| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: මනස සුවපත් කරන විරාගය
			කාරුණික පින්වත්නි, 
			සංයුත්ත නිකායේ ඛන්ධක වර්ගයේ රාධ සංයුත්තයෙහි, පඨම මාර වර්ගයේ ඡන්ද රාග 
			සූත්‍රයේ සඳහන් උතුම් ධර්ම කොටසක් ඉහත සඳහන් කෙරිණි. තථාගත භාග්‍යවතුන් 
			වහන්සේ සැවත්නුවරදී රාධ තෙරුන් වහන්සේට මෙම ඡන්දරාග, සූත්‍රය වදාළහ. 
			“රාධ, රූපයෙහි යම් ඡන්දයෙක්, යම් රාගයෙක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් 
			ඇත්ද එය දුරු කරවු. මෙසේ එම රූපය සිතින් ඉවත් කිරීමෙන් මුලින්ම උදුරා 
			දමන ලද හා හිස සුන් තල් ගසක් මෙන් නැවත නොඉපදෙන්නේය. මේ ආකාරයෙන් 
			වේදනාවේද සඤ්ඤාවේද, සංඛාරයෙහිද, විඤ්ඤාණයෙහි ද ඇලීම හා බැඳීම මතු හට 
			නොගන්නා ලෙස දුරු කළ යුතු බව මෙම සූත්‍ර දේශනාවෙහි පෙන්වා දී ඇත. 
			මෙහිදී පඤ්ච ස්කන්ධයෙහිම හට ගන්නා වූ රාගය දුරු කිරීම පිළිබඳව වෙන්ව 
			සාකච්ඡා නොකෙරෙන අතර, අප විසින් පැහැදිළි කරනු ලබන්නේ රාගය තුනී 
			කිරීමෙන් හා ප්‍රහාණය කිරීමෙන් ලැබෙන්නා වූ විමුක්ති සුවය පිළිබඳවය. 
			භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ නාම රූප ධර්මයන් කෙරේ 
			අනිච්ච, දුක්ඛ හා අනත්ත ලෙස අරමුණු පවත්වා පෘථජ්ජන මනසෙහි හට ගන්නා වූ 
			රාග, දෝස හා මෝහ තුනී කිරීමද අවසානයේ දී ප්‍රහාණය කළ යුතු බවය. එය 
			සිදුකළ යුතු මාර්ගයය. 
						
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර පසළොස්වක පෝය
					   මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට 
					ලබයි. 
					22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය. 
					 
					මීළඟ පෝය මාර්තු 29 වන දාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
							 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
						
												
								
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 								
		
							 
						
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								  
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |