[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙල්ලව සිරි පුඤ්ඤානන්ද මාහිමි 42 වැනි ගුණ සමරු පින්කම

දෙල්ලව සිරි පුඤ්ඤානන්ද මාහිමි 42 වැනි ගුණ සමරු පින්කම

අසූ වියේදී අපවත්වී වදාළ දෙල්ලව සිරි පුඤ්ඤානන්ද මාහිමිපාණන්ගේ හතළිස් දෙවැනි ගුණ සමරුව මේ මස 28 වැනි දිනට යෙදී තිබේ.

1900දී උපත ලබා 1914 දී අකුරැස්සේ ගොඩපිටියේ ජේතවන රාජමහා විහාරයේ දී පැවිදි බව ලද උන්වහන්සේ 1921 දී උපසම්පදාව ලැබූහ. උන්වහන්සේගේ ගුරුවරයා වූයේ ගොඩපිටියේ ශ්‍රී සෝභිත මාහිමිපාණන් ය.

ජාතික ආගමික හා සාමාජික වශයෙන් අතිවිශාල සේවාවක් සිදු කළ පුඤ්ඤානන්ද මාහිමිපාණන් 1981 නොවැම්බර් මස 28 වැනි දින අපවත්වී වදාළහ. අපවත්වීමෙන් වසර 42ක් සපිරීම නිමිති කරගෙන මෙම මස 25,26,27, සහ 28 යන දිනවල දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ සහ ශිෂ්‍ය පිරිසත් දායක සභාවත් කටයුතු සංවිධානය කර ඇත. අපවත්වී වදාළ අතිගරු දෙල්ලව සිරි පුඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 26 ඉරිදා අ.භා.
03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]