බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 
			 
			දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ චිල්ලිපල්ලි නගරයේ ඉන්දියානු 
			මහාබෝධි සමාගමේ ආන්ද්‍රා මධ්‍යස්ථානය සහ විහාරය විවෘත කිරීම, ඉකුත් දා 
			ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් 
			ඇතුළු ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පැලවත්තේ 
			සීවලී හිමි, සාරානාත් මධ්‍යස්ථානාධිපති කහවත්තේ ශ්‍රී සුමේධ හිමි, 
			කිරිබත්ගොඩ, ඤාණානන්ද හිමි, බෙංගලි ජාතික සංඝරක්ඛිත, ආන්ද්‍රාජාතික 
			භික්‍ෂූන් වහන්සේ නමක් වූ ශාසනරක්‍ෂිත යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් 
			සිදු කැරිණි. උත්සවයේ ප්‍රධාන අමුත්තා ආන්ද්‍රා ප්‍රදේශයේ 
			ප්‍රාන්තරාජ්‍යයේ වාරිමාර්ග සහ පංචායත් පිළිබඳ ඇමැති බුද්ධ ප්‍රසාත් 
			මහතා වූ අතර විශේෂ අමුත්තා ලෙස ආන්ද්‍රාසිනමාවේ ප්‍රධාන රංගන ශිල්පී 
			සිරිනිවාසන් සහභාගි වූ අතර විහාරය විවෘත කිරීමෙන් අනතුරුව කීපදෙනෙක් 
			බුද්ධ ධර්මය වැළඳ ගත්හ. ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් ආචාර්ය 
			දොඩම්ගොඩ රේවත නාහිමියන් වාරිමාර්ග ඇමැති බුද්ධ ප්‍රසාද්, තෙලිඟු රංගන 
			ශිල්පි ශ්‍රීනිවාසන් යන අය අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරයේ ප්‍රථම 
			බුද්ධ පූජාවට සහභාගි වූ ආකාරය.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
			 
			කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ දී “ ආයතනික දිනය” සඳහා සර්ව ආගමික වතාවත් 
			සිදු කැරිණි. එහිදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පසු දින 
			උදෑසන සඟ සතු දානයක් ද පැවැත්විණි. එම අවස්ථාවට අධ්‍යක්‍ෂ සී.එන්. 
			පීරිස්පුල්ලේ, ලේඛකාධිකාරි එස්. කේ. යූ. බී. වික්‍රමසිංහ හා ඉංගී‍්‍රසි 
			අංශ ප්‍රධානී යූ.එල්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ගුරුවරු හා සිසහු 
			විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී සඟරුවන වැඩ සිටි ආකාරය සේයාරුවෙන් 
			දිස්වේ.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 බිංගිරිය – කදුරුවැව ශ්‍රී සුදර්ශනාරාමයේ දී රත්මල්වල රේවත නාහිමියන්ගේ 
			අනුශාසනා පරිදි ඉදි කරන ලද චෛත්‍යය රාජයාණන් වහන්සේ ඡායාරූපයෙන් 
			දැක්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර 
			මහ නාහිමියන්ගේ සුරතින් පසුගිය දා එහි කොත් වහන්සේ නිරාවරණය කැරිණි. 
			මාදම්පේ සමූහ – ඒ.පී. ගුණරත්න  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 මතුගම, නවුත්තුඩුව, සිරි සිද්ධත්ථාරාම පුරාණ විහාරස්ථානයේ දී පසුගියදා 
			පින්කම් මාලාවක් සිදු කැරිණි. 
			එහිදී නව විහාර මන්දිරය විවෘත කිරීම හා යෝජිත දහම් පාසල ගොඩනැගිල්ලට 
			මුල්ගල තැබීම ද සිදු කැරිණි. 
			මෙම උත්සවයේ සුවිශේෂී අංගය වූයේ අභිනව “මෛත්‍රීය බුද්ධ ප්‍රතිමා 
			වහන්සේ” නිරාවරණය කිරීමයි. 
			එහි මන්දිරය විවෘත කිරීම කර්මාන්ත සංවර්ධන හා රණවිරු ශුභසාධන අමාත්‍ය 
			කුමාර වෙල්ගම මහතා අතින් ද සිදු කැරිණි. 
			මෛත්‍රීය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම, එස්.කේ. ලොකුගේ මහතා 
			අතින් ද සිදු කැරිණි.  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 පොල්ගහවෙල ඔරුලියද්ද මල් අස්න පුරාණ විහාරස්ථ ශ්‍රී පේමානන්ද දහම් 
			පාසලට විසි වසරක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා ත්‍යාග හා සහතික පත්‍ර 
			ප්‍රදානෝත්සවයක් පැවැත්විණි. එම උත්සව සභාවේ දී ඉනාමළුවේ ශ්‍රී සුමංගල 
			මහා නාහිමියන් පොල් තෙල් පහන දල්වන අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. 
			පොල්ගහවෙල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති හදුගල ආයුපාල නාහිමි, 
			මාරුත්වතුරේ සෝරත හිමි, දෙල්දෙණියේ රතනසාර නාහිමි, ඇවුණුගල්ලේ සෝභිත 
			හිමි හා පොල්ගහවෙල ආනන්ද හිමිවරුද සේයාරුවේ වෙති.  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 දන්කොටුව, මොහොට්ටිමුල්ල ශ්‍රී වර්ධනාරාමයේ අභිනව විහාර මන්දිරය හා 
			වාහල්කඩ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන් අතින් 
			විවෘත කැරිණි. ගොඩිගමුවේ සීවලී හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කැරුණු එම 
			විහාර මන්දිරය සේයාරුවෙන් දැක්වේ.  | 
					 
					
						
						  | 
					 
					
						| 
			 
			ඒකළ ශ්‍රී ධර්ම විජයාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිදන් 
			කිරීම පසුගියදා සිදු කැරිණි. එහිදී වැලිවේරිය ශ්‍රී පූර්වාරාමාධිපති 
			දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප නියෝජ්‍ය පරිවේණාධිපති අනෝමදස්ස හිමියන් 
			ධාතුන් වහන්සේ පෙරහරින් චෛත්‍යය වෙත වැඩමවාගෙන ආ අවස්ථාව . විහාරාධිපති 
			කරපීක්කඩ ජිනරතන හිමියෝද මෙහි වෙති. 
			ඡායාරූපය ජා ඇළ සමූහ - ඩබ්ලිව් . විල්ප්‍රඩ් සිල්වා  | 
					 
					
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					බක් පුර අටවක පෝය
					    අප්‍රේල් 
					12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි. 
					13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය. 
					මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |