වැලෙන්සා න්‍යාය
මට මගේ පියාගෙන් ලැබුණේ පාපැදියක් නම් මම මගේ පුතාට මෝටර්
රථයක් දිය යුතු බව මගේ කල්පනාව යැයි, වෘත්තීය සමිති ව්‍යාපාරය
ඔස්සේ පෝලන්ත ජනාධිපති තනතුරට පත් ලෙච් වැලෙන්සා ‘ටයිම්’ සඟරාව
සම¼ග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී පැවසූ දෙයක් අපට සිහිපත්
විය. මෙයට වසර විසිහයකට පෙර ‘ටයිම්’ සඟරාවේ පළ වූ එම ප්‍රකාශය අපට
සිහිපත් වූයේ, තම දරුවන් සැප සම්පතින් ආඪ්‍ය කිරීමට ඇතැම්
දෙමව්පියන් ගන්නා වෙහෙස දුටු නිසා ය. ජනපි‍්‍රය පාසල් වලට
දරුවන් ඇතුළත් කිරීමේ තරගය කෙරෙහි ද මේ වැලෙන්සා න්‍යාය බලපා
ඇතැයි සිතමු. අධ්‍යාපනය ලැබීම මූලික මිනිස් අයිතියක් ලෙස සලකා
හෝ තම දරුවා යහපත් මිනිසකු කිරීමේ වගකීම නිසා හෝ දෙමව්පියන් මේ
තරගයට පිවිසේ නම් අප කනගාටු විය යුතු නැත. එහෙත් , මේ තරගය පවතිනුයේ කෘතිම සමාජ වටිනාකමක් ලබා ගැනීම සඳහා
කැරෙන අරගලයක් ලෙසිනි. දරවකු ගේ හැකියාව, රුචිකත්වය හා පහසුකම්
නො සලකා වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු කිරීමේ සිහිනය නිසා
අධ්‍යාපනයේ මූලික පරමාර්ථය විනාශ වී ගොසිනි. ඒ නිසා අනවශ්‍ය
තරගකාරිත්වයක් නිර්මාණය වී තිබේ. එම තරගයේ අවසාන ප්‍රතිඵලය
වන්නේ ගැටුම් බහුල වීම යි. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ජීවත්වීම සඳහා සම්පත්
සෙවීම වෙනුවට සම්පත් සෙවීම සඳහා ජීවත්වන මිනිසකු නිර්මාණය වීම
ය.එම අර්බුදය ශිෂ්ටසම්පන්න ලෙස අධ්‍යාපන තරගයෙන් ප්‍රකාශ වන
අතර වෙනත් අශිෂ්ට ක්‍රියාකාරකම් කොතෙකුත් දක්නට ලැබේ.
පසුගිය සතියේ අපට අසන්නට ලැබුණු සිද්ධි දෙකක් මෙහි ගෙන හැර
දැක්වීමට කැමැත්තෙමු.
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට පළමු වසර සඳහා සිසුන් බඳවා ගැනිමේ
දී තෝරාගෙන තිබූ 166 දෙනකු අතුරින් ඇතුළත් කැර ගෙන ඇත්තේ
ළමයින් 118 ක් පමණි. ඉතිරි ළමයින් 48 දෙනා කොහුවල ආදර්ශ
ප්‍රාථමික විදුහලට යොමු කැර තිබේ. ප්‍රමාණවත් පහසුකම් නොමැති ව
කොහුවල ආදර්ශ ප්‍රාථමික විදුහලට තම දරුවන් ඇතුළත් කිරිම නිසා
කෝපයට පත් එම දෙමව්පියෝ ළමයින් 48 දෙනා රැගෙන ගොස් ශාන්ත ජෝන්
විදුහලේ පන්තිකාමරවල බලහත්කාරයෙන් රැඳ වූ හ. ඉන්පසු , බලධාරීන්
හා දෙමව්පියන් අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ශාන්ත
ජෝන් විදුහලට එම ළමයින් ඇතුළත් කැර ගැනීමට එකඟවීමෙන් සිද්ධිය
සමථයකට පත් වු බව ද වාර්තා විය. අනෙක් සිද්ධිය වාර්තා වුයේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.
ඇහැලියගොඩ කනිෂ්ඨ විද්‍යාලයයේ පළමු වසර සඳහා තම දරුවන් ඇතුළත්
කැර ගැනීමට නො හැකි වු දෙමව්පියන් සියයක් පමණ රත්නපුර
දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය කලාප අධ්‍යක්‍ෂ හා
කාර්යාල සේවකයන් තිදෙනකු ප.ව. 5 සිට රාත්‍රී 11 දක්වා කාර්යාලය
තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටිය හ. පොලීසිය මැදිහත් වී පසු ව
ඔවුන් නිදහස් කැරගෙන තිබේ. මේ සිදුවීම් දෙකට ම හේතු වූ පරිපාලන දුබලතා නො සලකා හැරිය යුතු
නො වේ. එ සේ වුව ද ඊට ප්‍රතිචාර දක්වා ඇති ආකාරය පිළිබඳ ව අපට
ඇති වන්නේ විශාල කනගාටුවකි. මෙය, මේ සිද්ධි දෙකට සහභාගි වූ
දෙමව්පියන් ගැන පමණක් කැරෙන විවේචනයක් යැයි වරදවා තේරුම් නො ගත
යුතු ය. අප ගේ විවේචනය සමස්ත සමාජයේ හැසිරීම පිළිබඳ ව ය.
බලහත්කාරයෙන් පාසලකට දරුවන් ඇතුළත් කිරීම දක්වා දුර දිග ගිය මේ
අවිචාරවත් ගමන නතර කළ හැකි ද යන්න අප ඉදිරියේ ඇති ප්‍රශ්නය යි.
සැබවින් ම එය කෙ සේ හෝ නතර කළ යුතු ගමනකි. පොහොසත් මිනිසකු
වෙනුවට යහපත් මිනිසකු තනන සාරධර්ම අධ්‍යාපනය හැර ඊට වෙනත්
විකල්පයක් ඇතැයි අපි නො සිතමු. |