[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කඨින පින්කම්

කඨින පින්කම්

 

හබරණ පාවගස්වැව ආලෝක විහාරය

ඔක්තෝබර් 26, 27 දෙදින, කඨින පින්කම පැවැත්වේ. 26 සවස 6.00 ධර්ම දේශනාමය පින්කම 27 පාන්දර 2.00 ට පමණ කඨින චීවරය රැගත් පෙරහර සංචාරය කිරීම, 27 උදේ කඨින චීවරය මැසීම පඬුපෙවීම ආදී විනය කටයුතු සිදු කිරීම. 27 දා දහවල් ස්වාමීන් වහන්සේ 25 නමකට සාංඝික දානමය පින්කම පැවැත්වේ.

විහාරාධිපති හිමි මහරඹෑවැවේ පාලිත හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් මෙම පින්කම සංවිධානය කර ඇති අතර, පි‍්‍රයන්ත විජේසූරිය - හෝමාගම, පි‍්‍රයන්ත කුමුදුසිරි - කඩවත, විමලසේන රාජපක්ෂ - පළුගස්වැව යන මහත්වරු මෙම පින්කමේ දායකත්වය දරයි.

වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණිවංශකාරාම පුරාණ මහා විහාරස්ථානය

ධර්ම දේශනා මාලාව පිළිවෙළින් ඔක්තෝබර් 02 වැනි දා සිට කැලණියේ ශාසනවංස හිමි, සියඹලාගොඩ ධම්මින්ද හිමි, හිනිදුම චන්ද්‍රාලෝක හිමි, දෙහිපේ චන්දවිමල හිමි, යක්කල දම්මින්ද හිමි, වතුරුවිල සිරි සුජාත හිමි, බොරැල්ලේ අතුල අනුනායක නා හිමි, දොම්පේ ධම්මානන්ද හිමි, දොරොව්වේ ඥානරතන හිමි, කටුවන පියරතන හිමි, රත්නපුර නන්ද නා හිමි, පුස්සැල්ලයායේ චන්දිම හිමි, කොබෙයිගනේ මෛත්‍රී මූර්ති හිමි, විහාරාධිපති නා හිමි හා වැලිමිටියාවේ ඤාණරතනාභිධාන නා හිමි දම් දෙසුම් පැවැත්වූහ. 19 සර්ව රාත්‍රී පිරිත් දේශනාව, 20 ධර්ම දේශනාව යටියන ඤාණාවාස අනුනාහිමි.

මාවිත්තර සිරි තිසරණ ධර්මායතන

ගැටමාන්නේ හේමාලෝක නාහිමි අටවන වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම් මාලාව.

ඔක්තෝබර් 11 දා සිට දිනපතා රාත්‍රී 7.00 ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, දියතලාවේ පියදස්සි හිමි, දියසෙන්පුර විමල හිමි, කාව්‍යමය ධර්ම දේශනය නවගත්තේගම සිරි සුගත හිමි, මිරිස්සේ ධම්මික හිමි, නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි. 1කැලණියේ අජිත හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, නීතියාගම චන්දිම හිමි. 20 වැනිදා පස්වරු 2.00 ට කඨින චීවරය රැගත් මහා පෙරහර පැවැත්වේ. එදින රාත්‍රී 7.00 ධර්ම දේශනය රදාවඩුන්නේ ඥාණවිමල හිමි, රාත්‍රී 9.00 සිට සර්ව රාත්‍රික මහා පිරිත් දේශනය පැවැත්වේ. 21 වැනි අලුයම 5.00 ට කඨින චීවරය විහාරස්ථානයට වැඩම කරවීම. 21 වැනි දා පස්වරු 7.00ට කඨිනානිසංස ධර්ම දේශනය කැස්බෑවේ පඤ්ඤානන්ද හිමියන් විසින් පැවැත්වේ. කහතුඩුව ශ්‍රී නන්දනාරාමය

කහතුඩුව ශ්‍රී නන්දනාරාම කඨින මහා පුණ්‍යෙීත්සවය මෙම 18,19 දිනයන්හි පැවැත්වේ. විහාරාධිපති පෙතිගමුවේ සුමනතිස්ස හිමියන්ගේ අනුශාසනයෙන් කහතුඩුවේ ජගත් අබේසිංහ මහතා පින්කමේ ප්‍රධාන දායකත්වය දරයි.

කොබවක ශ්‍රී සුමනාරාමය

විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි “කඨින පූජා පින්කම් මාලාව“ නොවැම්බර් මස 09 /10 යන දෙදින පැවැත්වේ.

09 වැනි දින සවස 6.00ට ආශීර්වාද ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කම, 9 වන දින දිවා කාලයේ දී කඨින වස්ත්‍රය රැගත් රන්සිවි ගෙය සහිත රථය කොබවක ශ්‍රී සුමනාරාම දායක බලසීමාවේ ගමන් කිරීම, එදින රාත්‍රී 10.00ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර ආරම්භ වීම, 10 වැනි දින පෙරවරු 7.00ට කඨින වස්ත්‍රය පූජා කිරීම, පෙරවරු 11.00ට කඨින චීවරය සඟ සතු කොට පූජා කිරීම සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාව.

සංකල්ප විහාරය - පිළියන්දල

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම මෙම 28 සිට නොවැම්බර් 10 දින දක්වා පැවැත්වීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත. මීට සමගාමී ව ධර්ම දේශනා මාලාව ඔක්තෝබර් 28 සිට මකුරුප්පේ සෝමාලංකාර, තම්ජම්තැන්නේ ධම්මරංසි, හිඟුරේ පඤ්ඤාසේකර, අගලකඩ සිරිසුමන, පුස්සැල්ලේ චන්දිම, මැදිරිගිරියේ සිද්ධාර්ථ, හසලක සීලවිමල, කැලණියේ ශාසනවංශ, ගොම්බද්දල ධමිත, නීතියගම චන්දිම, බැරගම ඤාණසිරි, දියතලාවේ පියදස්සී හිමි දම් දෙසුම් පවත්වන අතර කඨිනානිශංස දම් දෙසුම රාත්‍රී 7.00ට මිරිස්වත්තේ ඉන්දසිරි හිමි විසින් පවත්වයි.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]