|
|
කැලණි රජමහා විහාරයේ
බෝධීන් වහන්සේ වෙත පූජා කැරුණු රන්වැට
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත
කළ අවස්ථාව. කැලණිය රාජමහා විහාරාධිපති
මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත
නා හිමියෝ ද, යුද හමුදාපති ලුතිනන් ජනරාල්
සරත් පොන්සේකා මහතා ද මෙහි වෙති.
|
|
|
කැලණි රජමහා විහාරයේ රන් වැට පුජෝත්සවය
බු.ව. 2552 නිකිණි මස අව සතවක ලත් 23 දිනය ශනිදාව උදාවිය. අහස පැහැබර
විය. උවැසි උවැසියෝ කැලණි විහාර බෝධිමළුව පුරා විශේෂ අපේක්ෂාවකින්
පසුවෙති. රන්වන් බෝපත් සිළි සිළි නදින් සාදුකාර පවත්වති. නිලඹර
සොම්නසින් මදවැසි, මල්වැසි ඉසින ලදී. පරිසරය සිසිල් විය. මේ අතර අහස්
කුස විසෙස් දසුනකි. නිල්වන් අහසේ ගුවන් යානයකි. එය කැලණි පුරවරයට
සම්ප්‍රාප්ත විය. එයින් බට ශ්‍රී ලංකා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්
මහත් හරසරින් පිළිගන්නා ලදී. මංගල භේරි නද සහිතව එතුමා සහ පිරිවරින්
මනහර පෙරහරකින් කැලණි වෙහෙර වෙත ළඟාවූහ. එහිදී වන්දනාමාන කිරීමෙන්
අනතුරුව සිහිවටන ඵලක ය සවස 05.10 ට ශුභ හෝරාවෙන් එතුමාගේ සුරතින් විවෘත
විය. මෙම අවස්ථාවට කැලණි විහාර දායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය, කරූ
ජයසූරිය මැතිතුමා, කැලණි විහාර ප්‍රධාන බස්නායක නිළමේ තැන්පත්, ධම්මික
ආටිගල මැතිතුමා දායිකා අමරි විජේවර්ධන මැතිණිය, සමස්ත ලංකා බෞද්ධ මහා
සම්මේලනයේ සභාපති, ජගත් සුමතිපාල මැතිතුමා ඇතුළු සම්භාවනීය දායක
පිරිසක් සහභාගි වූහ. කැලණි පුරවරයටත්, කැලණි රජමහා විහාරස්ථානයටත් අති
සුවිශේෂ දිනයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පූර්ණ
අනුග්‍රහකත්වයෙන්, හමුදාපතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් රන්වැට සහිත
ගෝපුර පූජෝත්සවය ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. එතුමා විසින් නිකුත්
කරන ලද පණිවිඩයේ මෙසේ සඳහන් විය.
ඉතිරිය»
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා
සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 22 වන දා සඳුදාය
මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය |
|
|
අව
අටවක |
සැප්තැම්බර් 22 |
අමාවක |
සැප්තැම්බර් 28 |
පුර අටවක |
ඔක්තෝබර් 07 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
|
|
|
|
|