවත්
භික්ෂූන් වහන්සේ නමක් තම නිවසට වැඩම කරවන අවස්ථාවේ දී තම
තමන් වාඩි වී සිටින ආසන වලින් නැගී සිටීම, වන්දනා කිරීම,
සුදුසු ආසනයක් සකස් කිරීම බෞද්ධ සිරිත් විරිත් දන්නා
පුද්ගලයන්ගෙන් නිතැනින්ම සිදුවන්නකි. මෙය අවබෝධයකින් යුතුව
කරන්නේ නම් මහ පින්කමක් වේ.
ඉතිරිය»
ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ 50 වන වාර්ෂික පින්කමෙන්....
කෝට්ටේ ශ්‍රී දේවානන්ද නාහිමියන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී කල්‍යාණ
ධර්ම පෙරමුණ වාර්ෂිකව පවත්වනු ලබන මෙම පින්කම් මාලාවේ අවසාන පින්කම්
සෑම වසරකම දෙසැම්බර් 25, 26 සහ 27 යන තෙදින පුරා කතරගමදී පැවැත්වෙයි.
එම පින්කම් මාලාවේ 50 වන පින්කම ආරම්භ කරමින් ශ්‍රී කළ්‍යාණ ධර්ම
පෙරමුණේ් සාමාජික සාමාජිකාවන් මහා සංඝරත්නයද පෙරටු කොටගෙන කොළඹ සිට
කතරගම දක්වා ගමන් කරන අතරවාරයේදී බෙල්ලන්විල රජමහා විහාරය, කළුතර
බෝධින් වහන්සේ, දෙවිනුවර තිස්සමහාරාම චෛත්‍යය ආදි ස්ථාන වැඳපුදා
ගනිමින් කතරගමට ළඟාවිය.
ඉතිරිය»
|