සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය - බුදුදහම නිකෙලෙස් පුරුෂෝතමයකුගේ සොයා
ගැනීමකි. බුදුදහමින් අනාවරණය වන පරිදි ජනතාව ජාති මරණාදි පොදු දුකෙහි
වැටී සිටිති. මෙය නැතිකිරීමට නම් අනිවාර්යයෙන්ම නිවන සාක්ෂාත් කළ
යුතුය. ඒ නිසාම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පොදු
ලෝක දුක් නිවාරණය සඳහා නව දහම් මග ලෝකය හමුවෙහි තැබූ සේක. බුදු සිරිත
ඇසුරෙන් සාකච්ඡා කරන්න.
පිළිතුර - ම.නි. අරියපරියෙසන සූත්‍රාගත දේශනා පිළිතුර සඳහා බෙහෙවින්
ප්‍රයෝජනවත්ය. ඒ අනුව එහි අවශ්‍ය කොටසෙහි අනුවාදයයි මේ.
උපුල්, විලක හෝ රත් නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක දියෙහි හටගත්
දියෙහි හොඳින් වැඩුණු දියෙහි මතුනොවූ සමහර උපුල්, රතු නෙලුම්, සුදු
නෙලුම් දියයට වැඩෙයි. සමහර උපුල් රතු නෙලුම්, සුදු නෙලුම්, දියෙහි
හටගෙන දියෙහි හොඳින් වැඩී ජලය හා සමව පවතී. සමහර උපුල්, රතු නෙලුම්,
සුදු නෙලුම් දියෙහි හට ගෙන දියෙහි වැඩී දියෙන් උඩට නැග දියෙහි නොතැවරී
පවතී. එමෙන් කෙලෙස් අඩු කෙලෙස් වැඩි, තියුණු ඉඳුරන් ඇති මොළොක් ඉඳුරන්
ඇති, මනා ආකාර ඇති, නොමනා ආකාර ඇති, පහසුවෙන් අවබෝධ කරවිය හැකි, එසේ
කරවිය නොහැකි, පරලොව වරද හා බිය දකිනසුලු සමහර සත්ත්වයන් දැක මෙසේ
වදාළහ. බ්‍රහ්මය ‘වෙහෙසකි’ යන හැඟීමෙන් ප්‍රගුණකළ ධර්මය මිනිසුන් අතර
නො දෙසීම. අසන කැමැත්තෝ ශ්‍රද්ධාව උපදවත්වා ඔවුන්ට අමා දොරටු විවෘත කරන
ලදී. (ම. නි. අරියපරියෝත්තම.)
බාහිර ලෝකයෙහි සමාජ ගති පැවැතුම් දෙස බලනවිට මේ සියුම් ‘පටිසෝතගාමී’
නවදහම දේශනා කිරීම වෙහෙසකැයි පෙනී ගියත් ආධ්‍යාත්මික තත්ත්වයෙන්
අඩුවැඩිකම් ඇති විවිධ පුද්ගලයෝ සිටිති. අසනු කැමැත්තෝ අසත්වා. අවශ්‍ය
වන්නේ ශ්‍රද්ධාව උපදවා ගැනීමයි. බුදුදහම අධ්‍යාත්මික දියුණුව කැමැති,
සැදැහැති ශ්‍රාවකයින් සඳහාය. මෙතැන්හි දීම බුදු දහමේ නිදහස් චින්තනය
සටහන් වී ඇත. අමාදොර විවර කිරීම බුදුදහමින් සිදුවී ඇත. එයින් පල ලැබිය
හැකි බුද්ධිමත් මිනිස්සු සිටිති. එහෙත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍යතාවයක්
තිබිය යුතුය. දොර විවෘතය. මෙය අසවලුන් සඳහාම යැයි නම නියමයක් නැත.
සියල්ලන්ටම පොදු ධර්මයක් ලෙසින් විවෘත කිරීමක් විනා කිසිවෙකුට එරෙහි වූ
හෝ කිසිවෙකුට පක්ෂපාතී වූ හෝ දහමක් නොවේ. අවශ්‍යතාවය ඇත්තවුන් සඳහාය.
ශ්‍රද්ධා පෙරදැරිව අසා විමසා දැකිය යුතුය. බුදු දහම ‘එහිපස්සික’
ධර්මයකි.
ප්‍රශ්නය - මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍ර දේශනාවන්හි එන පරිදි
බුදුරජාණන් වහන්සේ ගේ මීළඟ අදහස වූයේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය
ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කාටද? කවරෙක් වහා මේ ධර්මය වටහා ගැනීමට
සමත් වෙයිද? යන කරුණු පිළිබඳවය. සූත්‍රයෙහි යොමුගත කරුණු අනුව ප්‍රථම
ශ්‍රාවකයා කවුරුන්ද යන්න තෝරා ගැනීම වඩාත් යෝග්‍ය තැනැත්තා කවුද?
යන්නය. බුද්ධ ධර්මයේ ආරම්භය බෝධිමූලය වන අතර බුද්ධ සාසනයේ ආරම්භය මෙසේ
ප්‍රථම ශ්‍රාවක සාසනයේ ආරම්භය මෙසේ ප්‍රථම ශ්‍රාවක පිරිසෙන් ආරම්භ විය.
(සමණා සක්‍යපුත්තියා) ශාක්‍යපුත්‍ර වූ බෞද්ධ ශ්‍රාවක පිරිස එදා සිට අද
දක්වා පරිවර්තන විපරිවර්තන වෙමින් පවතියි. මුල් යුගයේ බෞද්ධ ශ්‍රාවක
පිරිස පිළිබඳව ඛ්ඳින්වීමක් කරන්න.
පිළිතුර - බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම සිහියට නැගුණේ ආලාරකාලාමයි.
‘කිං සච්චගවේෂී’ අවදියෙහි ඇසුරලත් කාලාම ගැන උන්වහන්සේට මනා අත්දැකීමක්
විය. ‘ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානලාභයෙකු වූ හෙතෙම විශාරද ප්‍රාඥයෙකි. බොහෝ
කලක් මනස දියුණු කිරීමෙන් බෙහෙවින් කෙලෙස් තුනී කරගත් කෙනෙකි. එබැවින්
ඔහු වහා මේ ධර්මය අවබෝධ කොට ගැනීමට සමත් වෙතැයි සිතූහ. ඒ වන විට
ආළාරකාලාම මියගොස් සතියක් ගත වී හමාරය. ඔහුට මේ ධර්මය අසන්නට ලැබුණානම්
වහා අවබෝධ කර ගන්නවාට කිසිදු සැකයක් නැත. මේ අභාවයෙන් ඔහුට සිදුවුයේ
අලාභයකැයි උන්වහන්සේට සිතිණි. ආකිඤ්ඤායතනලාභීව මිය යාමෙන් එම බඹතලයෙහි
ඉපදීම හැර සම්බෝධියත් නිර්වාණයත් ලැබීමට හේතු නොවන බව දැන සිටියේ ඔහු
වෙත තවුස්දම් පිරූ අවදියේමය. එබැවින් නිවන් නොලබා මියයාම ඔහුට සිදු වූ
අලාභයයි.
අනතුරු ව උන්වහන්සේ අදහස් කළේ උද්දකරාමපුත්ත තවුසාට දහම් දෙසීමටයි. ඔහු
පිළිබඳවද උන්වහන්සේ වෙත පැවතුනේ හොඳ අවබෝධයකි. ‘කිං සච්ච ගවේසී
අවදියෙහි බෝසතුන් කලක් ඔහු වෙතද පුහුණු ලත් හෙයිනි. නේවසඤ්ඤානාසඤ්ඤා
ධ්‍යානලාභියෙකි වූ උද්දකරාමපුත්තද පඬිවරයෙකි. බුදුදහම වැනි සියුම්
දහමක් ඉක්මනින් වටහා ගැනීමේ සමතෙකි. ඔහු ගැන විමසා බැලීමෙහිදී එදිනම
මධ්‍යම රාත්‍රියෙහි මියගිය බව උන්වහ්නසේට දැනගන්නට ලැබුණි. බුදුදහම
අවස්ථාව ලැබුණේ නම් වහා අවබෝධ කරගැනීමේ භාග්‍යය ඇතිව සිටි රාමපුත්ත ඒ
අවස්ථාව නො බලා මිය යාම ඔහුට ද සිදු වූ බලවත් අලාභයක් බව පෙන්වා ඇත්තේ
නිවන් නො ලබා මියයෑම නිසා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයන්යෙහි ඉපදීමෙන් සසර
අවසන් නොවන හෙයිනි.
අනතුරුව බුදුරජාණන් වහන්සේ ස්වකීය ප්‍රථම ධර්ම දේශනාව පස්වග තාපසවරුන්ට
දේශනා කිරීම වඩාත් සුදුසු බව තීරණය කළහ. එයට හේතු වූයේ බෝසතාණන් වහන්සේ
ප්‍රධන වීර්යයෙහි යෙදී සිටි අවදියෙහිදී උන්වහන්සේට බෙහෙවින් ඇප උපස්ථාන
කළ පිරිසක් වීමය. තමුන් පැවිද්දට පත් මේ පිරිස කවදා හෝ බෝසතාණන් වහන්සේ
සත්‍යය අවබෝධය ලබා එය අප වෙතද දේශනා කරතියි යන සම්මුතිය නිසාද බෙහෙවින්
උපස්ථාන ක්‍රියා කළ නිසා මෙම ප්‍රථම ධර්ම දේශනාව සිදු කිරීමට ඉටා ගත්හ.
ප්‍රශ්නය
පෙළ දහමට අනුව එක් පුද්ගලයකුගේ යහපත් බවේ ඓක්‍යය සමස්ත ජන සමාජයේම
යහපත්වීමේ ඓක්‍යයයි. අයකුගේ යහපත්වීම බොහෝ දෙනා යහපත්වීමයි. සූත්‍රාගත
දේශනා ඇසුරුකොට පැහැදිලි කරන්න.
පිළිතුර
අං.නි. සුමනා වග්ග මහාසාල සූත්‍රය බුදුරජාණන් වහන්සේ වරෙක ඒක පුද්ගල
යහපත “සද්ධිං කුල පුත්තං නිස්සාය” හේතුවෙන් “අන්තෝ ජනා” වටා
සිටින්නවුන් (ඇසුරු කරන්නවුන්) කරුණු පහකින් පඤ්චති වඩ්ඩිති වඩ්ඩති
“අභිවෘද්ධියට පැමිණෙයි. එනම් සැදැහැයෙන් වැඩි දියුණුවේ (සද්ධා) සිල්වත්
බවෙන් වැඩි දියුණු වේ (සීල ) පරිත්‍යාගයෙන් වැඩි දියුණු වේ. (චාග)
ප්‍රඥාවෙන් වැඩි දියුණු වේ (ප්‍රඥා) ශ්‍රැතයෙන් -ඇසීමෙන් වැඩි දියුණු
වේ.
ප්‍රශ්නය
පෙළ දහමට අනුව දායක පක්ෂය විසින් ප්‍රතිග්‍රාහක පක්ෂය (පිළිගන්නා වූ
අය) වෙනුවෙන් දන් දී කරුණු පහක් ලබති. ඒ මොනවාද?
පිළිතුරු
ආයුෂ දී දෙව් මිනිස් දීර්ඝායුෂ ලබයි. ආයුං ඛො පන දක්වා ආයුස්සතාභාගී
හෝති දිබ්බස්ස වා මානුස්සවා ශරීර වර්ණය දී දෙවි මිනිස් පැහැපත් බව
ලබයි. වන්නං දක්වා පටිභානස්ස භාගිහෝති සැපගෙන දී දෙවි මිනිස් සැප ලබයි.
සුඛං දක්වා සුඛං ලභති බලය (ශක්තිය) ප්‍රතිග්‍රාහක පක්ෂය වෙත දන්දී දෙවි
මිනිස් බලය ශක්තිය ලබයි. බලං දක්වා බලං භාගිහොති නැණ නුවණ දන්දී දෙවි
මිනිස් නැණ නුවණ ලබයි. පටිභාණං දක්වා පටිභාණං ලභති. භෝජනාය භික්ඛවේ
දදමානො දායකො පටිග්ගාහකානං ඉමානි පඤ්ච ඨානානි දෙති ආහාරපාන දන්දෙන
දායකයා හා දානය ලබන ප්‍රතිග්‍රාහක පක්ෂය මෙම පස් වැදෑරුම් ස්ථාන
ලබාදෙති.
ප්‍රශ්නය -බුදු දහමට අනුව සුදුසු කල් බලා දන්දී පින් ලබා ගනී. කාලය
සුදුසු බව හා ප්‍රතිග්‍රාහක (දානය ලබන්නා) ගේ පැවැත්ම මෙහිදී වෙසෙසා
හඳුන්වා ඇත. කෙටි සටහනකින් පැහැදිලි කරන්න
පිළිතුර
1.නිවහනට පැමිණෙන ආගන්තුකයාට දන් දෙයි
(ආගන්තුකස්ස දානං දේති)
2.ගම්වැසියන්ට දන් දෙයි (ගමිනස්ස දානං දේති)
3.රෝගී අයට දන් දෙයි (ගිලානස්ස දානං දේති)
4.දුර්භික්ෂයෙහි දන් දෙයි (දුඛ්භික්ඛෙ දානං දේති)
5.නව සශ්‍ය - නව ඵල වලින් සිල්වතුන් උදෙසා දන් දෙයි (යානි නවසස්සානි නව
ඵලානි තානි පඨමං සිල වන්තේසු පතිට්ඨා පෙති
ප්‍රශ්නය
දන්දීමෙහි ආනිසංස පහක් දායක තැන නියත වශයෙන්ම මෙලොව පරලොව වශයෙන්
ලබන්නේය. පැහැදිලි කරන්න.
පිළිතුර
අං. නි. සුමනවග්ග දානානිසංස සූත්‍ර
1.බොහෝ දෙනාට පි‍්‍රය මනාප අයෙක් වෙයි
(බහුනෝ ජනස්ස පියොහොති මනාපො)
2.ශාන්ත නිවුණු සත්පුරුෂයෝම ඇසුරට ලැබෙත්
(සන්තෝ සප්පුරිසො භජන්ති )
3.යහපත් කීර්තිය සිව්දිග පැතිරෙයි (කිත්ති සද්දො අබ්ගුග්ගච්ඡති)
4.පන්සිල් නිති රකියි. (ගිහි ධම්මා අනපේතො හෝති)
5.මරණින් මතු දෙව්ලොව උපත ලබයි. (කායස්ස හෙදා පරම්මණ සුගතිං සග්ගං ලෝකං
උප්පජ්ජති)
ප්‍රශ්නය - දානයෙහි ඵලය ආනිසංස පෙළ දහමට අනුව මෙළොව දීම ඵල පහක් ලැබීමට
සමත් වෙයි. භාග්‍යවතුන් වහන්සේ විශාලා මහ නුවර දී සීහ සේනාපති හමුවෙහි
දී තමන් විසින් දැකිය යුතු “ සන්දිට්ඨි දාන ඵලං “ දාන ඵල විපාක
පැහැදිලි කළ සේක. සීහ සේනා පති සූත්‍රයෙහි පැහැදිලි කළ පුවත පිළිබඳව
විවරණයක් කරන්න.
පිළිතුර
අ. නි. සුමන වර්ගය සීහ සේනාපති සූත්‍ර සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේ
විචාළ පරිදි, ස්වාමීනි, තමන් විසින්ම දැකිය යුතු (ඇස්පනාපිට )
සාන්දුෂ්ටික (මෙලොවදීම) දාන ඵල පැහැදිලි කරන සේක යැයි අයැද සිටියේය.
බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් සීහ සේනාපතිය! මෙසේ පැහැදිලි කළ
හැකිය.
1.දානපති තැන බොහෝ දෙනාට පි‍්‍රයා මනාප බව මෙලොවදීම ඔහු ලබා ගනී.
2. දානපති සෑම කල්හිම සෑම තැනෙක්හිම බාල සමාගමයක් නැතිව සත්පුරුෂ
ආශ්‍රයක්ම වන් නේය.
3.දස දිග පැතිරෙන දානපති කීර්ති රාවය මෙලොවදීම ඔහුට දැකගත හැකිය.
4.දානපති සැමදා පිරිවර සම්පත්තීන් නො අඩුව ලබන්නේය.
5.මරණින් මතු සුගතිගාමීව උපත් ලැබීම පාරලෞකික වශයෙන් දානපති ලබන
ඵලයයි. |