ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 01 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බදුල්ල, හපුතලේ, කන්දපල්ල කෝරළයේ නිකපොත සොඳුරු ගම් පියසෙහි අමරතුංග මුදියන්සේලාගේ මුතුබණ්ඩාර හා රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ යන සැදැහැති දම්පතීන්ට දෙවැනි දරුවා ලෙස උපන්නේ අමරතුංග මුදියන්සේලාගේ විජයරත්න හෙවත් අප ඉදිරියට ඇගයුමට ලක්කරන නාහිමියෝ ය. බුදුරදුන්ගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධියට පත් සිරිලක් දෙරණ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට යටත් ව සිට එයින් නිදහස් වූ ලක්මවට නිදහසේ හුස්ම ගන්නට වරම් ලැබුණු වාසනාවන්ත දිනයෙහි නාහිමියන්ගේ මෙලොව ජන්ම ලාභය සිදු විය. පින්වත් කුල කුමරාට අත් පොත් තැබූවෝ කේ. ජී. මුදියන්සේ ගුරුතුමාණෝ ය. පුරාකෘත පුණ්‍ය මහිමයත්, ශ්‍රද්ධා සම්පන්න භාවයත් හේතුවෙන් හල්දුම්මුල්ල ශ්‍රී සුධර්මාරාමාධිපති පින්නලන්දේ ලංකානන්ද නාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලැබූ ඔහුගේ ගුණවත් දිවිපෙවත තවදුරටත් ප්‍රභාවත් විය. මනා නායකත්ව පෞරුෂයකින් හා චතුර වාග් කෞශල්‍යයකින් හෙබි විජයරත්න ශිෂ්‍යයා ගුරු සිසු දෙපිරිසගේ ම සිත් සතන් ප්‍රබෝධවත් කළේ ය. පුරාකෘත පුණ්‍ය බලය මුහුකුරා ගියේ සිය දෙගුරුන් දෙපා නැමඳ ආශීර්වාද ලැබූ පින්වත් කුල කුමරු එකල නිකපොත ශ්‍රී සුභද්‍රාරාමාධිපති ව වැඩ විසූ ගෞරවාර්හ උඩුබාදන රතනජෝති මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සහ මහරගම පමුණුව සුචරිතෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අඹේගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1962දී නිකපොත චන්දජෝති නමින් උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය. ආරාමික අධ්‍යාපනයෙන් ලැබූ ශික්‍ෂණය දැනුදු නාහිමියන්ගේ සතර ඉරියව්වේ ම මැනවින් විද්‍යමාන වේ. මූලික වත් පිළිවෙත් හා බණ දහම් ප්‍රගුණ කිරීමෙන් අනතුරුව ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ඉගෙනීම සඳහා බදුල්ල පොල්වත්ත ශ්‍රී සුමංගලාරාමයෙහි නේවාසික ව වැඩ වසමින් දිනපතා කයිලගොඩ ශ්‍රී සද්ධානන්ද පිරිවෙනට වැඩම කළහ. එහි පරිවේනාධිපති ධුරය හෙබවූ ඌව අමරපුර මහා නිකායේ මහා නායක ධුරන්ධර ව වැඩ විසූ මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත කණවැරැල්ලේ ශ්‍රී සුදස්සන මහා නායක මාහිමියන් වහන්සේ යටතේ සිංහල, පාලි, සංස්කෘත ඉතිහාසය ආදි පෙරදිග භාෂා ශාස්ත්‍ර මෙන් ම සමයාන්තර ඥානය, නූතන භාෂා ආදි අපරදිග ශබ්ද ශාස්ත්‍රයන් ද මැනවින් ප්‍රගුණ කොට ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම ආදී විභාගවලින් සාමාර්ථ ලැබූහ.
අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ. 01 සිකුරාදා සිල්
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]