[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

දැහැමි ජීවිතයටත් කරදර වැඩි ඇයි?

සමාජයෙහි එදිනෙදා කතාබහ තුළ නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් වනුයේ, “පිනක් දහමක් කරගෙන ඉන්න අපට ම තමයි කරදර වැඩි. නරකයි කියන වැඩ කරන මිනිස්සු හොඳින් ඉන්නවා. යන්නයි. පින්කම් සිදුකරමින්, අකුසලයෙන් ද වැළකී යහපත් දිවි පෙවෙතක් ගතකරන ඇතැමකුට බොහෝ කරදර පීඩා විඳින්නට සිදුවන බව අපට අසන්නට ලැබේ. එසේ නම්, කුසල් කිරීම නවත්වා කා බී සිතු සේ ජීවත් වෙමුද? නැත. කුසල චිත්තයකින් සැමවිට ම, යහපත් විපාකයක් ද, අකුසල චිත්තයකින් සැමවිට ම, අයහපත් විපාකයක් ද ලැබෙන නමුත්, “පින්කමක් සිදු කළා” යන්නෙන් මෙතැන් පටන් ජීවිතයේ කරදර පීඩා අවසන් වේ යන්නක් ප්‍රකාශ නොවේ. එලෙස, කළ පින්කමකින් අප බලාපොරොත්තු වන ආකාරයේ කුසල ශක්තියක් ගොඩනැඟීම වළක්වන, අප එදිනෙදා සුලභ ව සිදුකරන වැරදි ක්‍රියාකලාප කිහිපයක් පහත විස්තර කරමු. ප්‍රබල සිතිවිල්ලකින් තොරව කුසල් කිරීම - අප එදිනෙදා ජීවිතයේ දී සිදුකරනු ලබන ක්‍රියා රැසකට කුසල් හෝ අකුසල හෝ සිතිවිලි මූලික වේ. යම් ක්‍රියාවක් සිදුකිරීමේ දී බොහෝවිට එකම ආකාරයේ සිතිවිල්ලක් නොව කුසල හෝ අකුසල හෝ දෙවර්ගයට ම අයත් සිතිවිලි විවිධ ප්‍රබලතාවන්ගෙන් හටගනී. එහෙයින්, යම් ක්‍රියාවක සමස්ත ප්‍රතිවිපාකය තීරණය වනුයේ වඩාත් ප්‍රබල ව පැවති සිතිවිල්ලෙහි ස්වභාවය මත ය. වර්තමානයේ බොහෝ දෙනා නොයෙක් ආකාරයේ පින්කම්හි නිරත වුව ද, ඒවා බොහෝමයක් හුදු ක්‍රියා බවට පත්කරගෙන තිබේ. මෙම පින්කම් බොහෝමයක් සිදුකරනුයේ විවිධ ලෞකික අභිමතාර්ථ ඉටු කර ගැනීම පිණිස මිස, ශ්‍රද්ධාව සහ ධර්මය පිළිබඳ නිවැරැදි වැටහීමකින් හෝ, සිදුකරන පින්කම හෝ කුසල ක්‍රියාව පිළිබඳ සිහිකල්පනාවකින් හෝ නොවේ. සමාජයේ ඇතැමෙක් තම උගත්කම්, පිරිස් බලය, ධනවත් බව, සංවිධාන ශක්තිය ආදි දෑ ලොවට මවාපෑම පිණිසත්, තවත් පිරිසක් කාලය ගෙවා දැමීම පිණිසත්, විනෝදාස්වාදය පිණිසත්, අනෙක් අය කරන නිසා තමාට ද ඒවාට හවුල් නොවී සිටීමට ඇති නොහැකියාව නිසාත්, පින්කම් යැයි නම් තබාගත් ක්‍රියාකාරකම් කරති. ඔවුනට ඒවා, තම ජීවිතයේ තවත් එක් ක්‍රියාවක් ම පමණි.


ඇසළ  පුර අටවක

ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]