ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර අටවක පෝ දා 2026 මැයි 23 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගෞතම බුදුහු මෙයින් අවුරුදු දෙදහස් හයසියයකට පෙර (ක්‍රි.පූ.643) කෝසල රාජ්‍යයේ ප්‍රාදේශීය රාජ්‍යයක් වූ ශාක්‍ය රාජ්‍යයට අයත් ලුම්බිණි නමැති ස්ථානයේ සල් රුකක් යටදී උපත ලැබූහ. ශාක්‍ය රාජ්‍යයේ එවකට අගනුවර වූ කපිලවස්තුවේ රාජ කුමාරයකු ලෙස හැදුණ වැඩුණ එතුමා එකුන් තිස්වැනි වියේ දී ගිහි සැප හැර දමා පැවිදි ව සාවුරුද්දක් පුරා කරන ලද අත්හදා බැලීම්වලින් පසු ගයාවේ බුද්ධගයා නමින් හැඳින්වෙන ස්ථානයේ ඇසතු රුක් මුලදී සම්මා සම්බුද්ධත්වයට පත් විය. පන්සාළිස් වසක් මුළුල්ලෙහි උන්වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම දේශනා කරමින් හා සංඝ සංස්ථාව ගොඩනඟමින් සිට උපතින් අසූ වැනි වියේදී කුසිනාරාවේ සල් රුක් දෙකක් යට දී පිරිනිවියහ. ථෙරවාද බෞද්ධ කලාකරුවන් විසින් ප්‍රධාන වශයෙන් වස්තු කොටගෙන ඇත්තේ එම බුද්ධ චරිතයත්, ජාතක කතාවලින් හෙළිවන බෝධිසත්ව චරිත හා වෙනත් සමහර ඓතිහාසික සිද්ධීනුත් ය. ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍යයන් කේන්ද්‍ර කොටගත් බෞද්ධ කලාවේ ඉහත සඳහන් වස්තු විෂයය ජීවමාන බෞද්ධ සම්ප්‍රදායයන් විසින් කාලයටත්, දේශයටත්, සමාජයටත් උචිත රටා යටතේ විකාශනයට පත් විය. සම්බුද්ධ රජාණන් වහන්සේ හා සම්බන්ධ ත්‍රිවිධ චෛත්‍ය බෞද්ධයන්ගේ පූජනීය වස්තූන් බවට පත්විය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ම උන්වහන්සේ ජේතවනාරාමයේ නැති අවස්ථාවල එම පුරප්පාඩුව පිරවීමට සුදුසු එකම වස්තුව වශයෙන් තෝරාගෙන තිබුණේ ආනන්ද බෝධිය යි. බුදුරජාණන් වහන්සේගේම අනුදැනුම ඇතිව ජේතවනාරාමයෙහි රෝපණය කරවන ලද ආනන්ද බෝධිය, ශ්‍රී මහා බෝධියේ ම බීජයකින් හටගත්තකි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී මිහිඳු මා හිමියන් විසින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරවීමෙන් ද, ථූපාරාම දාගැබ ගොඩනැංවීමෙන් ද, මෙරට බුදුරජාණන් වහන්සේගේ නියෝජනය පිළිබඳ අඩුව පිරිමසා ගන්නා ලදි.
මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ. 23 සෙනසුරාදා සිල්
පුර අටවක
මැයි 23
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]