ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර අටවක පෝ දා 2026 මාර්තු 25 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොලොන්නරු රාජධානියේ වැදගත් ඓතිහාසික ස්ථානයක් ලෙස පොත්ගුල් විහාරය හැඳීන්විය හැකි ය. මේ විහාර සංකීර්ණය බෞද්ධාරාම සංකීර්ණයකි. පොලොන්නරු පරාක්‍රමබාහු ප්‍රතිමාවට ආසන්නයේ ඉදිකොට ඇති මේ විහාර සංකීර්ණය පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 – 1186) විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ. වංශ කථාවල සඳහන් වන ආකාරයට ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ මෙය පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා කරවූ කපිල විහාරය විය හැකි බවයි. මෙරට අග නගරය පොලොන්නරුවෙන් විතැන් වීමෙන් සියවස් ගණනාවක් පුරා වල්බිහිව නටබුන් බවට පත්ව තිබූ මේ භුමිය එළිපෙහෙළි කළේ 1906දී බෙල් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. පුරාණයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් පාලි සහ සිංහල ග්‍රන්ථ රචනා කිරීම, සුරක්ෂිත ව තබා ගැනීම සහ අධ්‍යයනය කිරීමට මේ ස්ථානය භාවිත කළ බවට ද විශ්වාසයක් පවතී. පොලොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ සිට වැව් බැම්ම මාර්ගයේ කිලෝ මීටර් දෙකක් පමණ දකුණට ගිය විට පොත්ගුල් වෙහෙර පරිශ්‍රයට ළඟා විය හැකි ය. පොත්ගුල් විහාර පරිශ්‍රයේ ප්‍රධාන ස්මාරක දෙකකි. එයින් එකක් මේ පරිශ්‍රයට ඇතුළු වූ පසු වම්පසින් ගල් කුලක ද්විභංග ආකාරයෙන් බහු උන්නතව 12 වැනි සියවසේ දී පමණ නිම කරන්නට ඇතැයි සැලකෙන තේජාන්විත පුරුෂයකුගේ පිළිමයයි. මේ පිළිමය අඩි 11 අඟල් 6ක් පමණ උසකින් යුත් බොකුටු කොණ්ඩය හිස මුදුනේ බැඳී කේතු රූපාකාර ජටා මකුටයකි. දිගු උඩු රැවුල සහ යටි රැවුල මනාව සකස් කොට ඇත. සිරස නෙළා ඇත්තේ පැතලි නාසයකින්, පළල් තොල් සඟලකින් සහ දිගු කන් සහිතවයි. මඳක් ස්ථුල ශරීරයේ ළැම සහ උදරය පිටතට නෙරා ඇත. පිරිපුන් බාහුවලින් යුත් වැලමිටින් ඉදිරියට යොමු වූ දෙඅත්වලින් යමක් දරා සිටී. උඩුකය නිරුවත් ය. පිරිමි ගැටයක් යෙදූ පටියකින් රඳවා ඇති අලංකාර දුහුල් දෝතියකින් යටිකය සරසා ඇත. වම් කකුලට බරදී දකුණු කකුල නිදහස්ව ද්විභංග ආකාරයෙන් සිටී. සමස්තයක් ලෙස සලකා බලන විට ප්‍රතිමාව මැදිවිය ඉක්‌මවූ ශාන්ත සහ තේජාන්විත පුද්ගලයකු නිරූපණය කෙරේ. මේ ආකාරයේ නෙළා ඇති මෙරට දක්නට ලැබෙන එකම ප්‍රතිමාව මෙයයි. මෙය අග්නිදිග ආසියාවේ දක්නට ලැබෙන විශිෂ්ට ප්‍රතිමා නිර්මාණයක් බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහස මේ ප්‍රතිමාව සෘෂිවරයෙක් හෝ තාපසයකු හෝ පිළිබිඹු කරනවා යැයි මුලින් විශ්වාස කළ ද පසුව එය පරාක්‍රමබාහු රජතුමාගේ බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.
මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ. 25 බදාදා සිල්
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]