ධාතූන් වහන්සේ සහ පෙළහර පෑම ගැන
ථෙරි අපදානය කියන තතු
ශාස්ත්‍රපති
බෝදාගම සීලවිමල හිමි
මහා ප්‍රජාපතී අපදානයේ ගාථාවකින් කියැවෙන පරිදි, රංකරුවෙකු කර්මණ්‍ය ස්වර්ණයකින්
බොහෝ ආභරණ සාදා ප්‍රදර්ශනය කරන්නාක් මෙන් එතුමිය බොහෝ විසිතුරු පෙළහර දක්වා, එදින
පිරිස් සහිත බුදුරජාණන්වහන්සේ නමැඳ සුදුසු තැන්වල හුන් බව කියැවේ. මෙහිදී
බුදුරජාණාන් වහන්සේ ප්‍රජාපතී ගෝතමියගේ පෙළහර පෑම අනුමත කළ බව හැඟේ. මෙය පැරැණි
සූත්‍ර ධර්මයන්ගේ් නිරූපණයන්ගේ් ස්වරූපයට වඩා වෙනස්ය. දී. නි. කේවට්ඨ සූත්‍රයේ
දැක්වෙන අන්දමට පෙළහර වර්ග 03 කි. එනම්,
01. සෘද්ධි ප්‍රාතිහාර්ය
02. ආදේශන ප්‍රාතිහාර්ය
03. අනුශාසනීය ප්‍රාතිහාර්ය
මෙයින් බුදුරජාණන් වහන්සේ අනුමත කර ඇත්තේ අනුශාසනීය ප්‍රාතිහාර්ය පමණකි. එයට හේතුවන
විජ්ජාකරුවන්ටත් අනෙකුත් පෙළහරට සමාන දේ කළ හැකි බැවිනි. අවබෝධය මාර්ගයෙන් මිනිසුන්
දිනාගත හැකි බව බුදුරදුන් අනුශාසනීය ප්‍රාතිහාර්ය අනුමත කිරීමෙන් පෙනෙයි.
ප්‍රාතිහාර්ය පෑම පිළිබඳ බුදුරදුන්ගේ ආකල්පය පැහැදිලිව පෙන්වන කදිම කථාවක්, මුල්
විනය පොත්වලින් එකක් වූ චුල්ලවග්ග පාලියෙන් පෙනේ. රජගහනුවර සිටුවරයෙකු සතු සඳුන්
ලීයෙන් තනන ලද සඳුන් පාත්‍රයක් විය. එය ඔහු උසට සිටුවන ලද උණ බම්බුවක් මත තබා
පාත්‍රය ගන්නාට ත්‍යාගයක් දෙන බව ප්‍රකාශ කරයි. ආශ්චාර්යජනක කිසියම් රහත් කෙනෙකු
වේනම් එය ලබාගන්නැයි ඔහු ප්‍රකාශ කළේය.බුදුරජාණන්වහන්සේගේ් ශ්‍රාවකයකු වූ පිණ්ඩෝල
භාරද්වාජ රහත් හිමි අහසට නැග පාත්‍රය ගෙන නගරය වටා ගොස් සිටුවරයාගේ වාසභවනින් බිමට
බැස්සේ ය. නුවරවැසියෝ උන්වහන්සේ ඉතා ආදරයෙන් පිළිගත්හ. මේ ඇසූ බුදුරජාණන් වහන්සේ එම
තෙරුන් වහන්සේ ගෙන්වා මෙසේ කීහ. ‘ මෙය අකැප ය,අශෝභනය, සදොස් ය, ආගමික ජීවිතයක් ගත
කරන්නකුගේ ගරුත්වයට සුදුසු නොවේ ය. කිසිසේත් නොකළ යුතු දෙයක් වන්නේ ය. ගිහියන්
ඉදරියේ ඔබ මෙවැනි ආශ්චාර්ය දෙයක් කළේ කෙසේ ද? කමකට නැති සඳුන් පාත්‍රයක් ලබා ගැනීමට
ඔබ විසින් කරන ලද ක්‍රියාව මුදල් ලබා ගැනීම සඳහා ගැහැනියක් තම නිරුවත පෙන්නුවා වැනි
ය.
එදින බුදුරජාණන් වහන්සේ ගිහියන් ඉදිරියේ ප්‍රාතිහාර්ය පෑම තහනම් කර විනය නීති
පැනවූහ.
පෙළහර පෑම සම්බන්ධයෙන් මුල් බුදුසමයේ ඉගැන්වීම් හා ආපදාන පාලියේ එන කරුණු අතර
පරස්පර විරෝධී බවක් මේ අනුව පෙනී යයි.
මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී පෙළහර පෑම, මුල් ඉගැන්වීම්වලට
වෙනස් ය.
එබැවින් අපදාන පාලියේ පශ්චාත් කාලීන බෞද්ධයන් විසින් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ්
චරිත කථා ඇතුළත් කරන්නට ඇත්තේ් සිය ආගමික ශ්‍රද්ධාව අසීමිතව පැවතෙන්නට ඇති නිසා බව
සිතිය හැකිය.
ථෙරී අපදානයේ ධාතු සංකල්පය කෙසේ විස්තර වේදැයි විමසා බැලීමේදී බුදුරජාණන් වහන්සේ
විසින් මෙහෙය වන ලද ආනන්ද හිමියන් ගෝතමියගේ ශාරීරික ධාතූ®න් එතුමියගේ පාත්‍රයට ගෙන
බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූ බව සඳහන් වෙයි.
තතො ගොතම ධාතූනි
තස්සා පත්ත ගත්තානිසො උපනාමෙසි
නාකස්ස ආනන්ද බුද්ධ චොදිතො....
ඇගේ ආදාහනය පිළිබඳව මෙසේ සඳහන් වේ. මිනිස්සු සුවඳ සුණු බහාලු දෙනක, සියලු සුවඳ
දෙයින් කළ සෑයක් කරවා ඇයගේ් දේහය එහි දවාලුය. ඇට කැබලි ශේෂ කොට සෙසු කොටස්
සම්පූර්ණයෙන්ම දැවීහ යනුවෙනි. ‘බුදුරජාණන් වහන්සේ පවා ධාතු පිදීමෙහි යෙදී සිටි බව
පෙනේ. මෙය ආදී යුගයට අයත් පූජා විධියක් නොවේ. පශ්චාත් කාලීනව සංවර්ධනය වූ
සංකල්පයකි. පසුකාලීන අටුවාවල මේ පිළිබඳ කියැවී ඇති ප්‍රධාන කරුණු සියල්ලම අපදානයේ
සංග්‍රහ වී ඇත. අටුවාවලට උපුටා ගන්නට ඇත්තේ අපදානයෙන් විය යුතුය. ඇතැම් බුදුරජාණන්
වහන්සේගේ ධාතු විසිරුණු බවත් ඇතැම් ධාතු නොවිසිරුණු බවත් අපදානයේ සඳහන් වේ. ධාතු
නොවිසුරුණු විට සැදිය යුත්තේ එක් චෛත්‍යයකි. ධාතු විසිරුණු කල්හි එම ධාතුවල
ප්‍රමාණයට චෛත්‍ය ගොඩනැංවිය හැකිය. මේ නිසා ධාතු විසිරෙන බුදුරජාණන් වහන්සේගේ කාලයේ
සිටින මිනිසුන්ට පින් කිරීමට ලැබෙන අවස්ථා වැඩිය. ධාතු පිදීමෙන් පවා විමුක්ති ය
ලැබෙන බව අපදානයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවී කල්හි ධාතුවලට වැඳීම,
ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳීමට සමාන ය.
මේ අදහස ථෙරාපදානයේ සඳහන් වේ. ඒ අනුව බලන විට ථෙරී අපදානයේ එම තොරතුරු අල්පය. ධාතු
පූජාව තබා ශාරීරික ධාතු යන වචනය හෝ පැරැණි සූත්‍රවල කිසි තැනක දක්නට නැත.
බුදුරජාණන් වහන්සේගේ ධාතු බෙදීම ගැන සඳහන් වන දී.නි. මහා පරිනිබ්බාන සුත්‍රයේ
‘ශරීරාණි’ යනුවෙන් ධාතු ගැන සඳහන් වෙයි.
ආදී බෞද්ධයන් ධාතු යන වචනය දැන සිටියේ ස්කන්ධ, ධාතුª යන විශ්ලේෂණය තුළ දක්නට ලැබෙන
ධාතුය. බුදුරජාණන් වහන්සේගේ ආදාහනයෙන් ඉතිරි වූ කොටස් හැඳින්වූයේ ‘ශරීරානී’
යනුවෙනි. තම ආදාහනයෙන් පසුව සිරුරේ කොටස් තැන්පත් කොට හතර මං සන්ධියක ස්ථූප තනන ලෙස
බුදුරජාණන් වහන්සේ පැවසු බව එයින් කියැවේ.
සිරුරේ කොටස් ඉල්ලා සිටි රජවරුන්ට ද්‍රෝණ නම් බමුණා ඒවා අට කොටසකට බෙදා දුන්නේය. එම
පුවත සත්‍ය නම් එය බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමට විරුද්දව යෑමෙකි.
බමුණකුª ලවා සිරුරේ කොටස් මැනීමේ අදහස ඇතිවූයේ කෙසේද? බුදුරජාණන්වහන්සේ ගේ සිතැඟි
පරිදි කටයුතු කළ බව පමණක් පවසා සිටියානම් දිව්‍ය, මනුෂ්‍ය ලෝකයන්හි බෙදා හැරීමට
ධාතු සොයා ගැනීම පිළිබඳ ගැටලුවට මුහුණ දෙන්නට වනවා නිසැක ය.
මින් පෙනෙන්නේ ධාතු බෙදීමේ පුවත ඇතිවූයේ මිනිසුන් අතර ප්‍රචලිත වූ ධාතු වන්දනාවට
අනුරූප පරිද්දෙන් බව ය. මහාපරිනිබ්බාන සුත්‍රයේ එන පරිදි හතරමං හන්දියක බුදුරජාණන්
වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථුපයක් තැනීම ක්‍රියාත්මක වූ බවට ඓතිහාසික සාධක
ඇත. එවැනි ස්ථූපයක් ද ඒ ස්ථූපයේ තිබූ ශාරීරික ධාතු බුදුරජාණන් වහන්සේගේ ධාතු බව
කියැවෙන සෙල් ලිපයක් ද පුරා විද්‍යාඥයා විසින් කපිලවස්තුවෙන් සොයාගෙන තිබීම, මෙයට
හොඳම නිදසුනකි. |