බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 නැඟෙනහිර පළාතේ භික්ෂුන් වහන්සේට 
						පන්සල් වැඩිදියුණු කිරීම සඳහා මුදල් ආධාර පිරිනැමීමේ 
						උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 
						ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී සමනබැද්ද 
						උහන අම්පාර ධම්මරතන පිරිවෙනෙහි සිරි තිලකසිරි හිමිපාණන් 
						වහන්සේට ජනාධිපති අතින් මුදල් ආධාර පිරිනැමු අයුරු. 
						ඡායාරූපය:- සුදත් මලවීර  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 නිදහස් ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිනී 
						පතිභා පටිල් මැතිනිය පසුගියදා බුද්ධගයාව වැඳපුදා ගැනීමට 
						පැමිණියාය. ඒ අවස්ථාවේදී ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා 
						ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් එතුමිය 
						පිළිගත් අවස්ථාව .  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 මහනුවර පාතදුම්බර ශාසනාරක්‍ෂක බල 
						මණ්ඩල ප්‍රදේශයේ, ශාසනය වෙනුවෙන් කැපවූ ගිහි පැවිදි 
						පිරිසකට උපහාර පිදීමේ උත්සවයක් පොල්ගොල්ල සමූපකාර 
						මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. එම උත්සවයට වැඩම 
						කළ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ 
						කුසලධම්ම නා හිමියන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් 
						ඒකනායක මහතා විසින් උත්සව සභාව වෙත කැඳවා ගෙන යන අයුරු 
						ඡායාරූපයේ දැක්වේ. බුරුම තානාපතිතුමා ද ඡායාරූපයේ වෙයි.  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 ඉන්දියාවේ 
						බැංගලෝර්හි ද ආර්ට් ඔප් ලිවින් 
						(THE ART OF LIVING) 
						සංවිධානයේ ජාත්‍යන්තර මූලස්ථානයේ පිහිටි හින්දු ආශ්‍රමයේ 
						බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කිරීම නොබෝදා එම 
						සංවිධානයේ නිර්මාතෘ යෝග උපදේශක ශ්‍රී රවි ශංකර් ස්වාමිජීගේ 
						ආරාධනයෙන් බෞද්ධ හා හින්දු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් 
						සිදු කැරිණි.  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර පසළොස්වක පෝය
					   මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට 
					ලබයි. 
					22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය මාර්තු 29 වන දාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
							 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
						
												
								
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 								
		
							 
						
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								  
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |