[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අමෙරිකාවේ බුදු දහම ස්ථාපිත කිරීමට තවත් මං පෙතක්

අමෙරිකාවේ බුදු දහම ස්ථාපිත කිරීමට තවත් මං පෙතක්


හේනේපොල ගුණරතන
මහ නා හිමි


ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමි

1960 දශකයේ මෙරට සිට අමෙරිකාවට වැඩම කළ හේනේපොල ගුණරතන මහ නා හිමියන් විසින් විශාල සංස්කෘතිමය පෙරළියක් අමෙරිකාවේ ඇති කරන්නට සමත් විය. උන්වහන්සේ එරට ජනතාවට භාවනාව හඳුන්වා දුන්නේ දර්ශනයක් හෝ ආගමක් ලෙස නොව ජීවන ප්‍රතිපදාවක් ලෙසිනි.

විශේෂයෙන්ම 1985 වසර වන විට අමෙරිකාවේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ස්ථාපිත වූ එම භාවනා මධ්‍යස්ථානය අමෙරිකාවේ බොහෝ පෙදෙස්වල ජනතාව අතරට ගියේ තමන්ට ජීවන සුව පහසුව සලසන මානසික සුවය ලබාගත හැකි ස්ථානයක් ලෙසිනි. එදා ඒ ඇරැඹි ගමන් මඟ අද වන විට අමෙරිකාව පමණක් නොව ලෝකයේ ම කතාබහට ලක්ව ඇති භාවනා මධ්‍යස්ථානයක් බවට පත් විය.

වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි මෙම භාවනා මධ්‍යස්ථානයේ තවත් සුවිශේෂී දිනයක් එළැඹෙන වෙසක් මස 2 වැනි දා සිදු කෙරේ. ඒ ‘භන්තේ ජී හෙරිටේජ් මධ්‍යස්ථානය‘ හෙවත් (ගුණරතන නාහිමි වෙනුවෙන් ) Bhante G Heritage Center (BGHC)  විවෘත කිරීමයි.

එදින පැවැත්වෙන මේ උත්සවයට වැඩි වශයෙන් සහභාගි වන්නේ අමෙරිකානු ජාතිකයන් වීම විශේෂත්වයයි.

වර්ග අඩි 6000කට වැඩි ප්‍රමාණයකින් යුත් මෙම මධ්‍යස්ථානයේ අරමුණ වන්නේ භන්තේ ජී නමින් හඳුන්වන ගුණරතන මහ නාහිමියන් විසින් සිදු කළ සේවාව ඉදිරියට පවත්වාගෙන යාමත්, උන්වහන්සේ විසින් මේ දක්වා සිදු කළ සේවා අනාගත පරම්පරාවට දැක ගැනීමට හැකිවන පරිදි සංරක්ෂණය කිරීමත් ය.

මෙමඟින් බුදු දහම හදාරන සිසුන්ට, පර්යේෂකයන්ට, භාවනානුයෝගී ව කටයුතු කරනු ලැබීමට කැමැති පිරිසට විශේෂිත සේවාවක් ලබාගත හැකි වන්නේ ය.

මේ මධ්‍යස්ථානයේ පළමු මහලේ නවීන ඉගෙනුම් හා භාවනා අවකාශ ඇතුළත් ව සියලු පහසුකම් සහිත පුස්තකාලයක්, ධර්ම දේශනා සඳහා Audio-Visual  සහිත රඟහලක්, විශේෂිත කාර්යාලක් හා කෞතුකාගාරය ස්ථාපිත කර ඇත. දෙවැනි මහල භික්ෂූන් වහන්සේ සඳහා නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, විශේෂ පහසුකම් සහිත කාමර 2ක් ද ඇතුළත් ය.


Bhante G Heritage Center හි කෞතුකාගාරයේ කොටසක්

මේ වන විට 98 වැනි වියෙහි පසුවන ගුණරතන මහ නා හිමියන් විසින් රචිත කෘති සංඛ්‍යාව ද අතිවිශාල ය. උන්වහන්සේ විසින් රචිත Mindfulness in Plain English කෘතිය ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතියකි. එය භාෂා 50කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. තායිලන්තයේ පාසල් විෂය මාලාවට ද එම කෘතිය ඇතුළත් කර තිබේ.

ගුණරතන නා හිමියන් විසින් සිදු කළ එම සේවාව අඛණ්ඩ ව වැඩි දියුණු කර ඉදිරියට රැගෙන යාම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව නා හිමියන් විසින් සිදු කරනු ලැබේ.

Bhante G Heritage Center  උන්වහන්සේගේ සංකල්පයකි.

- තාරක වික්‍රමසේකර


මැයි 2 වැනිදා විවෘත කෙරෙන Bhante G Heritage Center

 
 

පුර පසළොස්වක

අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]