[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

A_Caption

 

ඉවසීමේ ශක්තිය හා සූදානම් ශරීරය

ඉඳගෙන ඇස් දෙක වසාගෙන, අතක් උඩ අතක් තබාගෙන ඉන්නවා වගේ නොවෙයි, ඇවිදින කොට ඇස් පේනවා. ශබ්ද ඇහෙනවා. කයටත් විවිධ දැනීම් දෙනවා. ඊටත් වඩා වැඩියෙන් එදිනෙදා වැඩ කරන කොට තවත් අමතර දේ මේකට එකතු වෙනවා. බොහෝ විට පවුලේ අය, යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. විවිධ කටයුතුවල යෙදෙනවා.

ඒවා ඇවිදිනවා වගේ පුංචි සරල ක්‍රියා නෙමෙයි. ක්‍රියා රාශියක් සිදු වෙනවා. එහෙම ක්‍රියා රාශියක් සිදු වෙන කොට එන්න තිබෙන, සිදු වෙන්න තියෙන අමනාප අවස්ථා, අමිහිරි අවස්ථා, බලාපොරොත්තු නැති අවස්ථා වැඩියි.

බාහිරෙන් එන අරමුණු වැඩි නිසා ඒ වගේ වෙලාවක සතිය පිහිටවන්න අමාරුයි. නමුත් එහෙම වෙලාවක වුවත් අවිරුද්ධ ප්‍රතිපදාව ගැන අහපු, කරදර නැති තැනක, පහසු තැනක, පහසු වෙලාවක සතිය වඩපු, ඒ වගේ ම ඉඩ පහසුව ඇති තැනක සතියෙන් ඇවිද අපන්නක ප්‍රතිපදාව, අප්‍රමාද ප්‍රතිපදාව පුරුදු කරපු කෙනාට ගෙදර දොරේ වැඩ කටයුතු කරන වෙලාවෙත් සතියේ වඩා වර්ධනයක්, දියුණු කිරීමක් කර ගන්න පුළුවන්. මේ ඇත්තෝ එහෙම පුරුදු කර නැත්නම් හිතන්න එපා අපි එහෙම පුරුදු කර නැති නිසා මේ ලිපිය අපිට ප්‍රයෝජනවත් නොවෙයි කියා. සමහර කාර්ය බහුල පිරිස් ඉන්නවා මුලින් ම මේ වගේ එදිනෙදා වැඩවල දී මේ වගේ ක්‍රියාකාරකම් නිසා සතිය පුහුණුවීම ආරම්භ කරන අය. ඒ නිසා දිගට ම කියවා ගෙන යන්න.


අමාවක

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00න් ගෙවේ.
10 බ්‍රහස්පතින්ද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

Second Quarterඅව අටවක

‍‍‍ඔක්තෝබර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]