ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලවාය නගරයේ සිට තණමල්විල පාරේ අංක 48 වැනි සැතපුම් කණුව අසලින් හැරී සැතපුම් හතරක් පමණ ගිය විට බුදුරුවගල ඓතිහාසික පුදබිමට ළඟා විය හැකි ය. ගල් කුලක නෙළා ඇති මෙරට ඇති උසම බුද්ධ ප්‍රතිමාව මෙම පුදබිමේ පිහිටා ඇති අතර, සමභංග ඉරියව්වෙන් හා දකුණතින් අභය මුද්‍රාව නිරූපිත මෙම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 51ක් පමණ උසකින් අර්ධ උන්නත ව නෙළා ඇත. මෙම බුද්ධ ප්‍රතිමාවේ සිවුරේ රැලි බදාමයෙන් නිමවා ප්‍රතිමා වහන්සේ සුදු, රතු, කහ සහ දුඹුරු ආදී වර්ණවලින් හැඩ ගන්වා තිබූ බවක් පෙනේ. මේ ප්‍රතිමාව මහායාන බුදු දහමේ එන ධ්‍යානී බුදුවරයකු වන අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් යැයි කඹුරුපිටියේ වනරතන හිමියෝ අදහස් කරති. මෙම ප්‍රතිමාව දෙපස තවත් ප්‍රතිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රතිමාවට දකුණු පසින් අඩි 25ක් පමණ උසට සමභංග ඉරියව්වෙන් හා දෙඅත්වලින් කටක මුද්‍රාව නිරූපණය කොට, දෝතියක් ඇඳ සිටින ආකාරයෙන් නෙළා ඇති අවලෝකිතේෂ්වර නාථ බෝසත් ප්‍රතිමාව බදාමවලින් පිරියම් කොට සුදු පැහැ ආලේප කොට ඇත. අවලෝකිතේෂ්වර නාථ බෝධි සත්ත්වයන් මැදි කොට ගෙන වම් පසින් අඩි 21ක් පමණ උසට ස්ත්‍රී ලාලිත්‍යයෙන් ත්‍රිභංග හිටි ඉරියව්වෙන් සහ උඩුකය නිරුවත් ව තාරා දෙවඟනගේ ප්‍රතිමාව සහ දකුණු පසින් උසින් මීටර 6ක් පමණ වන වම් අතින් යම්කිසි මුද්‍රාවක් පෙන්නුම් කර සුදන කුමරුගේ ප්‍රතිමාව වේ. වම් පසින් මෛත්‍රී බෝසත් රුවක් සහ දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවක් ද, හඳුනා ගැනීමට අපහසු වෙනත් රුවක් ද වේ.
සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00න් ගෙවේ. 10 බ්‍රහස්පතින්ද සිල්
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
පසළොස්වක
සැප්තැම්බර් 25
අව අටවක
ඔක්තෝබර් 03
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]