ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර අටවක පෝ දා 2026 මාර්තු 25 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහ බෝසතාණන් වහන්සේ පූරිත පාරමී බල මහිමයෙන් මහා ප්‍රඥාවෙන් අවබෝධ කොට, පන්සාළිස් වසක් පුරා ලෝක සත්වයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් සුදේශිත ශ්‍රී සද්ධර්මය අනුපූර්ව ප්‍රතිපදාවෙකින් අනුගමනය කිරීමෙන් හා වැඩීමෙන් අවබෝධ කර ගත යුතු ය. එකී ධර්මය තුළින් ලොවුතුරා දහමින් සිත සනසා ගැනීමෙන් සත්වයාගේ චිත්ත සන්තානයෙන් සකල ක්ලේෂයන් මුලිනුපුටා දමා නිවන් සුවයෙන් සැනසීම උදාකර ගනී. මෙකී නිවන් සුව උපදවා ගැනීමට බලාපොරොත්තු වන සැම දෙනා විසින් සිය ශික්‍ෂණය සඳහා දේශිත ශික්ෂා මාර්ගය (හික්මිය යුතු පිළිවෙළ) අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා යන වශයෙන් තුන් ආකාර වෙයි. ආර්යය අෂ්ටාංගික මාර්ගය වශයෙන් ගැනෙන්නේ ද සප්ත විශුද්ධිය ලෙස පෙන්වා දෙන්නේ ද මෙකී තුන ම ය. අධිශීල ශික්‍ෂාව යනු උසස් ශිලයෙහි හික්මීම යි. ගිහියකු විසින් නිත්‍ය ශීලය වශයෙන් රැක්ක මනා - රැකිය යුතු ම වූ ශීලය පංචශීලය යි. එබැවින් ගිහියකුට පංචශීලය අධිශීලයෙකි. තවත් උත්සාහ ඇත්නම්, අටසිල් රැකිය හැකි ය. අටසිල් රකින්නාට පංචශීලය ශීලයෙකි. අට ශීලය අධි ශීලයෙකි. ගිහි දසසිල් රක්නාට දසසිල් අධි ශීලයෙකි. අටසිල් ශීලයෙකි. උපසම්පදා ශීලයෙහි ලා ගැනෙන ශීලය ම අධි ශීලයයි. එයට වඩා උසස් ශීලයක් නොමැත. මේ අනුව කය, වචන, සංවරය තුළින් උපදවා ගනු ලබන ශික්‍ෂණය හේතුවෙන් සිය චිත්ත සන්තානයේ සංවරය ඇති කර ගනු ලැබේ. අධිචිත්ත ශික්ෂාව නමින් හඳුන්වනු ලබන්නේ මේ සමාධිය යි. චිත්ත විසුද්ධිය යනුවෙන් ද හැඳීන්වෙන්නේ මෙම සමාධිය ම වේ. එහෙයින් සමාධිය යි කී කල බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නුම් කොට වදාළ ශික්ෂා ක්‍රමයෙහි තුනෙන් එකක් ගැණෙන බව පැහැදිලි ය. බුද්ධඝෝෂාචාර්යපාදයන් වහන්සේ විසින් ලියන ලද විශුද්ධි මාර්ග නම් මහා ග්‍රන්ථයෙන් පරිච්ඡේද 9 ක් ම වෙන් කොට ඇත්තේ මෙම සමාධිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ය.
මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ. 25 බදාදා සිල්
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]