[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බෞද්ධයාගේ අභිමානය

වරක් එක් සෙන් ශිෂ්‍යයෙක් තමාගේ ගුරුවරයා වෙත පැමිණ මෙසේ ඇසීය. “ගුරුතුමනි, මම ඉතාම ලස්සන, සශ්‍රීක රටක උපන් කෙනෙක්. මම දන්නවා අපේ රටේ ඉතිහාසය, උරුමය සහ සංස්කෘතිය ඉතා උතුම් බව. එහෙත් සෙන් දහම මට උගන්වන්නේ සියල්ල අනිත්‍ය බවත්, කිසිවකටත් බැඳීමක් නොතිබිය යුතු බවත් ය. එසේ නම් මා මව්බිම කෙරෙහි අභිමානයක් දැක්විය යුතු ද?” සෙන් ගුරුවරයා කිසිවක් නොකියාම ශිෂ්‍යයා උද්‍යානයට කැඳවාගෙන ගියේ ය. එහි තිබූ පැරණි ගසක් පෙන්වා මෙසේ ඇසීය. “මේ ගස බලන්න. මේ ගස මේ පොළොවේ ම මුල් බැසගෙන තිබේ. එය වෙනත් තැනකට යන්නට උත්සාහ කරන්නේ නැත. එහෙත් එය සූර්යයා දෙසට අතු විහිදුවා මුළු ලෝකයට ම සෙවණ සලසයි. මෙය අනිත්‍ය බව දන්නා නිසා ගස තමන්ගේ මුල් උගුල්ලාගෙන මිය යන්නේ නැත.” පසුව ගුරුවරයා මෙසේ පැවසීය: “ඔබ උපන් බිම යනු ඔබේ මුල් (අධධබඵ) ය. ඔබේ අභිමානය යනු එම මුල්වලට දක්වන ගෞරවය යි. ඔබේ මනස මුළු විශ්වය පුරා පැතිරෙන්නට ඉඩ හරින්න, නමුත් ඔබේ පාද තමන් උපන් පොළොව මත ස්ථිර ව තබන්න. තමන් උපන් බිම අමතක කරන තැනැත්තා මුල් කැපූ ගසක් වැනි ය. ඔහුට අන් අයට සෙවණක් වීමට නොහැක.” භූගෝලීය පදනම, එහි පාරිසරික වටිනාකම, සංස්කෘතික හරධර්ම, වටිනාකම් සියල්ල රටයි. ඒ නිසයි කෙනකුට තම උපන් රට වටිනා රටක් වන්නේ. තමන් උපන් භූමිය හෙවත් මාතෘ භූමිය පිළිබඳ ව අභිමානයක් තිබීම ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. එය හුදෙක් හැඟීම්බර වීමක් පමණක් නොව, පුද්ගලයකුගේ අනන්‍යතාව සහ වගකීම හා බැඳුණු කරුණක්. මාතෘ භූමිය ගැන අභිමානයක් තිබිය යුතු ප්‍රධාන හේතු කිහිපයක් වෙයි. අනන්‍යතාව සහ අයිතිවාසිකම එහි පළමු වැන්නයි. සෑම පුද්ගලයකුටම ලෝකය තුළ නිශ්චිත අනන්‍යතාවක් ලැබෙන්නේ තමන් උපන් රට, එහි සංස්කෘතිය සහ උරුමය හරහායි. තමන්ගේ මුල් (Roots) පිළිබඳ ආඩම්බර විය හැකි පුද්ගලයකුට ඕනෑම තැනක ආත්ම විශ්වාසයෙන් යුතුව පෙනී සිටිය හැකියි.


බක් පුර අටවක

මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]