|
|
කිරිඳිවැල ඓතිහාසික
මැද්දේගම රජ මහා විහාරයේ චෛත්‍යරාජයාණන් සහ
ඝණ්ඨාර කුළුණ ඡායාරූපයෙන් දැක්වෙයි. මෙහි
පිහිටි බෝධීන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමන්
විසින් රෝපණය කරන ලද දෙතිස් ඵලරුහ තේධීන්
වහන්සේගෙන් එක් නමක් බව සිංහල බෝධි වංශය සඳහන්
කරයි. මෙය, වලගම්බා රජතුමා සැඟව සිටි ස්ථානයක්
ලෙස ද ප්‍රකට ය. කිරිඳිවැල, හංවැල්ල මාර්ගයේ
නාවැටිය හන්දියෙන් වමට හැරී අමිකිරිගල පාරේ
කි.මී. 1 ක් පමණ පැමිණි විට මෙම විහාරස්ථානයට
පිවිසිය හැකි ය. |
|
|
අක්මීමන යටගල රජමහා විහාරය
දකුණු සිරිලක අගනුවර ගාලු පුරවරයෙහි අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ
රමණීය කඳුගැටයක් මත පිහිටි යටගල රජමහා විහාරය වසර දහස් ගණනක ඉතිහාසයක්
ඇති ඓතිහාසික පුදබිමකි.
එහි පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේගේ ශාඛාවකි. කඳු මුදුනෙහි වූ සුවිශාල ගල් ලෙනද දඹදෙණි යුගයට
අයත්ය. 12 වන සියවසේ එනම් ක්‍රි.ව. 1225 සිට 1259 දක්වා රජ කළ දෙවන
පරාක්‍රමබාහු රජුගේ නියමයෙන් දේවපතිරාජ අමාත්‍යවරයා බුද්ධ මන්දිරයෙහි
වැඩසිටින 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවා ඇතැයි
කියැවේ.
ඉතිරිය»
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා
සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 22 වන දා සඳුදාය
මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය |
|
|
අව
අටවක |
සැප්තැම්බර් 22 |
අමාවක |
සැප්තැම්බර් 28 |
පුර අටවක |
ඔක්තෝබර් 07 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
|
|
|
|
|