[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උහන ධම්මික නාහිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

උහන ධම්මික නාහිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

වර්ෂ 1964 අගෝස්තු මස 29 වැනි දා අම්පාර උහන අතලේ මුහන්දිරම්ලාගේ අමරදාස පියාණන් සහ දිගොඩගමගේ කුසුමාවති මෑණියන් යන දම්පතීන් මව්පියන් කොට මෙලොව එළිය දුටු අප කථානායකයාණෝ මූලික ගිහි අධ්‍යාපනය සිය ගම්වරයේ පිහිටි රජයේ පාසලෙන් ලදහ.

අමුපිටියේ ධම්මරංසි නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1974 ඔක්තෝබර් මස 08 වන දින උහන ධම්මික යන ශාසනික නාමයෙන් උතුම් පැවිදි දිවියට පත්ව වර්ෂ 1987 ජුනි මස 29 වන දින විදුරුපොල ශ්‍රී සුමංගලාරාම මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදා ප්‍රතිලාභය ලදහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවා ධම්මික හිමියෝ අම්පාර හිඟුරාණ සිරි ධම්මරතන මූලික පිරිවෙන් ගුරු සේවයට ඇතුළත් විය. පසුකාලීන ව රජයේ පාසල් ගුරු සේවයට පිවිසි මුන් වහන්සේ උප ගුරුවරයකු, නියෝජ්‍ය විදුහල්පතිවරයකු, විදුහල්පතිවරයකු ලෙසත් මේ දක්වා දැයේ අධ්‍යාපන පද්ධතියට සිදුකරන මෙහෙවර අමිල ය.

දමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරය, උඩරට මහා නිකායේ ප්‍රාදේශීය සංඝ සභාව ආදි සංවිධානවල නිළතල දරමින් ආගමික, ශාසනික හා සමාජයීය වශයෙන් මෙතෙක් සිදු කළ විශිෂ්ට මෙහෙවර අගය කළ උඩරට අමරපුර මහා නිකායේ මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක සංඝ සභාව මඟින් “ශ්‍රී ධම්මරංසි ධම්මාරාමාභිවංශ ශාස්ත්‍ර කීර්ති ශ්‍රී සංඝ සෝභන” යන ගෞරව නාම සම්මුතිය සහිත ව ස්ව නිකායේ අම්පාර මඩකලපුව දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා තිබේ. අභිනව නායක ස්වාමීන් වහන්සේට බොහෝ කලක් ලෝ සසුන් වැඩ වඩන්නට තුණුරුවන් සරණින් දිගාසිරි සුව ලැබේවා!

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]