තලවින්නේ ධම්ම රක්ඛිත නා හිමියෝ උපහාර ලබති
සේනක පද්මකුමාර
නුගේගොඩ උඩහමුල්ල සිරි ජිනරතනාරාමයේ සහ ගම්පොළ අටබාගේ පුරාණ නාග ශ්‍රී
බෝධි විහාරයේ අධිපති මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක තලවින්නේ
ධම්මරක්ඛිත හිමියන්ගේ ආගමික හා සමාජයීය සේවාව පිළිබඳ උපහාර පිදීමේ
උළෙලක් පසුගිය දා මහරගම තරුණ සේවා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
1934 දෙසැම්බර් 30 වනදා මහනුවර තලවින්නේ උපත ලැබූ උන් වහන්සේ පැවිදි බව
ලැබුයේ ගම්පොළ අටබාගේ පුරාණ නාග ශ්‍රී බෝධි විහාරස්ථානයේ දී දෙහිදෙනියේ
ඛේමානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙනි. ගම්පොළ සිරි බුවනෙකාබා පිරිවෙනෙන්,
මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන්, සහ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන්
අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ ඉන්පසු ආගමික, ජාතික සහ සාමාජික සේවාව සඳහා
මුළුජීවිතයම කැප කළහ. මේ නිසා උන්වහන්සේට 1997 දී මහනුවර දිසාවේ
ප්‍රධාන සංඝනායක පදවිය ද 1998 දී කල්‍යාණී කාරක සංඝ සභික පදවිය ද
පිරිනැමිණි. |