[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිතේ සොම්නස උපදවන ධර්ම

සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහ දා වදාළ දානමය පින්කමක් සිදුකිරීමේ දී දන් දෙන දානපතිතුමා (දායක පක්ෂය) සීලවන්ත ව සිටීම එම දානය මහත් ඵල වීමට හේතු වන එක් අංගයක්. දන් දෙන දායක පින්වතුන් තම තමාට අයත් නිත්‍ය ශීලයක හෝ, ගිහි පින්වතුන් වශයෙන් නම් පංචශීලයේ හෝ, අධිශීල සංඛ්‍යාත උපෝසථ අටශීලයේ හෝ දස ශීලයේ හෝ පිහිටා ගෙන එම දන් පින්කම් සිදුකරනු ලබනවා නම්, ශීලයේ පිහිටා දෙනු ලබන දානය නොවරදවා ම මහත් ඵල මහත් ආනිශංස ගෙන දෙන පින්කමක් බවට පත් වෙනවා. දානමය පින්කම මහත්ඵල වීමට අවශ්‍ය වන ඊළඟ කරුණ නම්, දානය පිළිගනු ලබන ප්‍රතිග්‍රාහක පක්ෂය ශීලවන්ත වීම. චිත්ත සන්තානය ප්‍රසන්න වීම. කර්ම ඵල විශ්වාස කිරීමේ නුවණින් යුක්ත වීම. මේ කරුණු අතරින් සම්පාදනය කළ යුතු කරුණු තුනයි අපට අවශ්‍ය වන්නේ. ඒ මොනවා ද? දාන වස්තුව ධාර්මිෂ්ඨ කර ගැනීමත්, චිත්ත සන්තානය ප්‍රසන්න කර ගැනීමත්, නිරන්තරයෙන් ම ඤාණ සම්ප්‍රයුක්ත ව එම කුසල ක්‍රියාවල යෙදීමත් යන තුන යි. වස්තුව ධාර්මිෂ්ඨ වීම ගැන අමුතුවෙන් සිතන්න අවශ්‍ය නැහැ. දානපතිතුමා ශීලවන්ත නම්, ධාන වස්තුව පරම ධාර්මිෂ්ඨවයි උපයා සපයා ගනු ලබන්නේ. එබැවින් ධාර්මිෂ්ඨ දාන වස්තුව එයින් ම සම්පූර්ණයි.

 


අමාවක

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00න් ගෙවේ.
10 බ්‍රහස්පතින්ද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

Second Quarterඅව අටවක

‍‍‍ඔක්තෝබර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]