ලොව පළමු බුද්ධ ප්‍රතිමාව
රොහාන් එල්. ජයතිලක
භාරතයේ ක්‍රි.පූ. 2500 - 2000 යන යුගයට අයත් හරප්පා සහ මොහොන්ජාදෝරෝ
සංස්කෘතියට අයත් පුරා විද්‍යා ගවේෂණ මගින් සොයා ගන්නා ලද දෙවඟනන්ගේ
ටෙරකොටා රූප, රතු වැලි ගලින් නෙලූ මිනිස් කවන්ධ ප්‍රතිරූප, හිරිගලින්
නෙළන ලද භාවනායෝගී පූජකයෙකුගේ උඩුකයේ ප්‍රතිරූපය හිරිගලින් නෙළන ලද
භාවනායෝගී පූජකයකුගේ උඩුකයේ ප්‍රතිරූපය හා ලෝකඩ මුවා, මාලයකුත් මුළු
අතක් වැසීයන සේ පැළඳ ඇති වළලු මාලාවකුත් හැර කේෂීය සහවුල් ගොතා ඇති
ඉනෙහි අතක් තබාගෙන කෙසඟ කකුල අඩක් නැමී ඇති මූර්තින් ගෙන් භාරතයේ
මූර්ති ශිල්ප ආර්යය සංක්‍රමණ යුගයේ සිට ක්‍රමානුකූ®ලව වර්ධනය වූ බැව්
ගම්‍ය වේ. සත්ත්ව රූප ද අති විශාල සංඛ්‍යාවක් එම යුගයටම අයත් වේ.
එම මනුෂ්‍ය රූප වලට අමතරව ඉන්දීය වෙළෙඳ කූ®ලවල ආගමික ලක්ෂණයන් ගෙන්
යුතු විහන්යක් සහිත මුද්‍රාවන් තිබී ඇත. මෙහි මෙතෙක් කියවීමට නොහැකි වූ
පාඨද ඇති අතර සාමාන්‍යයෙන් ස්ට්ටයිට් නමින් හැඳින්වෙන මොළොක් ගලින්
නිමවන ලද මේ මුද්‍රාවල ගව මීහරක්, එළු, කොටි සහ අලි වැනි සතුන් හා
ආගමික පුරාවෘතයන් දැක්වෙන දර්ශනද ඇත. මේ අනුව මූර්ති ශිල්පය ඉතා උසස්
අන්දමකට පැවැති බව පසක්වේ.
ක්‍රි.පූ තෙවැනි සියවසේ අශෝක සමයේ ද ක්‍රි.ව 4 වැනි 5 වැනි ගුප්ප සමයේද
ගී‍්‍රක ආභාෂය මේ ප්‍රතිමා නිම කිරීමට ඉවහල් විය. තවද ක්‍රි.පූ. 6 වැනි
සියවසේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේදී මහාපරිනිර්වාණ මොහොත අවස්ථාවේ
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ධාතුන්
වහන්සේ ගැන ගතයුතු ක්‍රියා මාර්ගය විමසන විට අනු දැන වදාළේ ධාතුන්
වහන්සේ නිධන් කර ස්තූ®ප තැනීමට සුදුසු පුද්ගලයින් සතර දෙනෙකි. එනම්
භාග්‍යවත් බුදුරදුන්, පසේ බුදුන් වැනි, රහතුන්වහන්සේලා සහ චක්‍රවර්ති
රජවරුන්ය. මෙම ස්තූප සතර මංසන්ධි අසල ගොඩනැගුනු අතර බුදුරදුන්ගේ ශ්‍රී
ධාතුන් වහන්සේලා නිධන් කර තනන ලද ස්තූප වන්දනා කර සැදැහැවතුන් තුළ
ශ්‍රද්ධාව ජනිතව මරණයෙන් පසු පී‍්‍රතිමත් ස්ථානයක හෝ දෙව්ලොව
ප්‍රතිසන්ධිය ලබනු ඇත.
එබැවින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය සිදු නොවුයේ අති ශ්‍රේෂ්ඨ වූ බුදුන්
වහන්සේ විද්ධ රූපයෙන් දැක්වීම පාපකර්මයක් ලෙසත් උන් වහන්සේ
පිරිනිවීමෙන් පසු නැවත මනුෂ්‍ය රූපයෙන් දැක්වීම සාවද්‍ය ක්‍රියාවක් ලෙස
මූර්ති ශිල්පීන් සිතූ නිසා විය හැකිය. භාරුත්, ගයා හා සාන්චි ඇතුළු
ක්‍රිස්තු වර්ෂවලට අදාළ කැටයම් අතර බුදුරජාණන්වහන්සේ පමණක් ජීවමාන
ස්වරූපයෙන් කිසි විටෙක දක්වා නැත.
බුදුරජාණන් වහන්සේ මූර්තිමත් කළේ සංකේත මාර්ගයෙනි. ඒ ධර්ම චක්‍රය, හිස්
සිහසුනක්, පාද ලාංඡනයන් හෝ බෝරුකක් මගිනි.
අශෝක රජතුමා පුවරු හා කුළුණු සෙල්ලිපි ස්ථාපනය කළ අතර සිය ගුරුතුමා වන
උපගුප්ත හිමියන් සහ සිටුදුව චාරුවතී සමග දැනට නේපාලය යන දේශයට වන්දනාවේ
ගිය අතර එහිදී කෝණාගම බුදුරදුන්ගේ් ස්තූපය තිබු ප්‍රමාණයට වඩා
දෙගුණයක් කරවා විශාල කරන ලදී.
තවද මලල, මගධ (අජාසත්ත රජ) වෛශාලි (ලිච්චවී) ශාක්‍ය (කපිල වස්තු)
බුලියන් (අල්ලකප්පක) කෝලීන් (රාමග්‍රාම) මෝරිය (පිප්පලීවන) යන රජදරුවන්
අතරද වේ. දූපතේ බ්‍රාහ්මණයකුටද දෝන බ්‍රාහ්මණයා බෙදා දුන් ශ්‍රී ධාතුන්
වහන්සේලා නිධන් කර තනන ලද ස්තූ®ප කැන ස්තූප 84,000 තනන ලද අතර නාග
රජවරුන් දවසේ ලබාගත් ධාතුන් වහන්සේලා නිදන් කර ස්ථූප කැනීම
ප්‍රතික්‍ෂේප කරන ලදී.
භාබු සුළු පර්වත ලේඛනයේ (අංක 11) අශෝක රජතුමාගේ වාක්‍ය හතක් සහිත සෙල්
ලිපියේ පස්වැනි වාක්‍යයේ මෙසේ සඳහන් වේ. ‘මතු දැක්වෙන ධර්ම දේශනා එනම්
විනය - සමුක්‍ය අලියම්‍ය, අනාගත වාක්‍ය, මුනිගාථා, නොවිය යූතුය,
උපතිසපසීන සහ ලගහ ලෝවාද භික්ෂු භික්ෂුණින් නිරුතුරුව සවන් දිය යුතුය.
තවද උපාසක උපාසිකාවන්ද එසේ සිදුකළ යුතුය’ සෙල් ලිපියේ සඳහන් (ක්‍රි.පූ
3 වැනි සියවස එම සූත්‍ර ධර්මයන් පිළිවෙළින් දැනට ධම්මචක්ක පවත්තන
සූත්‍රය, අරියවංශ සූත්‍රය, අනාගත භය සූත්‍රය, මුනි සූත්‍ර, නාලක
සුත්‍රය, සාරිපුත්ත සූත්‍රය සහ රාහුල හිමියන්ට දුන් අවවාද වශයෙන්
හඳුනාගෙන ඇත.
මේ අනුව පෙනී යන්නේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය බුදුන් වහන්සේ අනුදැන වදාළ
නොමැති බැව් අශෝක රජතුමා පසක් කරගෙන සිටි අතර මස්කි අංක එක ලිපියේ
(වාක්‍ය 7 ක් සහිත) තෙවැනි වාක්‍යයේ අශෝක රජතුමා මෙසේ පවසයි. මා බුද්ධ
ශ්‍රාවකයකු වීමෙන් අනතුරුව තවද පස්වැනි වාක්‍යයේ මෙසේ කියයි. ‘වසරකට හා
එයට වඩා මා සංඝය වෙත පැමිණ සර්ධාව දක්වා’ එකම සෙල් ලිපියක ඇති දෙආකාර
වාක්‍යයන්ගෙන් ගම්‍ය වනුයේ අශෝක රජතුමා යම් කාලයක් විහාරස්ථාන ඇසුරේම
සිටි බවත් ඒ අනුව සූත්‍ර දේශනා ගැන මනා අවබෝධයක් ලබා සිටි බවත් ය.
බුද්ධ ප්‍රතිමා නිර්මාණය භාරතයේ සිදු වූයේ පළමුවැනි තෙවැනි ශත වර්ෂ තුළ
බැව් පැහැදිලි වේ.
මිහිඳු මහ රහතන් වහ්නසේ ශ්‍රී ලංකාවට සිය භික්ෂූ පිරිස සමග වැඩම කළ විට
වැඩසිටීමට රජතුමා මාලිගාවේ කොටසක් සැපයූ අතර එය අයෝග්‍ය බැව් දැන්වූ
පසු කඩිමුඩියේ මැටි වලින් තනා ගිනි පුළු අතුවලින් වියලි කරන ලද කාල
පසාද නමැති තාවකාලික ආරාමයක් ඉදිකරන ලදී. පසුව පළමු සූත්‍ර දේශනාව සිදු
කළේ චුල්ලහත්ත පදෝම සූත්‍රය. ශුද්ධ පවිත්‍ර කළ ඇත් ගාලයේය. දින 26 ක්
අනුරාධපුර වැඩ සිටි වස් සමය ගත කිරීමට සිදුවූයේ ශුද්ධ පවිත්‍ර කාල
විස්සක පබ්බත (පසුව මිහින්තලේ) ස්වාභාවික ලෙන් තුළය.
වෙහෙර විහාර තැනීමට මුල්‍ය පහසුකම්ද, කර්මාන්තකරුවන්ද, මුදල් වැය
කිරීමට මධ්‍ය ප්‍රදේශයේ නම් මාතෘභූ®මියේ උජ්ජේති හා වීදිය සිට සිය
දෙමව්පියන්ගේ ඥාතීන්ට ධනවත් වෛශ්‍ය සෙට්ඨින්ද ඔවුන්ගේ යටතේ් පවත්නා
කර්මාන්තකරුවන් ගේ ශ්‍රේණි 18 ක් ද කැඳවනු ලැබීය. මෙම කර්මාන්තකරුවන්
අතර දන්තකාරීහු (ඇත්දත් නිර්මාණකරුවන්) ද පැමිණියහ. මෙම දන්තකාරීන්
පසුකාලීනව සාංචි ස්තූ®පයේ තොරන්ද කැටයම් කළ අය වූහ.
දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයට (ක්‍රි.පූ 247 - 207) පෙර ශ්‍රී
ලංකාවේ පැවතියේ යක්ෂ වන්දනාවයි. යක්ෂ මූර්ති කිසිවක් නොතිබුණි.
කම්මකාර දේව, කාලවේල, චිත්තරාජ, සාත්තිශාල නමැති පූජාස්ථාන පාණ්ඩුකාභය
රජදවස (ක්‍රි.පූ 377 - 307) තිබු බැව් මහාවංසයේ සඳහන් වේ. මෙම තත්ත්වය
අනුව බුදුදහම වැලඳගත් මෙරට සැදැහැවතුනට බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයකු
බවත් එය වටහාදීමට මිහිදු හිමියන් උත්සුක වූ බවත් දන්ත කාරීන් ලවා බුද්ධ
ප්‍රතිමාවක් නිර්මාණය කරවා ගත්තා විය හැකිය.
මෙය සනාථ කිරීම ඉවහල් වනුයේ මතු දැක්වෙන සාක්‍ෂීන්ය. මහාවංසයේ සඳහන් වන
අන්දමට බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවේ මූර්තිවනුයේ ක්‍රිපූ 3 වැනි
සියවසේය. මහාවංසයේ ( xxxvi 128 ) විශාල හා අලංකෘත ශෛලමය බුද්ධ
ප්‍රතිමාවක් දේවානම් පියතිස්ස රජතුමා ථූපාරාමයේ (පළමු ස්තුපයේ) තැන්පත්
කළ බැව් සඳහන් වේ. තවද එම බුද්ධ ප්‍රතිමාව නොහොත් ‘උරුශිලාපථමා’
ජෙත්තතිස්ස රජතුමා (ක්‍රිව 323 - 333) ථූපාරාමයෙන් එම බුද්ධ ප්‍රතිමාව
නොහොත් සමාධි බුද්ධ ප්‍රතිමාව ඉවත් කර පාචීනතිස්ස පබ්බත විහාරයේ
තැන්පත් කළ බැව්ද සඳහන්ය. (මහාවංස xxxvi
129) මෙහි සඳහන් පාවිනපබ්බත
යනු අනුරාධපුර නුවරවැව අසල ඇති විහාර නටබුන්ය.
දෙවැනි සේන රජතුමා (ක්‍රිව 851 -885) සමාධි පිළිම මන්දිරය පිළිසකර කළ
අතර රජබිසව එහි අගනා නිල් පැහැති මේල පළඳනාවක් ප්‍රතිමාවට පූජාකර ඇත.
(මහාවංසය 11 77.78) මෙම සමාධි පිළිමය විවිධ නාම වලින් මූලාශ්‍රවල
හඳුන්වා දී ඇත. එනම් මහා ශිලාපට්මා, ශීල පට්ටා, උරුශිලාපට්ටා, ශීල
සන්ථු, ශීලමය බුද්ධ, ශීලමය මුනින්ද සහ ශීලමය මහේෂි. මේ අන්දමට විස්තර
වන අන් කිසිදු බුද්ධ ප්‍රතිමාවක් අනුරාධපුර, පොළොන්නරුව හෝ මාගම නොතිබූ
බැවින් මෙසේ වංශ කථා මූලාශ්‍ර වල සඳහන් ප්‍රතිමාව සැකයකින් තොරව
ක්‍රි.පූ තෙවැනි සියවස මූර්තිමත් කළ ලොව පළමු බුද්ධ ප්‍රතිමාව වූ
අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාවම වේ. (මහාවංශ
xxxvi 129 -
xxxvii 123 -
xxxviii 61-
xxxix 7 -
xlir 68 -
xli 77 )
මිහින්තලේ පස්වැනි මහින්ද රජුගේ (ක්‍රිව 956 - 972) පුවරු ශිලා ලේඛනයේ
මෙසේ සඳහනි.
‘මංගුල් - මහ- සලඣී පිළිම’
(මංගල - මහ- ශිලා- පට්ටා)
තවද ජේතවනාරාම පුවරු ලේඛනයේ එම රජතුමාගේම මහ - සල- පට්ටා (විශාල ශෛලමය
ප්‍රතිමාව) ගැන සඳහන් වනුයේ අති මහත් අලංකාරය මැනීමක් ලෙසය. (ශිලා ලේඛන
සංග්‍රහය 1. පිටු 218 - 219 - 233)
මේ අනුව පසක් වනුයේ අනුරාධපුර සමාධි පිළිමය ලෝකයේ ප්‍රථම බුද්ධ
ප්‍රතිමාව බවයි. භාරතීය බුද්ධ ප්‍රතිමා පසුකාලීන ගන්ධාර හා මථුරා
ශෛලීයට අනුරූපය.
මෙම ශ්‍රී ලාංකීය මූලාශ්‍ර වලට අමතර ක්‍රිව පස්වැනි සියවසේ ශ්‍රී
ලංකාවට වැඩි චීන ජාතික පාහියන් හිමියන්ද මෙ සමාධි බුද්ධ ප්‍රතිමා
වහන්සේ අභයගිරි විහාරයේ දී දුටු බැව් සිය දේශාටන වාර්තාවේද සඳහන් කරයි.
(ශිලා ලේඛන සංග්‍රහය - 1 පිටුව 230 ) |